
(මනෝප්රිය ගුණසේකර)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඔහුට එරෙහිව ගොනු කළ නඩු හතරට එක් නඩුවකට වසර හතර බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියම කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී එහි වාහන ලබාගෙන රජයට විශාල පාඩුවක් කිරීම ඇතුළු චෝදනා රැසක් ගොනු කර තිබුණි.
සිරදඬුවමට අමතර රුපියල් ලක්ෂ 18ක මුදලක් ගෙවීමට නියම කළේය.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕක හරියට කියන්න කෝ. හිර දඬුවම අවුරුදු හතරද, දාසයද.
ඉස්සර වගේම දැනුත් සරණට මහජනතාවගේ බදු මුදල්වල සරණ තමයි. කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් කැඩුම් ඔක්කොම පිනට.
නියමයි. රටක නීතියට බය නැති දේශපාලකයෝ ඉන්නවා කියන්නේ ඒක අරාජික රටක්.
සරණට වසර හතර කියන්නේ අවුරුදු 3 කින් එයි එළීයට එක නඩුවකට අවුරුදු හතර ගානේ අවුරුදු 16 ක සිරදඩුවම අවුරුදු හතරෙන් ගෙවෙන්නයි දිලා තියෙන්නේ ඕක අද බලලා හෙට බලනකොට ගෙවිලා යනවා මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු එකයි මාස නවයක් ගෙවි අවසන් එවගෙම තමයි සරණ මේ ආණ්ඩු සමයෙදි එළියට එන්නේ වරදක් කලොත් කවුරු උනත් දඩුවම් විදින්න ඕන එක සරණට වගෙම මේ ආණ්ඩුවේ අයටත් අදාලයි එක ඉදිරියෙදි බලාගන්න පුළුවන්වෙයි එනිසා මේ ආණ්ඩුවේ අය වැරදි නොකර ඉන්න
අවුරුදු 4 හිර දඬුවම් හතර එකවර ගෙවීයන විදිහට දුන්නම වැඩක් නෑ. එකකට පස්සේ එකක් ගෙවෙන විදිහට නියමකෙරුවනම් 16 ක් ඇතුලේ. හොරු රැලටම උණ රෝගයත් වැළඳෙනවා.