ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය ”සිරි දළදාගමනය” ළඟදීම රිදී තිරයෙන් දැකගත හැකිය.
පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමියන් හා ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ සම නිෂ්පාදන කළ වන ”සිරි දළදාගමනය” චිත‍්‍රපටය ”ඊ.ඒ.පී. චිත‍්‍රපට” සමාගමේ ඉදිරිපත් කිරීමකි. මෙහි විධායක නිෂ්පාදනය නිහාල් සංජය ගෙනි.
”සිරි දළදාගමනය” චිත‍්‍රපටයේ දන්ත කුමරු ලෙස හේෂාන් මනුලත්, හේමමාලි කුමරිය ලෙස ප‍්‍රසාදි සමරකෝන්ද ප‍්‍රධාන චරිත නිරූපණය කරති. ඔවුන් දෙදෙනාගේම කුළුඳුල් චිත‍්‍රපට රංගනය මෙයවීම විශේෂත්වයකි. ප‍්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර 7කට පසු චිත‍්‍රපට රංගනයට එක්වීමද මෙහි තවත් විශේෂත්වයකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවෝ සංඝයා වහන්සේලා පත් කළේ නොමග ගිය මනුෂ්‍යයන්ව හරි මගට ගන්න, හරිමග කියා දෙන්න මිසක් චිත්‍රපටි නිශ්පාදනයට නොවේ. චිත්‍රපටි නිශ්පාදනයට තවමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ රත්තරන් මහත්වරු මේ සමාජයේ ඉන්නවා. (නි)
අනේ අපේ සිනමාවට ගිය කලක්. ඉතිහාසය විතරක් කන එකනම් හොඳයි.වර්ථමානය, අනාගතය නොකා.සල්ලි ටික සාක්කුවට වගේම ඔය චිත්‍රපටත් ඉතිහාසයේ කුණු බක්කියට තමයි. (ස)
කොයි තරම් හොදද මම යනවා බලන්න
ඉතා හොද වැඩක්
හොද වැඩක්
නළුවා රොෂාන් රණවන උනානම් හොඳයි (දී)
හාමුදුරු චරිතයට එයා කිසි වැඩක් නෑ (අ)
හොදයි.නමුත් හාමුදුරුවන්ගේ චරිතය ගැන තව ටිකක් හිතලා බැලුවොත් නේද හොද? (නි)
අනේ අපේ රොෂාන්‍ගේ හැටි. (නි)
මට නම් හිතෙන්නේ මේ චිත්‍රපටිය දළදා හාමුදුරුවන්ට කළ අපහාසයක් විදියටයි. තව ටික කාලෙකින් බුදු හිමියන්ගේ චරිතයටත් නලුවන් පෙනී සිටියිද දන්නේ නෑනේ මෙහෙම බලාගෙන යද්දී. (නි)
දැන් අපේ අනාගත පරපුරේ ළමයි විභාග වලට එහෙම පිළිතුරු සපයද්දි හේමමාලා සහ දන්ත කුමරු යනු කවුරුද ඇසුවොත් මේ නලු නිළි දෙපළගේ නම් කියයිද දන්නේ නැහැ. (නි)
ඔක්කොමත් හරි හාමුදුරුවන් තමයි පොඩ්ඩක් අප්සෙට්. ඒත් මේක බලලම තමයි හොඳ නරක කියන්න වෙන්නේ. (නි)
මම නම් හේමමාලා කුමරියට ඉන්න කෙනාට කැමති නැහැ (නි)
දේශීය සිනමාව උසස් තත්ත්වයකට ගෙන ඒමට ගන්නා උත්සාහය අගය කරනවා. කලාත්මක, නූතන තාක්ෂණික භාවිතාවන්ගෙන් ප්‍රයෝජන ගත් උසස් සිනමා රසවින්දනයක් බලාපොරොත්තුවෙන් අනාගතයට සුබ පැතුම්! (නි)
දන්ත කුමාරයයි, කුමාරියි නම් හරි ලස්සනයි. ඒත් හාමුදුරුවෝ? (නි)
අපි අපේ අයගේ වැරදි හදා ගතහොත් විතරයි ලෝකයක් හදාන්න පුළුවන් වන්නේ. ඉංග්‍රීසි ජාතිය පොදුවේ ගතහොත්ඒ අයට බණ කියලා වැඩක් නැහැ. කියන බණක් තේරෙන්නේ නැහැ. මනුෂ්‍යයන්ටයි කියන්න ඕනෑ. මේවට සෑම මිත්‍යාදුෂ්ඨික ආගම් රට රටවල්ම වග කියන්න ඕනෑ. ගොඩක් හාමුදුරුවරුන් තවම දන්නේ නැහැ වගේ සංඝයා වහන්සේ නමකගේ වගකීම. බුදුහාමුදුරුවන් සංඝයා වහන්සේලා පත් කළේ නොමග ගිය මනුෂ්‍යයන්ව හරි මගට ගන්න, හරිමග කියා දෙන්න මිසක් චිත්‍රපටි නිශ්පාදනයට නොවේ. චිත්‍රපටි නිශ්පාදනයට ලෙස්ට ජේම්ස් පීරිස් වගේ රත්තරන් මහත්වරු තවමත් මේ සමාජයේ ඉන්නවා.(නි)
නියම වැඩක් උතුම් උතුම් උත්සාහයක්.. මම මෑතකදි කැළණි විහාරයේ තියෙන හේමමාලා සහ දන්ත කුමරුගේ ඡායාරූපයක් ගත්තා.. මේ චිත්‍රපටය නැරඹීමට බලා සිටිමි...!!(නු)
කහසිවුරු ඇදගෙන පිණ්ඩපාත යන මුවාවෙන් දැන් දැන් සොරකමුත් කරනවා. මගේ ඇහැටම දැකලා තියෙනවා. ඒ නිසා සංඝයා වහන්සේලා විත්‍රපටි වලට ගාවා ගැනීමෙන් වළකින්න.පිණ්ඩපාතයේ වඩින සංඝයා වහන්සේ නමකටවත් දැන් කාලයේ පිණ්ඩපාතයේ වඩින්න බැහැ, පිණ්ඩපාතයේ වඩින සොරුන් හින්දා. (නි)
කවුද මේ හේමමාලි? දළදා වහන්සේ ලංකාවට වැඩම කෙරෙවුවේ නම් හේමමාලා කුමාරියයි. (නි)
කැළණි විහාරයේ චිත්‍ර ඒ විදිහටම අනුකරණය කරලා.. අපේ පෞඩ ජාතිය සිනහවට ලක්කරලා.. (නු)
දන්න කුමරු සහ කුමරිය නම් හරිම ලස්සනයි. (නි)
සමහර අය නම් හොදින්ම චරිත වලට ගැළපෙනවා (නි)
මෙහෙම නිර්මාණ තමයි අවශ්‍ය. ඉක්මණින් බලන්න ලැබෙනවා නම් කැමතියි. හැබැයි කුමරිය තව ටිකක් ලස්සන කළා නම් තමයි හොද. (නි)
"ඕක්කොමත් හරියි කියමු...හාමුදුරුවන්ට ඉන්න කෙනා දැක්කහම නිකන් මොකක්ද වගේ" ඔබ හරියටම හරි. මටත් හිතුනේ ඒකමයි... (ස)
චරිතෙට ගැලපෙන නළු නිලියන් සොයාගෙන නෑ වගේ. මට නම් හාස්‍ය රසයක් දෑනෙනවා (ස)
බලලම තමයි හොඳ නරක කියන්න වෙන්නේ ?(ස)
ඕක්කොමත් හරියි කියමු...හාමුදුරුවන්ට ඉන්න කෙනා දැක්කහම නිකන් මොකක්ද වගේ.......(ස)
ගීතා අක්කේ ඔයා කොහෙදෝ ..............................(ස)
මීට බොහෝ කලකට පෙර සිදුවන්න තිබුණු දෙයක්. පහුවෙලා හරි සිදුවීම සතුටක්. මේ උතුම් පුණ්‍ය කටයුත්තට සම්බන්ධ වූ සෝමා එදිරිසිංහ මැතිණිය ඇතුළු සියළු දෙනාටම තවතවත් මෙවැනි උතුම් කටයුතු වල යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! බුදු සරණයි! (නි)
මෙතුමා වැඩකට අත ගැහුවොත් ආයි ඉතිං අහන්න දෙයක් නැහැ.නියමයි. (නි)
ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්....(ස)
දන්ත කුමරු ලෙස හේෂාන් තෝරාගැනීම නිවැරදි බව පෙනෙනවා....(ස)
අපේ දෙයක්නේ ඔන්න ඔහේ බලමු (දී)
නරක උනත් හොද උනත් අපේ දෙයක් නේ (දී)
මටනම් හිතෙන්නේ මේක සම්පුර්ණයෙන්ම අසාර්ථකයි (දී)
කෝ අරයා නෑනේ අනේ...(ස)
හාමුදුරුවන්ට ගත්ත කෙනා ගැන කිසිම පැහැදීමක් නෑ (අ)
නළුවෝ ටිකනම් මාරු (දී)
හමුදුරුවන්‍ට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද අප්පා..... (ස)
ඒ කියන්නේ දැන් හාමුදුරුවරුන් චිත්‍රපට නිෂ්පාදනයට අත ගහලද? (නි)
හාමුදුරුවන්ට ඉන්න කෙනා දැක්කම නිකම් කොමිටෙල් රසයක් ආවා (දී)
අනේ බුදු අයියේ, අපිටත් ජාතික කතාවක් ඉතුරු කරන්නකෝ. (නි)
කමක් නැහැ කොහොම හරි අපේ ඉතිහාසයනේ (දී)
කරන්න ගත්තහම ඔක්කොම එකම දේ තමයි කරන්නේ. අලුත් දෙයක් කරන්න කෝ (දී)
සියල්ල නුවණීන් විමසන්න. (නි)
කවුරු කොහොම කිව්වත් කරපු දේ වටිනවා. අද සමාජය හේමමාලා දන්ත කුමාරු කවුදවත් කියලා දන්නේ නෑ. අපේ ඉතිහාසය මෙහෙමවත් දකින එක හොදයි. මේ අපේ අතීතයයි. මේ වගේ තිර රචනා තව කරන්න ධෛර්ය ලැබේවා. බුදුසරණයි. (ත)