පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට දෙපැයක් පුරා පැවැති ගැටුම් අද පස්වරු 5.50 වන විට සමනය විය. නායකත්වයට තරග කැර පරාජය වූ කරු ජයසුරිය මහතා පස්වරු 5.30ට පිටවී ගියේ රැස්ව සිටි අයට අත වනා ආචාර කරමිණි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මූලස්ථානයේ රැඳී සිටියේය. නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, රංගේ බණ්ඩාර මහත්වරු ද, තලතා අතුකෝරළ මහත්මිය ද, සිරිකොත කොඩි ගහ යට සිට පිරිස අමතමින් කළබල නොකැර ඉවත්වී යන්නැයි ඉල්ලා සිටියහ. ඒ වනවිට සිරිකොත ඉදිරිපිට මහා පාරේ රැස්ව සිටි පිරිස් විසිරැ ගියහ. කැරැලි මර්දන පොලිසිය ද අවට පොලිසිවලින් ද පැමිණි පොලිස් සමාජිකයෝ ද පාරේ රැස්ව සිටි පිරිස් ඉවත් කරන්නට වූහ. දෙපැයක් තිස්සේ පැවැති මාර්ග තදබදය අවසන් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ වාහනයට ද, පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායකගේ වාහනයට ද අලාභහානි වී තිබිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජ නැද්ද? මොනවද මේ ගැටුම්. සමාවෙන්න හොදේ...
හැමදාම අපි තමයි කරදරයේ වැටෙන්නේ
අපි කතා කළ යුත්තේ හෙට වෙන්නේ කුමක්ද කියායි.
මේ අය මෙහෙමයි කියලා අපි දන්නෙ නැහැනෙ
ලංකාවේ නීතිය අතට ගැනීම සෙල්ලමකට අරං.