යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ කාරියකගේ ප්‍රහාරයට ලක්වූ තමා ගමන් ගත් කාරය පසුගිය ආණ්ඩු සමයේ වෙන්දේසි කළ බවත්, පැවැති ආණ්ඩුවට නොදැනෙන්නට වෙනත් අයකු ලවා එම කාරය තමාම මිලදී ගත් බවත් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික රූපවාහිනියේ හෙළිදරව්ව වැඩසටහනේ දී කීවේය.
මහින්ද රාජපක්ෂ රජය සමයේ තමා රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ අධිකරණයේ බංකුවක් මත සිටිය දී, තමා මරා දැමීමට බෝම්බකාරිය කොළඹට ගෙන ආ කියන පුද්ගලයා ද එහි වාඩිගෙන සිටි බවත්, එම බෝම්බ ප්‍රහාරයෙන් නොමළොත් තමා මරා දැමීමට තවත් බෝම්බ කාරියක රැඳී සිටි බව ඔහු කී බවත් ෆොන්සේකා මහතා පැවසීය.
යුද හමුදා ජීවිතයේ අත්දැකීම් හා යුද්ධය කළ ආකාරය ගැන ද ඔහු විස්තර කළේය.
(වීඩියෝ ජාතික රූපවාහිනියෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි සෙන්පතියෙකු අපේ රටට අභිමානයක් (නි)
ඇත්තම නේන්නම් ශ්‍යාමා කුමාරි කල එලි බහින්නේ මැතිවරණයක් කිට්ටුව දේශපාලන කණ්ඩායම් වලට ආඩපාලි කියන්න. (ර)
ඔබ ඇත්තෙන්ම නියම වීරයෙක් (නි)
තමන්ගේ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී තමන්ට ප්‍රහාරයක් එල්ල වුණා නම් ඒකේ ලැජ්ජාව අපිට නම් නෙමෙයි මහත්තයෝ. (නි)
ගයාන්,චින්තා කුමාරි යනු ශ්‍යාමා කුමාරිගේ නිවුන් සොහොයුරියයි. තව විදියකින් කිව හොත්,පිවිතුරුගේ සහ බන්දුල පෙරේරාගේ ද නිවුන් සොහොයුරියයි.(නදී)
එතකොට නාවුක හමුදාව, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක අය? (නි)
යුධ විරයාණනි, අභීත රණවිරුවාණනි, ඔබ තුළ ඇති වීරත්වය සහ ජාතික හැඟීම තවදුරටත් අප රටට පළකරන්නට දැන් හොඳම අවස්ථාවක් උදා වී ඇත. ඔබ මන්ත්‍රී ආසනයක් සඳහා සටන් කරනවාට වඩා රට බේරාගැනීම සඳහා නැවත පියවර තබනවා නම් රටේ ජනතාව ඔබට දේවත්වයෙන් ගරුකරාවි. මන්ත්‍රීකමට එහා ගිය නායකත්වයක් ඔබට ජනතා ප්‍රසාදයෙන් ලැබේවි. මට මතක හැටියට යහපාලනය යන වචනය කරළියට ගෙනාවේ ඔබය. එසේනම් උතුරේ සිට දකුණ දක්වා එක රජයක් යටතේ නැවත රට එක්සේසත් කරන්නට ඔබට බැරි නැත. මේ ගැන සළකා බලන්නට යැයි මා වැනි කදෝපැණියෙක් ඔබට කිවයුතු නැති බව මම දනිමි. ඔබම සිතන්න. ඔබට කළ නොහැකි දෙයක් නැත. (නි)
යුද්ධයට දුන් නායකත්වය වෙනුවෙන් අපි බොහෝ ගෞරව කරනවා. නමුත් ඔබතුමා මේ රටේ ඊළඟ දේශපාලන නායකයා වියයුතුයි කියලා වැඩිදෙනෙක් හිතුවේ නැහැ. එළාරත් එක්ක යුද්ධය දිනුවට පස්සෙ දස මහා යෝධයින්ගෙන් එකෙක් මේ රටේ රජවිය යුතුයි කියලා කිසිකෙනෙක් හිතන්න නැතුව ඇති. යුධ නායකත්වය හා දේශපාලන නායකත්වයේ වෙනස නිවැරදිව තේරුම් ගත්තා නම් ඔබතුමාට සිදුවූ බොහෝ දුක් ගැහැට වළක්වාගන්න තිබුනා. ඒවට වගකිවයුත්තේ ඔබතුමාව වටකරගෙන ලණු ගිල්වූ අයයි (නි)
පිවිතුරු යහපාල අයියේ,ඔයා ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ.ඔයා දන්නේ නැහැ පිටරට ඉගෙනගන්නා සිසුන් මුදල් හොයන ක්‍රමවේදය මොකද්ද කියලා.මගේ සොහොයුරියත් පිටරටක උසස් අධ්‍යාපනය ලැබුවේ.අපි මධ්‍යම පාන්තිකයෝ.බොහොම අමාරුවෙන් අතමාරුවට සල්ලි හොයාගෙන එම විශ්ව විද්‍යාලයේ පළමු කාර්තුවේ ( ඒක තමයි නීතිය ) ගෙවීම ලංකාවේදී කරනු ලැබුවා.ඉන්පසු මාගේ සොහොයුරිය එම රටට ගොස් තාවකාලික රැකියාවන් කර,මුදල් උපයා විශ්ව විද්‍යාල ගාස්තු වරින්වර ගෙවා උපාධිය සම්පුර්ණ කරනු ලැබුවා.ඒ නිසා අභූත චෝදනා එල්ල කරන්න එපා නොදන්නා දේවල් වලට.ඔබ කියනා විදියට පිටරට ඉගෙනගන්නා සියලු සිසු සිසුවියන්ගේ දෙමව්පියෝ හොරුන් නොවන බවත් කරුණාවෙන් සළකන්න. (නි)
එළාර දුටුගැමුණු පාලන ක්‍රමයක් අද නැහැ. අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ෆොන්සේකා මහතාට වුණත් ඡන්දයක් සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන් (නි)
රටවැසි සියලු දෙනා මෙය බැලිය යුතුයි (නදී)
පිවිතුරු යහපාල, ලොකු ලොකු අයගේ පුත්තු ඉගෙනගන්න ගියේ කාගේ සල්ලි වලින්ද? (නි)
ෆීල්ඩ් මාර්ෂල් මැතිතුමනි, ඔබගේ කැපවීමෙන් පරාජයකළ බෙදුම්වාදී ත්‍රස්තවාදය නැවත රට තුළට එන්නේ කවුරුත් නිශ්ශබ්දව සිටියදීය. විදේශ අමාත්‍යාංශය රටට ආදරය නම් රණවිරුවාගේ ජීවිත කැපකිරීමෙන් දිනු දේශය රැකගන්නට සුදානම් නම් රණවිරුවාගේ කැපවීම අගය කරනවා නම් ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතු බව ඔබද පිළිගන්නවා ඇත. දැවැන්ත හඬක් නගන්න. ඔබේ හඬ වටා දහසක් දෙනා රොක්වනු ඇත. එය රටේ අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් සදාකාලිකව රැකෙනු ඇත. ඔබට ජය! (නි)
සෑම්, ඔයා හරි. ෆොන්සේකා මහත්තයාට තාම ඕක තේරිලා නැහැ. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලා කියමනක් තියෙනවා. (නි)
2005 -2010 වනතුරු රජයේ (මහජනතාවගේ) සියලු වරප්‍රසාද ලබා 2010දී කොහොමද එය දූෂිත ආණ්ඩුවක් වුණේ? නාවික හමුදාව, ගුවන් හමුදාව කුමක්ද කළේ යුද්ධයේදී? (නි)
ඔබතුමාට කවුරු මඩ ගැහුවත් ඔබතුමාගේ විශිෂ්ටත්වය සඟවන්න අමාරුයි (නි)
කසුන් නොදන්නා දේ කතා නොකර ඉන්න (නදී)
ඔබතුමා ජාතික වීරයෙක් එ්කේ වචන දෙකක් නෑ, එ්ත් මැතිතුමනි ඔබ අදහස් ඉදිරිපත් කරන විලාශය සහ සමහර වචන හසුරුවන ආකාරය ඔබතුමාගේ නිලයට තරම් නොවන බවයි මගේ මුල සිටම හැගීම. අපි එකතුවෙමු එකතු වෙලා අපේ මවු බිම සංවර්ධනය කරමු. එ්ත් ඔබතුමා ජරා දේශපාලනයට එන්න එපා.(නදී)
සෑම් ඉතිහාසය හරියට දන්නේ නැහැ වගේ. එළාර එක්ක මුහුණට මුහුණ සටන් කලේ ගැමුණු මහරජතුමා මිස දසමහ යෝධයෝ නෙවි. අපේ හිටපු ජනපති අන දුන් බව ඇත්ත එ්ත් එතුමා ආරක්ෂකයෝ වට කරගෙන හිටියේ. (නදී)
දුටුගැමුණු රජතුමා අද කාලේ ජනාධිපතිලා එක්ක සම කරන්න එපා. එතුමා දුන්නේ දේශපාලන නායකත්වයක්ම නෙමෙයිනේ. එතුමත් කඩු අරගෙන යුද්දෙට ගියානේ. (නදී)
මෙතුමාව එදා ජනාධිපති කරවන්න නොලැබුන නිසා අද අපි විඳවනවා. ඉදිරි පරම්පරාවටත් විඳවන්න සිද්ද වෙනවා. සදා කල් විඳවන්න සිද්ද වෙනවා. (ස)
මෙතුමා යුද්ද කල හැටි අපි සජිවිව දැක්ක. පස්වරක් ජීවිතය පරිත්‍යාග කරන්න ඉදිරියටම ගිය හමුදා නායකයෙක්. අනුරාධපුරෙන් එහාට නොගිය අයට මොන යුද්ධද? (ස)
ඉහත අදහස් දිහා බැලුවහම මට හිතෙනවා අපේ සමහරක් මිනිස්සු කන්නේ පුන්නක්කුද කියල. එල්ටීටීඊ කාරයෙක්ට ගලකින්වත් ගහපු නැති අයට කිසිම අයිතියක් නැහැ යුද වීරයෙක්ට අපහාස කරන්න. බත් පැකට එකට බෝතලේට දේශපාලනය කරන අය කොහොමද දන්නේ අඩුම ගානේ රටේ යුද්දයක් තිබුනද කියල. ජනරාල් ෆොන්සේකා මහතා විතරයි කිව්වේ මම ඊළඟ හමුදාපතිට මේ යුද්දය ඉතිරි කරන්නේ නැහැ කියල. මහින්ද කලේ එතුමා ඇතුළු ත්‍රිවිද හමුදාව දිනාදුන් සාමය තමන්ගේ නෑ පරපුරත් එක්ක සැපසේ බුක්ති විඳපු එක. (ස)
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරයෙක්. එතුමාගේ නමවත්/නාම පුවරු පවා ඉවත් කලාට/නොතිබ්බට එතුමාගේ නම සමස්ත ජනතාවගේම සිත් සතන් තුල ජීවමානව තියෙනවා.(නදී)
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ඉතිහාසයෙන් මකල දාන්න ගිය අය අද වෙනකොට නිකම්ම මැකිලා ගිහින්. (නදී)
දේශපාලන නායකත්ව නැති නිසා 30 වසරක් අපිට වැරදුනා .(හේ)
නොදන්නා දේවල් නොකිය ඉන්න .(හේ)
දේශපාලනයට ඕන කෙනෙකුට එන්න පුළුවන්. (හේ)
රෙද්ද අස්සේ සර්පයො දාගෙන කනවෝ කනවෝ කියනව වගේ වැඩක් උනේ. එතුමාව මරන්න උවමනාවක් සතුරාට තිබුන බව සැබෑව. නමුත් තමන් ලඟම ඉන්න විශ්වාසවන්තයන් හරහාම ඒ මාරය පැමිණීම කාගේ දුර්වලතාවයක්ද කියන එක තේරුම් ගන්න ඕන. (ස)
අමතක කරලමු පැරණි කතා එක් වෙමු ජාතියේ දිවුන පතා. (ම)
අද කර්නල් ෆොන්සේකා ලෙස විශ්‍රාම දිවිය ගෙවන්න ඉඩතිබුන ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාව එම තැනට අරගෙන අවේ කවුද කෙසේද යන්න මුළු රටම දන්නා දෙයක් අද (ම)
මෙයා කරපු ලොකුම ද්‍රෝහී කතාව තමයි සුදු කොඩි කතාව.නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති කළ කාර්යභාරය ගැන මොකුත් කියන්නේ නැති එක ගැන කණගාටුයි (නි)
සුදුස්සාට සුදුසු තැන දුන්නු පුදගලයා ජනපතිතුමාට අපගේ ප්‍රණාමය (ම)
අවසානයේදී නියම යුද විරුවාට සවන් දෙන්න අපිට හැකි උනා. ලක්මවට ඔබ නොලැබුණානම් ඇය බෙදී වෙන්වී යාම වලක්වන්න කාටවත් බැරිවෙන්න තිබුණා. එතුමා වැනි වීර පුතෙක් දුන් ලක්මවට අපේ උපහාරය. (ම)
මේ පොන්සේකා මහත්තයා යුද්ධය කරපු එකට අපේ ගරුත්වයක් තිබුනා. ඒත් සුදු කොඩි කතාවෙනුත් පසුව කරපු සහ කියපු දේවල් නිසා මොහුගේ ප්‍රතිරූපය කෙලෙසුනා. දේශපාලනයට නුසුදුසු මොහු මහින්ද මහත්මාගෙන් සහ ගෝඨාභය මහතාගෙන් සමාව ගත යුතුයි.(නදී)
රේණුකා අක්කේ, දවල්ද...? (නි)
අතීතයේ ඇලීම සහ අනාගතය සිහින දැකීමට වැඩිය වර්තමානයේ සිහියෙන් සිටීම වැදගත් (නදී)
දුල දෙන්නෙකුට ඇමෙරිකාවේ යවල උගන්නන්න තරම් වැටුපක් හමුදා නිලධාරියෙකුට ලබෙන්න නම් විදියක් නැහැ. රජයෙන් එහෙම වියදමක් දැරුවා නම් ඒක පොදු දේපල පනත උල්ලංගනය කිරීමක්. මන් හිතන්නේ වැඩේ ඇත්ත නම් ගෝටාභය මහත්තයවත් ඇප නැතුව රිමාන්ඩ් කරවන්න තිබුනා. ඒ වගේ වියදමකට අනුමැතිය දුන්නට. (නදී)
තමන්ගේ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී තමන්ට ප්‍රහාරයක් එල්ල උනානම් එ්කේ ලැජ්ජාව අපිට නම් නෙමෙයි මහත්තයෝ. (නදී)
පිවිතුරු යහපාල ලැජ්ජාව ගැන කතා කරනවා. අපිට නම් ලජ්ජා යුද්ධය ජය ගත්තේ එක පවුලක් කියල මේ සළු වඩන නිලමෙලා බෙරිහන් දෙන එක. (නදී)
මහින්ද මෙතුමා නැවත සේවයට ගත්තේ නැත්නම් අද කවුද මේවා ගැන කතාකරන්නේ? (නි)
දිස්නා, ලලිත්, කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)
මෙතන ඉන්නා කවුරුන් උඩුබිරුවද මහමෙරක් සේ ඉන්නා යුධ විරුවා නොසැළෙනු ඇත. (නි)
මේ අදහස් දාන ගොඩක් අය කාගෙහරි මතයක් හිතේ තියාගෙනයි ලියන්නෙ. දියුණුවන රටකට එක් ගුවන් තොටකට වඩා 2ක් තිබීම උපාය මාර්ගිකව වැදගත්. මතක නැද්ද අපේ ගුවන් තොටුපළට කොටි ගහපු වෙලාවෙ මෙහේ ලෑන්ඩ් කරන්න නියමිතව පියාසර කරමින් තිබුන යානා ගොඩබැස්සුවෙ ඉන්දියාවෙ හා අසල්වාසී රටවල. ඒ විතරක්ද? ඒ අයට හෝටල් පහසුකම් දෙන්නත් වුණා. ස්වභාවික විපතකදී වුණත් තව එකක් දුරස්ත පළාතක තිබීම ඉතා වැදගත්. මත්තල ගුවන් තොටුපළකට හොඳ නැහැ කියන්න බැහැ. ආර්ථික වශයෙන් වෙනත් දේකට යොදවන්න බැරි ඉඩම් තමයි මේ වගේ දේකට යෙදවිය යුත්තේ. කුරුල්ලන් එළවීමට ලෝකයේ බොහෝ ගුවන්තොටවල වෙනමම අය ඉන්නවා. ලංකාව වගේ රටවල මේක ටිකක් වැඩිවිය හැකියි. සිල්ලර කඩයක්වත් දාපු ගමන් ලාබ ලබන්නෙ නැහැ. (නි)
ඔබතුමාට සේවා දිගුවක් දීලා නැවත කැඳවලා හමුදාපති කළේ හිටපු ජනපති නේද? ඵ් ගැනත් මතක් කරලා දුන්නා නම් නේද හොඳ? මේ දෙන්නා අතර ප්‍රශ්න ඇතිවුණේ යුද්ධය දිනුවට පස්සෙනෙ. (නි)
පිවිතුරු යහපාල, දිස්නා ඇතුළු ඔය අය කොච්චර දැඟලුවත් නැවත මහරජතුමා බලයට ගෙනෙන්න තරම් මිනිස්සු මේ රටේ නැහැ. (නි)
කෙසේ වෙතත් දැන් අපිට නැවත මහින්ද සහ ගෝඨාභය වැනි නායකයන් අවශ්‍ය කර තිබේ. දැනටමත් උතුරේ කලබල පටන්ගෙන ඇත. (නි)
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාටත් මේ හා සමාන දෙයක් වුණා නේද? (නි)
තමන්ව ගැළවීමේ හමුදාවකටවත් සුදුසු නැහැ කියපු, යුද්ධය කවුරු මොනවා කිව්වත් අසාර්ථකව ඇදී ඇදී යනවා කියපු, තොප්පිගල කැලෑවක් කියපු, ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු, පාමංකඩ අලිමංකඩ කිලිනොච්චි මැදවච්චි පටළවාගත්, යුද්ධයට හැකි සැම බාධාවක්ම කළ, යුධ ජයග්‍රහණයට අවමන් කළ පිරිසක් එක්ක එකට හිටගත් දවසේ සිට අපිට නම් මෙතුමා ගැන තිබුණු ගෞරවය නැතිවුණා. (නි)
ඔබ අපිට පමණක් නොව මුළු ලොවටම ආඩම්බරයක් (නි)
ඔය දැන් දේශපාලන පලිගැනීම් කරනවා කියල මොර දෙන අය, මේ සෙන්පතියාගෙන් පළි ගත්ත හැටි අමතකද? දිට්ට දම්ම වේදනීය කර්මය. (නදී).
ඕවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මහත්තයෝ (නි)
මේ මොකද දැන් මෙයාට වෙන්නේ ? (නදී)
සත්‍ය ජයගන්නවා. එ්ක අපි දන්නවා මෙතුමාට කරපු දේවල් දැන් ඒ ගොල්ලෝ විඳවනවා. (නදී)
දෙකඩ වෙන්න ගිය රට ඉන් මුදාගැනීමට ඔබත් ප්‍රධාන සාධකයක් වුණා.එහි සම්පූර්ණ ගෞරවය අපි ඔබට දෙන්නම්. ෆීල්ඩ් මාර්ෂල්තුමනි, ටිකක් නැවතී ආපසු හැරී බලන්න. අද රට නැවත ගමන් කරන්නේ කොතනටද? ඇයි ඒ ගැන නිහඬ? එදා ඔබ සටන්කළේ රට ගැන සිතානම් අදත් ඔබ එතන සිටිය යුතුයි. දේශපාලන අසූචි වලට පනින්න පෙර ටිකක් සිතන්න. සදා වීරයකු විය හැකියි එදා මෙන්ම අදත් කොන්ද කෙළින් තිබුනොත්. (නි)
මෙයත් කතන්දර හදනවා වගෙයි (නි)
මේවා කියන එක හොඳයි, නොදන්නා අයට දැනගන්න (නි)
රේණුකා, කොටි නැසීමේ මෙහෙයුමේදී කළ මෙහෙවරට ගිය රජයෙන් සම්මාන ලැබූ ඔහු පසුව සුදු කොඩි කතාව කී වරදට ලැබුණු දඬුවම පළිගැනීමක් ලෙස හුවාදැක්වීම කරුණු විකෘති කිරීමකි. (නි)
සමන් අයියා, ඕගොල්ලෝ කොච්චර නෑ කිව්වත් ඕගොල්ලන්ට මහින්ද භීතිකාව තදේට තියෙනවා නේද? නැත්නම් ඉතින් පිවිතුරු යහපාල, දිස්නා වගේ අයට වගපල කියාගෙන ඔච්චර වදවෙන්න ඕනෑද? (නි)
මනෝජ් ඔයාගේ කතාව හරියටම හරි, ජනරාල් ෆොන්සේකා මහතා විතරයි කිව්වේ මම ඊළඟ හමුදාපතිට මේ යුද්ධය ඉතිරි කරන්නේ නැහැ කියලා. (ර)
ඒක නෙමෙයි මහත්තයෝ,ඔයාගේ ඔය ගමනට හිටපු ජනාධිපතිතුමා මොනම දෙයක්වත් කරලා නැද්ද?නැහැ, මේ දන්නේ නැති නිසා අහන්නේ.කමක් නැහැ මහත්තයෝ, අපිට මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
දැන් යාපනයේ තත්වය ෆීල්ඩ් මාෂල් දන්නේ නැහැ වගේ (නදී)
සමහරුන්ට නම් බොහොම තරහා ගිහින් වගෙයි (නි)
මේවා කියන එක හොඳයි දැනගන්නත් එක්ක (නි)
තවත් මොනවට ඕවා කියනවද? (නි)
අනේ අපිට මේවා කියන්න එපා (නි)
රට බේරාගත් උතුමාට මගේ උත්තමාචාරය! (නි)
ඔබ සැබෑ වීරයෙක් (නි)
ඔබතුමාගේ කැපවීම සහ යුද්ධ කළ ආකාරය හරියාකාරව නොදන්නා අය බොහෝය. (නි)
මුළු ලංකාවට ඔබට ණයගැතියි (නි)
මේ චින්තා කුමාරි රත්නමල්ල කියන්නේ පසුගිය කාලයේ මායිම් ගම්මානයක ඉන්නවා කියලා මෙතැන මඩ නාගත්ත එක්කෙනා නේද? හැමෝම ඇහුවා පරිගණක භාවිතය ඉගෙනගත්තේ මායිම් ගම්මානයෙන්ද මෙච්චර ප්‍රගතිශීලි අදහස් ගමක අහිංසක කාන්තාවකට ලැබෙන්නේ කොහොමද කියලා. (නි)
දිස්නා, කුදලා ඇදගෙන ගිහින් නිල ඇඳුම් ගලවලා දැම්මේ. එහෙම සැලකිල්ලක් දීපු රටක් තියෙනවද?(නදී)
හිරේට දැම්මෙ පළිගන්නලුනේ. ඒක ඇත්තක් කියලා හිතමුකෝ. එතකොට අර සුදු කොඩි කතාව ආදියට මොනවද දෙන උත්තර? ඒවා හරිද? අනික මහින්ද ගෝඨා මොකුත්ම කලේ නැහැ කියලා හිතමුකො. එතකොට නාවුක ගුවන් හමුදා? (නි)
මේ මොනවා කිවුවත් සමහරුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ (නි)
දිස්නා හරියට බබා වගේනේ.මේ වගේ උතුම් පුද්ගලයෙක්ව ඇදගෙන ගිහිල්ලා හිරේ දාපු හැටි අමතකද?ඒවායේ පාපය තමයි ඔය කවුරුත් විඳවන්නේ.යුද්ධයේ කුරිරුබව බිහිසුණුබව දන්නේ යුද්ධයට සජීවීව මුහුණ දුන් අය මිසක් කොළඹ ඉඳගෙන පපුවට දෑතින්ම ගහගෙන බොරුවට කිඹුල් කඳුළු හළපු අය නෙමෙයි (නි)
රිතික් රෝහිත් (පිවිතුරු යහපාල, දිස්නා) නමැත්තාට ජයවේවා ..! එකම කෙනා. අපි අහුවෙයි. (ර)
යුද්ධය තිබෙන පැත්ත පළාතක නොගිය අය යුද්ධය මෙහෙයවූ මෙතුමාට බනින එක මොන විහිළුවක්ද? (නි)
නොකිවුවට අපි දන්නවා මහත්තයෝ (නි)