මීමැස්මොරය වැනි අසනීපයක් සෑදී දුම්රිය පාරේ වැටී සිටි සරසවි සිසුවකුගේ ජීවිතය බේරා ගැනීමට හෝමාගම පොලිසියේ සැරයන් සෙනෙවිරත්න (38403) සමත් විය.
මට්ටක්කුලියේ සාගර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවක් හදාරන මෙම සිසුවා හෝමාගම පිංකෙත සිට දුම්රිය පාරේ ගමන් කරද්දී පාරේ වැටී ඇති බවත් 119 ඇමතුමකින් පොලිසියට දැන්වූ වහා එහි ගිය සැරයන් සිසුවා පාරෙන් ඉවත් කර මිනිත්තු 5ක් යන්නට පෙර දුම්රියක් ගිය බවත් අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් දැන් බ්‍රිතාන්‍ය විදෙස් ආභාෂය ඇවිල්ලා. එහෙත් ඔහොම තමයි. එහාපැත්තෙ ඉන්න එකා වැටුනත් බලන්නේ නැහැ (නි)
ලංකාවටත් ගිය කල! මම දන්නා විදිහට එංගලන්තේ මිනිස්සු මේක කරනවා. හැබැයි ඒ අවස්ථානුකූලව (නි)
119 ඇමතුම ගන්න කාලය ගතකරන අතරේ ඇඟ උඩින් කෝච්චියක් ගියා නම්! පොලිසිය එනතෙක් සිසුවා රේල් පාරෙන් ඉවත්කරන්න උත්සාහ නොගන්න ඇත්තේ මහජනයාට බයක් සැකක් ඇතිවුණ නිසාද දන්නේ නැහැ. (නි)
ඉතින් ඔය පොලීසියට දන්වපු කෙනාට බැරිවුණාද එයාව රේල් පාරෙන් ඉවත්කරන්න? (නි)
රේල් පාරේ වැටිලා ඉන්න කෙනෙක් පාරෙන් ඉවත්කරන්නත් පොලිසියෙන්ම එන්න ඕනෑද ? පුදුම මිනිස්සුනේ ඒ පැත්තේ ඉන්නේ. (නි)
කෝල් එකක් 119 ට ගන්න පැයක් විතර ට්‍රයි කරන්න වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයට (කේ)