එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම මැයි 17 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීන්දු කළේය.
ෆොන්සේකා මහතා වෙනම පක්ෂයක නායකයෙකු වන බැවින් එ.ජා.ප අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දැක්වේ. එම පත්වීම නීතිවිරෝධී බවත් එම පත්වීම අහෝසි කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.
ප්රියසාත් ඩෙප් ,ප්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොදට ගෞරවාන්විතව රටේ ඉන්න පුළුවන් චරිත යක් ද මේ දේශපාලන මඩ ගොහොරුවේ වැටි නන්නත්තාර වෙන්න දගලන්නේ,කලින්නම් මේ උත්තමයට මගේ විශාල ගෞරවයක් තිබ්බා එත් දැන්නම් මෙයත් අර බඩ,කට පමණක් තියෙන ඔලුව විතරක් නැති දේශපාලුවෝ ගණනට වැටිලා හමාරයි !! (අ)
ඒ විතරක්ද හිග වැටුප විශ්‍රාම වැටුප මන්ත්‍රී වැටුප සහ දීමනා මෙය දැන් ප්‍රකෝටි පතියෙක් ඇමරිකාවෙන් වෙන් ලැබුන ඩොලර් වලට අමතරව කොමිස් ගහපුවා (අ)
පාලකයන්ව ප්රජාතන්ත්රවාදය ඉගෙනගන්න පන්ති අරින්න වෙයි.ඡන්දය ප්රජාතන්ත්රවාදය අනුව කෙරුනට පරාජිතයෝ මන්ත්‍රී වෙලා ඇමතිලත් වෙලා පරමාදිපත්‍ය මංකොල්ල කාල අනිත්වා කොහොම වෙයි ද දන්නෙන් නෑ ? (අ)
ඔහොම හරි ගෙදර යැව්වා නමට එළ කිරි (අ)
එන ඡන්දෙට ෂුවර් එකට කොහෙන්හරි ඉල්ලයි. ඇපවත් නැතිවෙන විදියට ඡන්ද ලැබෙයි. (නි)
මේ නඩුව දැන් ආපහු කල්දාලද, තව මාස 3ක්. මෙහෙම තව 5,6 පාරක් කල් දැම්මම ඊළඟ ඡන්දෙ ළඟටම ඇවිල්ලා. මේ නඩුව, සයිටම් නඩුව වගේ දේවල් හොඳම සාක්ෂි අපේ රටේ අධිකරණය පවතින ආණ්ඩුවට කිසිසේත් කඩේ නොයන ඉතාම ස්වාධීන අධිකරණයක් බවට! (නි)
චන්ද 5000ක් ගත්ත අය අලි නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තු ගිහිල්ලා ඇමතිකම් ගත්තා මදිවට කෝටි 7ක වාහනයක්. ජනවරමක් නැති අය රෙදි ඇඳගෙනද පාර්ලිමේන්තු ගියේ? කොහොමටත් දැන් පාර්ලිමේන්තුව බාගෙට බාගයක් සත්තු වත්ත වගේ. ලොකු තැන් වලින් ඇහෙන්නේ සතුන්ට අමන්ත්රණය කරන ඒවා. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
බොරැල්ල හන්දියේ එයාගේ අවසාන ජන රැලියට හිටපු සෙනඟ දැක්කා නම්, මන්ත්රීකමට තියා පාර්ලිමේන්තුව ළඟටවත් ගන්න තරම් බැහැ. එජාපයට මිනිස්සු නැතුවද මන්දා ඔය මන්ත්‍රීකම දුන්නේ? අනිත් එක එජාපයේ අය තම අයිතීන් රැකගන්න බලන්නේ නැත්තේ අැයි. (නි)