IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සර්පයා එළියට

එක්සත් ජාතික පක්ෂයේම සමාජිකයකු වන කුරුවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි කේ කුලරත්නට ගිනිඅවියකින් පහරදුන්නැයි රිමාන්ඩ් කැර සිටි සරබගමු පළාත් සභාවට එජාපයෙන් මෙවර වැඩිම මනාප ගත් ටී එම් හසිත සමන්ත මුහන්දිරම් (සර්පයා) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස රත්නපුර මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය. කුලරත්න මහතාගේ නීතීඥ නිශ්සංක නානායක්කාර මහතා අධිකරණයට පැවසුවේ සර්පයා ගිනි අවියකින් පහර නොදුන් බවයි. දෙපාර්ශ්වයම මෙය බේරුම් කර ගැනීමට කැමති බව ද ඔහු කීවේය. සර්පයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කරුණාරත්න මහතා පැවසුවේ පොලීසිය සැලසුම් සහගතව නඩුව ගොතා ඇති බවයි. කුරුවිට පොලිස් ස්ථානාධිපති ආර් පී සිරිවර්ධන මහතා කියා සිටියේ සර්පයා ගිනි අවියකින් පහරදුන් බව කුලරත්න සිය කට උත්තරයේ සටහන් කර ඊට අත්සන් කර ඇති බවයි. එය වැරදි බව ඔහු දැන් කියන්නේ නම් පොලීසියට අසත්‍ය තොරතුරු සැපීම සම්බන්ධයෙන් කුලරත්නට එරෙහිව නීතිපති උපදෙස් ලබා ගන්නා බවයි.



අදහස් (0)

සර්පයා එළියට

අධිකාරී Saturday, 15 September 2012 12:58 PM

මේ රටේ මිනිස්සුන්ට ඕනි තරම් අනුවර්ත නාම තියෙනවා. අනික යමෙක්ගේ නිර්භීතකම හාස්ස්‍යට ලක්කල යුතුද? .(ස)

:       0       0

නිශාර්ඩ් Friday, 14 September 2012 04:54 PM

හැංගිලා තියෙන දේවල් එලියට එනවා (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:29 PM

මුගටියා හම්බවෙනකම් නයා සෙල්ලම් දාවි..(ස)

:       0       0

සිරී Saturday, 15 September 2012 01:19 PM

සර්පයා යනු ඔහු සර්පයන් සම්බන්ධව දැනුම හා අත්දැකීම් ඇති අයෙක් බවත් උසස් විදුහලක අධ්‍යාපනය ලබා ඇති අයෙක් බවත් මා අසා ඇත. මේ සම්බන්ධව දන්නා අයෙක් සිටිනම් විස්තර සටහන් කරන්න. .(ස)

:       0       0

බණ්ඩාර Friday, 14 September 2012 05:25 PM

පුරුද්ද ලොකුයි නේද (දී)

:       0       0

ප්‍රභාත් කුලරත්න Saturday, 15 September 2012 01:20 PM

ඡන්දෙ කාලෙට කලින් ඉදලාම සර්පයා අත්අඩංගුවට ගන්න තෙරම් උත්සාහ කළාද කියලා රත්නපුරේ ජනතාව නම් දන්නවා.. මොකද මෙහෙ මාමලා බෑනලට තිබුණ ලොකුම බාදාව තමයි මෙයා.. දැං සනීප ඇති..!!(නු)

:       0       0

විජය Friday, 14 September 2012 05:35 PM

මාලක සිල්වා ? (දී)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 14 September 2012 11:59 PM

මේක බොරු පැමිණිල්ලක් තමයි. මොකද? සර්පයෝ ගිනිඅවි ගෙනියන බව හිතන්න අමාරුයි. බොරු නං දන්න කෙනෙක්ගෙන් අහන්නකෝ. (නි)

:       0       0

අමිත් Saturday, 15 September 2012 02:30 PM

අයියෝ සල්ලි

:       0       0

ලක්ෂ්මන් Friday, 14 September 2012 06:04 PM

මොනවද කියන්නේ කොච්චර හංගගෙන හිටියත් වෙලාවක මතු වෙනවා (දී)

:       0       0

ලලිත් කටාර් Saturday, 15 September 2012 02:33 PM

සර්පයා.. වැඩි ඡන්ද.. ගුටිකෙලි.. මෙහෙමයි අපේ රටේ දේශපාලනය

:       0       0

සිල්වා Saturday, 15 September 2012 12:28 AM

කලබල වෙන්න එපා, ඔය සර තියෙන්නේ බොහොම ටික කාලයයි (දී)

:       0       0

කුමාර Friday, 14 September 2012 06:47 PM

සර්පයෙක් ගිනි අවියකින් ගහනවා ඇහුවමයි . (දී)

:       0       0

දිල්ශාන් Saturday, 15 September 2012 12:59 AM

පොලිසියේ ලොකු අය තමයි ඕවා දන්නේ. 'අයි ඩෝන්ට් නෝ වයි'. (නි)

:       0       0

සෙහාන් Saturday, 15 September 2012 01:04 AM

කුරු ගනින කොට ඔය සර අඩුවෙයි (දී)

:       0       0

ප්‍රසාද් අධිකාරී Saturday, 15 September 2012 01:11 AM

එඩිතර අලියෙක්. වෙලාව ආවාම පෙරහැරේ යයි.

:       0       0

රණසිංහ ප්‍රේමලාල් Saturday, 15 September 2012 02:04 AM

සර්පයා ඇතුලෙන් එළියට.. මාලක එළියෙන් එළියට

:       0       0

අන්ටෝන් Sunday, 16 September 2012 10:21 AM

තව ටික දවසකින් හරියයි (දී)

:       0       0

සමන් Saturday, 15 September 2012 03:49 AM

වැදගත් මනුස්සයෙක් අද කාලේ දේශපාලනයට එන්නේ නෑ...හැමෝම සත්තු සර්පයෝ වගේ තමයි .ඒකටම හරියන්න චන්ඩියෝ , .(ස)

:       0       0

කින් බෙනට් Friday, 14 September 2012 07:27 PM

ආයුදෙකින් පහර දීපු සර්පයා එලියට ආපුවම මොකද ළමයිනේ ..... ඔය පහුගිය කාලේ අවුරුදු 10 - 12 හේ ගෑනු ළමයින්ව ගිල්ල පිඹුරවත් නිකම්ම එලියට දාල තියෙන්නේ ... අන්න ඊයේද කොහෙද පිඹුර ආයෙත් රාජකාරි කරන්නත් පටන් ගත්ත කියන්නේ .... (දී)

:       0       0

ප්‍රසාද් මුතුකුඩ Sunday, 16 September 2012 11:36 AM

මෙයාලට වැඩිම මනාප දෙන අයටයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

නිමන් Friday, 14 September 2012 07:54 PM

සර්පයෙක් දැක්කොත් යවන්න එපා කියලයි අපේ මුතුන් මිත්තන් කියල තියෙන්නේ (දී)

:       0       0

රිස්මි Friday, 14 September 2012 08:06 PM

ඔය පටන් ගත්ත විතරයි (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:22 AM

'සර්පයොත් එක්ක බැහැ' (නි)

:       0       0

පෙරේරා Saturday, 15 September 2012 07:24 AM

'සර්පයා' කියන නම ඇහුවම ඡන්දය දීලා පත්කරගන්න හිතෙනවද ඔයාලට? (නි)

:       0       0

බබා Friday, 14 September 2012 08:52 PM

නියමයි. දැන් ගහ-මරාගන්නෙම එකම පක්ෂෙ කට්ටියමනේ... හරි ෂෝක්... (දී)

:       0       0

සන්තුෂ් Sunday, 16 September 2012 01:44 PM

සර්පයා පිළිබඳව කලවාන පැත්තේ ජනතාව හොඳින් දනී. මෙවැනි අයට ජනතාව ඡන්දය දෙන්නේ මන්ද යන්න විමසා බැලිය යුතුය. රත්නපුරයෙන් වැඩිම මනාප ලබාගත් මොහුට ඡන්දය දුන් සියළුම ඡන්දදායකයින්ගේ මොළය පරික්ෂා කළ යුතුය. (නි)

:       0       0

මාලා Friday, 14 September 2012 08:46 PM

ගණන් ගන්න එපා

:       0       0

මධු Saturday, 15 September 2012 07:32 PM

දේශපාලකයෝ විශ්වාස කරන්න අමාරුයි..!(නු)

:       0       0

මොහෙමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 15 September 2012 08:19 AM

වැඩිම චන්ද ටිකත් අරන් ඇත්තේ චන්ඩි කම නිසා වෙන්න ඇති.(නු)

:       0       0

බණ්ඩාර Friday, 14 September 2012 09:00 PM

මම මොකුත් නොකියමි

:       0       0

කුරුවිට Saturday, 15 September 2012 08:39 PM

ශ්‍රී දන්නෝ දනිති සර්පයෝ ගැන.. නමුත් මේ සර්පයාගේ දළ කඩලා ගොඩක් කල්..!!(නු)

:       0       0

කුරුවිට Saturday, 15 September 2012 08:43 PM

මෙයාගෙ කවුරුහරිද කොළඹ හෝටලයක් ළගදි පොලිසියෙන් අල්ලලා තිබුණෙ..!!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 09:39 PM

සර්පයාගේ ගැහැණු සතාට කියන්නේ මොකක්ද? ඉතිං කියන්නකෝ පෙනය පුප්පන්නේ නැතුව. (නි)

:       0       0

හර්ෂණ කටාර් Saturday, 15 September 2012 08:53 PM

අල්ලලා දළ දෙක ගැලෙව්වනම් චණ්ඩිකම් ඔක්කොම ඉවරයි.!!(නු)

:       0       0

වරුණ Friday, 14 September 2012 03:56 PM

මිනිස්සුන්ගේ උපන් හැටි (දී)

:       0       0

හේෂාන් Friday, 14 September 2012 03:54 PM

මොනවා කරන්නද. ඕක ඔහොම තමයි (දී)

:       0       0

කැටවල Friday, 14 September 2012 03:56 PM

එල්ලුම් ගහ...(ස)

:       0       0

හේෂාන් Friday, 14 September 2012 03:57 PM

ඔහු හොඳ මනුස්සයෙක්...(ස)

:       0       0

සිසිර Friday, 14 September 2012 04:13 PM

සර්පයෙක්නම් ඉතින් දෂ්ඨ කරන්නම ඇති ? .(ස)

:       0       0

රනා Friday, 14 September 2012 04:20 PM

කොහොමත් උපන් ගතිය හංගන්න බැහැ (දී)

:       0       0

මනොහරෙන් Friday, 14 September 2012 10:59 PM

බලය තියෙනකල් පුප්පයි (දී)

:       0       0

බුලන් Friday, 14 September 2012 04:26 PM

පව් අනේ ...පව් අනේ ... (දී)

:       0       0

Cooray Nawalage Jude Yohan Friday, 14 September 2012 11:08 PM

ඒවන්නද ගැරඩියා..!!(නු)

:       0       0

ෆා Friday, 14 September 2012 04:28 PM

ඔන්න ඉතින් ඕකනේ බැරි. මිනිස්සු ඡන්දෙ දෙයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 553 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site