රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක් සමග මහනුවර කිරිබත්කුඹුරේදී දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.
යුද හමුදාවේ හිටපු සෙබළෙක් ද, පරිගණක ශිල්පියෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හොර සල්ලි මාරු කැර ගත හැකි වූයේ නම් ලක්ෂ දෙක හමාරක හොඳ සල්ලි උපයා ගත හැකිව තිබිණැයි පොලිසිය කියයි. පන්දහසේ නෝට්ටු 18ක් ද, දහසේ නෝට්ට්‍ර 170ක් ද, ව්‍යාජ හැඳුණුම්පත් 4ක් ද තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොයාගන්න බැරිද ඔය කියන එක එක බලවේග වලට? (නි)
සල්ලි සේරම උසාවියට භාර දුන්නද ? (ස)
ඔයිට වැඩිය දේවල් කරන තැනක් අපේ පැත්තෙ තියෙනවා. (නි)
කලින් දන්නවනම් .....කොහොද ඉතින් පොලීසියට අහුවෙනකම්ම අපි දන්නේ නෑනේ (ස)
ජනතාව මේ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව කටයුතු කළයුතුයි. (නි)
මේ දේවල් වලට පාවිච්චි කරන නුවණ යහපත් දේට යොදවනවනම් අපේ රටත් මීට වඩා දියුණු වේවි. ඒත් අපේ අයගේ මොලේ වැඩිලා තියෙන්නේ අයහපත් දේ කරන්නමනේ (ස)
එයා කුමන ආගමේ කෙනෙක්ද? (නි)
පිස්සුද අනේ අපේ ලංකාවේ ඔය වගේ දේවල් වෙන්නේ නෑ (ස)