ඉන්දික ද සේරම් (නොදැවී 89) සහ දිල්හාර ලොකුහෙට්ටිගේ (78) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 167 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීම නිසා මුවර්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට මුවර්ස් පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 310 ක් ලබා ලකුණු 248 ක් ඉදිරියෙන් සිටියේය.
තෙවැනි දිනයේ තරගය අවසන් වන විට ඉන්දික ද සේරම් පන්දු 171 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කර සිටියේය.
සිවුදින තරගයක් වන මෙම තරගයේ හෙට (08) සිවුවැනි සහ අවසන් දිනයයි.
මුවර්ස් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 262 (ෂෙහාන් ජයසූරිය 68, ඉෂාම් ගවුස් 31, හර්ෂ කුරේ 18, ජනක ගුණරත්න 42, ඉන්දික ද සේරම් 19, චතුරංග ද සිල්වා 51, ධනුෂ්ක ගුණතිලක 54/4, චරිත් ජයම්පති 49/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 310 (ෂෙහාන් ජයසූරිය 35, රජිත වික‍්‍රමාරච්චි 27, ඉන්දික සේරම් නොදැවී 89, චතුරංග ද සිල්වා 33, දිල්හාර ලොකුහෙට්ටිගේ 78, කසුන් මධුසංඛ 78/2, ධම්මික ප‍්‍රසාද් 61/3)
එස්. එස්. සී. පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 324 (තරංග පරණවිතාන 25, කෞෂාල් සිල්වා 171, තිළිණ කණ්ඩම්බි 33, ධම්මික ප‍්‍රසාද් 47, දිල්හාර ලොකුහෙට්ටිගේ 77/4, විමුක්ති පෙරේරා 86/3, මාලින්ද පුෂ්පකුමාර 72/2)
ඉන්දික ද සේරම්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම් තවම ලංකාවේ ක්‍රිකට් ගහනවද? හිතුවේ ලංකාව අතහැර ගිහින් කියලා..(ස)