ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ සිරිසේන අමරවීර (සිරි අමරේ) මහතා (83) අභාවප්‍රාප්ත විය. කොටුවේ ටයිම්ස් මන්දිරයේ ලංකාදීප පත්‍රය පැවැති සමයේ මාධ්‍ය ජීවිතය ඇරඹූ ඔහු පසුව දිනමිණ හා සිළුමිණ පුවත්පත්හි සේවය කළේය. ඔහුගේ මාධ්‍ය ජීවිතය වසර පනහකටත් වැඩිය. මහානාම දිසානායක පෙරමුණේ තිලක ධර්මසිරි ජයකොඩි, උපාලි රූපසිංහ වැනි ප්‍රවීණ මාධ්‍යවේදීන් සෙවනේ හැදුණු වැඩුණු සිරි අමරේ ‘ස්කූල්‘ හෙවත් කිසිවකුටත් නැති පුවත් සොයාගැනීමේ රුසියෙක් විය. බොහෝ පුවත්පත් ව්‍යාපාරික පිටු බිහි කරන්නට පෙර ඔහු ඒ කාරිය කැපී පෙනෙන අන්දමින් ඉටු කළේය. ඔහුගේ බිරිය ඔහුට පෙර මිය ගියාය. උදිත ඔහුගේ එකම පුතාය. දේහය ඇතුළුකෝට්ටේ තොටුපළ පාරේ අංක 80 දරණ නිවසෙහි තැම්පත් කර ඇත. ආදාහනය බොරැල්ල කනත්තේදී බ්‍රහස්පතින්දා සවස සිදු කිරීමට නියමිතයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවත්පත් හා මාධ්‍ය කලාවට මෙපමණ සේවයක් කල මෙතුමාගේ ඡායාරුපයකුත් දැම්මානම් ගොඩක් වටිනවා..
ඔබට නිවන් සුව ලැබේවා
සිරි අමරවීර නැමැති මාධ්‍යවේදියාට නිවන් සුව පතමු