( ෂේන් සෙනෙවිරත්න)
ඉරිදා දිනයේ ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක් සාරියක් හැඳ නොතිබීම හේතුවෙන් ගුරුවරිය එම ස්ථානයෙන් පන්නා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල ගුරුවරිය විසින් කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .
ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයේදි අද(18) පැවති ගුරුවරුන්ගේ සේවා උසස්වීම්වලට නියමිත කාර්යක්ෂමතා කඩඉම් සපුරා ගැනීම සඳහා එම ගුරුවරිය පැමිණ සිටි අවස්ථාවේදී එම මධ්‍යස්ථානයේ කළමනාකරු විසින් අදාළ මධ්‍යස්ථානයෙන් එළවා දැමූ බවට එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලේ සඳහන්වේ .
කඩුගන්නාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරිය ජෙප්පනගේ පක්ෂයෙන් චන්දය ඉල්ලනව වෙන්න පුලුවන්.