(රොමේෂ් මධුෂංඛ)
මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දරුවෙකුට (12) ඔහුගේ පියා පහර දීම නිසා දරුවා ඊයේ (16) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
පියා විසින් කළ පහර දීම නිසා දරුවාගේ පාද දෙකටම බරපතල ලෙස හානි සිදුවී පාද දෙකේම අස්ථි බිදී ගොස් ඇතැයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පවසති.
බීමත්ව පැමිණි සැමියා මුළු රැය පුරාම පහර දුන් බව තුවාල ලබා ඇති දරුවාගේ මව පොලීසියට පවසා ඇත.
මාන්කුලම පොලීසිය හා වවුනියාව රෝහල් පොලීසිය එක්ව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇතත් සැකකාර පියා මේ වන විට නිවසින් පලා ගොස් ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රැයක් පුරාවටම, දරුවාට පහර දෙනකම් බලා හිටියේ ඇයි? අසල්වැසියන්ට කියා හෝ පොලිසියට කියා හෝ මේ අසරණ දරු පැටියාව බේරා ගැනීමට මේ මවට නොහැකි වූයේ ඇයි?
අවුරුදු 25ට අඩු තාත්තලා ළමා මානසිකත්වයෙන් සම්පුර්ණයෙන්ම අත්මිදිලා නැතිනිසා දරුවන්ගේ වටිනාකම දන්නේ නැහැ. බටහිර රටවල කරන ලද සමීක්ෂණ වලිනුත් පැහැදිලිවන්නේ වයස වැඩි දෙමව්පියගේ කුඩා ළමයින්ට ලැබෙන ආදරය සහ රැකවරණය, අනෙක් පාර්ශවයට වඩා කිහිප ගුණයකින් වැඩි බවත් එම දරුවන්ගේ අනාගතය ඉතා යහපත් වන බවත්ය...
මේවා අහනකොට ඇඟ හිරි වැටෙනවා. ඔය කියපු අධමයා කකුල් හතරේ කෙනෙක් වෙන්න ඇති. අත්අඩංගුවට ගත්තු හැටිය හොඳට සලකන්නැයි තියෙන්නේ! දරුවාගේ අම්මට තිබුනේ පොල්ලක් අරන් ඔය යකාගේ ඔළුවට ගහන්නයි !!!