පුද්ගලයකුට යකඩ බටයකින් පහර දීම හා සොරකම් 39 කට වරඳ පිළිගත් 20 හැවිරිදි තරුණයකුට ආහාර පිසීමේ පාඨමාලාවකට යොමු කරන ලෙස ස්ව්ස්ටර්ලන්ඩ් අධීකරණයක් බලධාරීන්ට නියම කළේය.
විත්තිකරුගේ වයසත් වරද පිළිගැනීමත් යන කරුණු සලකා බලා හිර දඩුවම් නියම නොකරන බව බර්න් නුවර අධිකරණයේ විනිසුරුවරයා කීය.
පාඨමාලාව හදාරා රැකියාවක් වැඩදායි පුරවැසියකු ලෙස ජීවත් වන ලෙසට විනිසුරුවරයා ඔහුට අවවාද කළේය.
පාඨමාලාව සාර්ථකව නිම කිරිමට තරුණයා අපොහොසත් වුවහොත් වසර තුනහමාරක හිරදඩුවමකට යටත් විය යුතු බවටත් විනිසුරු නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ විනිස්චයක්, හොද දඬුවමක් කොලු ගැටයා නම් එසේ මෙසේ ලාමකයෙක් නොවන බව මගේ විනිස්චයයි. සුද්දන්ට නිදි බෙහෙත් දමා කෑම දුන්නේ නැත්නම් ඇති.(නදී)
හිර බත් කෑම වෙනුවට හොරා කෑම, ලෙව කෑම නැතහොත් ගුටිකෑම ලැබේ.(නදී)
අන්න නියම නීති මගින් වෑඩදායි ජනතාවක් හදන හෑටි.(නදී)
අපේ රටේ ඕවා නැහැනේ.(නදී)
ඒකනේ කියන්නේ අරයාගේ පුතාව අධ්‍යාපන ඇමැති කරන්න කියලා, අපේ මිනිස්සුන්ට දැන්වත් මොලේ පෑදෙයිද? (නි)
නරකම කෙනෙක් උවද යහමගට ගන්න ක්‍රමය "මනුතාපය" පොතේනං උගත හැකි. (ස)
නීතිය කියන්නේ මේකද? (නි)