ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා අද නියෝග කළේය. විනිසුරුවරයා මෙම නියෝගය කළේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නිල්පනාගොඩ ව්‍යාපාරිකයකු පවරා තිබූ නඩුවද් විභාගයට ගත් අවස්ථාවේය. මිනුවන්ගොඩ ඉඩමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තමාගෙන් ඉල්ලූ රුපියල් කෝටි දෙක හමාරක කප්පම් මුදල නොදීම හේතුවෙන් ඇමතිවරයා විසින්ඉඩම් කොටස් දෙකකට නිතී විරෝධීව ලබාගත් කේවියට් තහනම ඉවත් කරන ලෙසත්, තමාට සිදුවී පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් නිල්පනාගොඩ ව්‍යාපාරිකයා මෙම නඩුව ගොනු කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණට දැන් කාගෙ සරණද?(නු)
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙ ඉන්දි වතුර බෝතෙල් ගැහුවේ මෙයා නේද?
මේවා සාමාන්‍ය පොඩි දේවල්නේ. (නි)
සරණ, ඔබට බුදු සරණයි! (නි)
සරණ ඔබට බුදු සරණයි..!!(නු)
ජනාධිපතිතුමනි, ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජකයන් පසු බසින්නට හේතුව මදක් සොයා බලන්න. (නි)
හොද දඩුවම් දෙන්න ඕන. (ත)
දෙයියන්ගෙම පිහිටයි. (ත)
සරණට දැන් අමතක ඇති. (ත)
තවත් මැතිවරණ ප්‍රතිඵලයක්. (ස)
අනේ අපිටනම් කෝටියක් තියා රුපියලක්වත් නැහැ. ලොකු ඇත්තෝ මේව දකින්නේ අහන්නේ නැතිව වගේ ඉන්න එක තමයි දුක. (ස)
අයියෝ පොඩි සල්ලි! (නි)
අනේ අසරණයා (ස)
පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ චෝදනා විමර්ශනය කිරීමට විශේෂ උසාවියක් ස්ථාපිත කරන්න කාලය පැමිණ ඇත. (ස)
මේ සරණට තිබුණ දෙයක් නෑ. (ස)
සරණ අසරණ වෙලා වගේ ඇයි දැන්. (ස)
සරණයි සරණයි සරණ ට දේශපාලන බලවතුන්ගේ සරණයි !!!!!!(ස)
දැං ඉතා ඉක්මනින් දඩුවම් ලබා දෙයි..!!(නු)
කෝටි ගණන්, මේ පුවත දුප්පත් අපිට වැඩක් නැහැ. (ස)
ආණ්ඩුවේ කට්ටියගෙ වැඩ ඔහොම ද ? (ස)
සරණට බුදු සරණයි තමා. (ස)
කෝටි ගණන් වලින් වැඩ කරන දේශපාලඥයන් මේ වනතුරු මහජනතාවට මොනවද දීලා තියෙන්නේ? (නි)
එතුමාට කියන්න තියෙන්නේ මේ කිසිම දෙයක් මතක නැති බවයි. (නි)
අසරණ අපට අතේ සතේ නැහැ. සරණලාට කෝටි ගණන්. අනේ ඔයාට බුදු සරණයි සරණ! (නි)
ඒ මහත්මයා වැරදි නැහැ. අමතක වීමකින් කරපු දෙයක් වෙන්න ඇති. (නි)
ඒ මහත්තයා වැරදි නැහැ.. අමතක වීමකින් කරපු දෙයක් වෙන්න ඇති...!(නු)
තෙල් සංස්ථාවටත් යන එන මං නැතිවෙලා තියෙන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්. (නි)
අසරණ සරණ ........ (නි)
සරණ ගුනවර්ධන නියොජ්‍ය ඇමතිතුමා අද ලංකාවේ අංක 1ට ලබා ඇති මෙආකාර වූ ප්‍රගතිය පිළිබද ගම්පහ දිස්ත්‍රික් ජනතාවගේ ආචාරය! (නි)
දේශපාලන අපරාධ. (නි)
රටෙ ජනතාවට කන්න නැහැ. මේවා කාටද කියන්නෙ? (නි)
මෙතුමාගේ පියා කොතරම් ගෞරවණීය චරිතයක්ද? එතුමාගේ නමටත් මේවා කොච්චර කැළලක්ද? (නි)
'කෝටි ගණන්' යනු දුප්පත් අපට අදාල නෑති පුවතකි. (නි)
නොතේසිනේ යවලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
සරණ අසරණයි වගේ. (නි)
අතන මෙතන නොයෙක් කතා, නොයෙක් ක්‍රියා. දැන් අලුත්ම එක තමයි 'ඩීසල්'. (නි)