බළපිටිය මාදු ගඟට වැටුණු සරුංගලයක් ගැනීමට ගිය 15 හැවිරිදි සිසුවකු මාදු ගඟේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බළපිටිය හීනටිය රාහුල විදුහලේ දහය වසරේ ඉගෙනුම ලැබූ හීනටියේ පදිංචි ඩිලාන් පුෂ්පකුමාර නමැති සිසුවෙකි. මාදු ගඟෙ අප්පලදූව තොටුපොළේ සිට සරුංගල් යවමින් සිටියදී ගඟට වැටුණු සරුංගලය ගැනීමට පීනායෑමේදි සිසුවා දියගීලි ඇතැයි පොලිසිය පවසයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd