කොටි ත්‍රස්තවාදය පැරදවීමට යුද හමුදාවට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කෙරෙන උපහාරයක් ලෙස කොළඹ පාරක් ඔහුගේ නමින් නම් කැරිණි.
‘ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාවත‘ ලෙස නම් කැරුණු මරදාන ආනන්ද මාවත සහ කැටවලමුල්ල මාවත යා කැරෙන මාර්ගය විවෘත කරනු ලැබුවේ බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා විසිනි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද එම අවස්ථාවට සහභාගී විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාගේ රුධිරය තුන්වරක් මවුබිම වෙනුවෙන් හෙළුෑ විරුවාණනි, ඔබව සියසින්වත් නොදැක්ක හිස් මිනිසුන් කියන කතා ගැන දුක් නොවන්න.බුදු සරණ වේවා! (නි)
ගුවන්,නාවික හමුදාපතිවරු නමින් පාරවල් නැද්ද? ඇයි එයාට විතරක්? (නි)
ජයවේවා මැතිඳුනි! (නි)
මගේ අදහස නම් මේකයි. දඩාවතේ දුවන බල්ලොත් හදිසියට මුත්‍රා කරන නාම පුවරු හදන්නේ නැතුව පිදුරුතලාගල කන්ද මුදුනේ අසුපස් රියන් ශෛලමය ප්‍රතිමාවක් හදවලා පිදුරුතලාගල කියන නම වෙනස් කරලා ඔය කියන නම සහිත කන්ද කියා යෙදුවා නම් හොඳයි කියාය. සත්‍යා කියන්නා වගේ සුදුසු කෙනා සුදුසු තැන තියන්න එපැයි. එතකොට පුජාච පුජනියන් වෙනවානේ. (බ)
එවකට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වගේ විරුවන් ගැනත් හිතුවොත් හොඳයි (නි)
ඉතාම හොඳයි (නි)
එතකොට ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ගේ නමින් නැද්ද? (නි)
ගුවන් හමුදාපති, නාවික හමුදාපතිලා ඒ කාලේ හිටියේ නැනේ. මෙයා තනියම ගිහිල්ලනේ ඕක කළේ. අනේ අපේ කටවල් මොකටද ඉතින්. (බ)
එල එල අමරනාත්. මේ රණවිරුවාට එහෙම ගෞරවයක් දීම හොඳයි. (බ)
තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිවුවලු! හොඳ වැඩක් එතුමා වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීම. (නි)
ජීවත් වෙලා ඉන්න අයගේ නම් දාන්නේ නැත්නම්, යහ පාලනය එතුමාව මරුන විදිහට සලකනවද දන්නේ නෑනේ ? (ම)
සරත් ෆොන්සේකා යුද්දෙ ඉවර කරන්න මුල් වුණා වගේම අනෙක් හමුදාපති වරුන්ටත් ඒ ගෞරවය හිමි වෙන්න ඕනැ..(ම)
පාරවල් වලට නම් දාන්න මේගොල්ලෝ හරි රුසියෝ. ඕවා කොහොමත් ටික දවසනේ! (නි)
අර සහේලි කියන එක සින්දුවක් මහින්දට කීවා කියල පාරක් දුන්න එකට කව්රුත් මුකුත් කියන්නේ නැ අනේ මෙහෙමත් ගුණ මකුවෝ. (නදී)
කිසිදු පුද්ගලික අරමුණකින් තොරව අපේ රට බේරාගැනීමට කැපවූ එකම පුද්ගලයා මොහුය (නි)
ඔබතුමා හමුදාපතිකමේ ගෞරවය රැකගෙන හිටියා නම් අපි තාමත් ඔබතුමාට කැමතියි.මහින්දට කලින් හිටපු ජනාධිපතිවරු ඉන්නකොටත් ඔබමනේ හමුදාපති.මහින්ද නොහිටින්න අපි තාමත් යුද්ධයෙන් විඳවනවා.මහින්දට ඒ පිනම ඇති.පුදුම රජෙක් එතුමා! (නි)
ඒක හොඳ වැඩක් (නි)
මට මතකයි යහපාලානේ කට්ටිය පුල පුලා කිව්වා ජීවත්ව ඉන්න අයගේ නම් වලින් කිසි දෙයක් නම් කරන්නේ නැහැ. එක සදාචාර විරෝධියි කියල. (ර)
අහවලාට ස්තෝත්‍ර ගායනා කළ පිනට කටේ කිරි සුවඳවත් නොගිය දැරියකගේ නමින් පාරවල් නම් කෙරෙනකොට කතානොකළ මුඛරි කටවල් දැන් පණගහලා තියෙන්නේ යහපාලනයෙන් ලැබුන නිදහස නිසාද? නැත්නම් පැරදුන පාලකයාට කඩේ ගිය පුරුද්ද අතහරින්න බැරිකම හින්දද? බුදු බණේ සඳහන් වන " පූජාත පුජනීයානං" කියන වදන ක්‍රියාවට නංවපු මොහොතක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. (නි)
යහපාලනයට ඇස් ඇරේවා කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)
ජීවත්ව සිටින අය වෙනුවෙන් පාරවල් නම් කරන්නේ නැහැ කියලා මම නම් විශ්වාස කරනවා (නි)
පිදියයුත්තන් පිදියයුතුයි (නි)
රජතුමාට ප්‍රශස්ති ගී කියපු තරුණ බවලතියන් නමින් තෑගී පිණිස මාවතක් දීපු රටේ යුද්ධයට ගිහින් රට වෙනුවෙන් ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වුණ හමුදාපතිට වෙල් විදානේලු? (නි)
ප්‍රසන්න , ජීවත්ව සිටින එක්තරා කෙනෙකුගේ නමින් පසුගිය කාලයේ නම් නොකෙරුනේ පොදු මහජන වැසිකිළි විතරයි. ඒ නිසා මේ වැඩේ කමක් නැහැ කියලා හිතෙනවා. (නි)
සත්‍යා , යන්තම් කට්ටිය කට ඇරියා. නැත්නම් අර රූප රචනාවක රඟපාපු බවලතියක් නමිනුත් මාවතක් ඉදිවෙන්න ඒ කාලයේ ඉඩ තිබුනා. (නි)
දැන් ඔබතුම වටා බහුතරය සිටින්නේ එදා ඔබතුමාට යුධ හමුදාපතිකම නොදුන්,හමුදාපතිකමට නොව ගැළවීමේ හමුදාපතිකමටවත් නුසුදු බව කියපු අය. ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඔබතුමා නමින් පාරවල් විවෘත කරනවාට වැඩිය නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් හඬ නැගුවහොත් එය දේශපාලන අනාගතයට සුබ වේවි. තවමත් ඔබතුමාට මේ රටේ ගරුකරන කොටසක් සිටින බැවින් ඉදිරි මැතිවරණයකදී ඔබතුමාම පමණක් පාර්ලිමේන්තුවේ සිටීවි. (නි)
එහෙනම් හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටිය? ඒවත් නරකනේ! (නි)
මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
මිස්ටර්. ප්‍රභාකරන් නමිනුත් පාරක් නම්කර දෙන්න ඉල්ලන කවුරුත් නැද්ද දන්නෙ නැහැ සහෝදරත්වය වෙනුවෙන්? (නි)
ඔව් ඔව් වැසිකිළි සහ කනත්තවල් හැරෙන්න ඔක්කොම එක නමකින් බැබලුන කාලයක් තිබුනා. (නි)
එහෙනම් මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල. මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටිය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය...? ඒවත් වැරදිනේ එහෙනම් (නි)
ජය වේවා! (නි)
එතුමාට එම ගෞරවය ලැබිය යුතුයි. (නි)
මට මතකයි යහපාලානේ කට්ටිය පුල පුලා කිව්වා ජීවත්ව ඉන්න අයගේ නම් වලින් කිසිදෙයක් නම් කරන්නේ නැහැ.ඒක සදාචාරවිරෝධියි කියලා. (නි)
ඔහු වීරයෙක් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමායි (නි)
අනේ! රටකට ගිය කලක් (නි)
හිටපු ජනාධිපතිට ආවඩන අයට රිදෙන එක හිතාගන්න පුළුවන්. ඒත් සැබෑ විරුවා කවුද කියලා රටම දන්නවා. ඔබ වෙනුවෙන් මෙය නම් කිරීම ඉතා යුක්තිසහගතයි. (නි)
දැන් මේකට කෑගහන අය කොහෙද දන්නෙ නැහැ හිටියේ සිංදු කියපු අයටත් පාරවල් දෙනකොට? (නි)
කෝලිතට කියන්න තියෙන්නේ ඉතිහාසය තවටිකක් හදාරන්න කියලයි (නි)
අනේ මේ වගේ ගුනමකුවෙක්...දවස් දොළහෙන් පැන්ෂන් යන්න හිටිය කෙනාව හමුදාපති කිරීමේ හොඳ තමයි ඔය දෙසන්නේ. ඇයි මේ වෙල් විදානේට රනිල් මහත්තයවත් ච.බ.කු. නෝනාවත් තැනක් දුන්නේ නැත්තේ? මොකද ඒ ගොල්ලෝ දැනගෙන හිටියා මෙයා ගැන. මුලින් රනිල්ට සර් කියලා පස්සේ අයිසේ රනිල් කියන මිනිහා මෙන්න වැදී බන කියනවා. ගෙදර බලාගන්න ගන්න කුලියට ගත්ත මුරකාරයා ගෙරට ආපු හොරාව මරලා ගෙදර තමන්ට අයිති කරගන්න හදනවා වගේ තමයි මෙයා වැඩ කරන්නේ? අපි අකමැති වුනත්... වැරදි වැඩ කළත්... රනිල් මහත්තයෙක්. මෙයා වගේ කෙනෙක් රටේ පාලකයෙක් වෙන්න තරම් මම හිතන්නේ ලංකාවේ මිනිස්සු පව් කාරයෝ නොවෙයි. (බ)
අද දිනයේ අභිත රණවිරුවෙකුගේ නමින් පාරක් විවෘත කිරිම සියලුම රණවිරුවන්ට කරන උපහාරයක් (බ)
වෙල් විදානේ මාවත කිව්වානම් හරි (බ)
මෙය අනිවාර්යයෙන්ම සිදුවියයුත්තක් (නි)
එතකොට යුද්දේ දිනවපු ගුවන් හමුදාපති, නාවික හමුදාපති ,පොලිස්පති ,යන රණවිරුවන්ගේ නමිනුත් පාරවල් නම්කරනවද?මට හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවපු ජනක පෙරේරා රණවිරුවා අමතක කරලා මෙයාගේ නමින් පාරක් ඇරලා කරගත්තේ ලොකු ශාපයක් කියලයි (බ)
යහපාලන කට්ටිය මට බැන්නට කමක් නැහැ. නමුත් සරත් ෆොන්සේකා විතරක් තනිවම යුද්ධ කළේ නැහැ. මේ යුද්ධය නිමකිරීම සාමුහික කැපකිරීමක්. (නි)
පිවිතුරු යහපාල.ඔබ කියන්නේ යහපාල කියපු දෙයක් ගැනනේ. මේ කතන්දරේ කරලා තියෙන්නේ බුද්ධ සාසනයට අයිති කෙනෙක්ද? (බ)
එතුමාට වෙල් විදානේ කියලා යුද්ධයට බයේ අවුරුදු 15 රට පැනලා හිටපු අයට වීරයා කියපු කාලයකුත් තිබුනා (නි)