
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන පරිගණක අපරාධ පනත කාලයට ගැලපෙන ආකාරයට තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇත.
සයිබර් අපරාධ වැඩිවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
සයිබර් අපරාධවලට අදාළ සිදුවීම් කීපයක් පසුගිය දින කිහිපය තුළ අනාවරණය වූ අතර ඒ සම්බන්ධයෙන් විදේශිකයෝ විශාල පිරිසක්ද රිමාන්ඩ් භාරයේ පසුවෙති.
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන වඩාත්ම තීරණාත්මක නීතිය වන්නේ 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතයි.අනවසරයෙන් ඇතුළු වීම සහ දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් මින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන සැලසී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
BEE KEEPER MOVIE එක බැලුවනම් මේ වගේ උන්ට දෙන දඬුවම් බලා ගන්න තිබ්බ. අහිංසක මිනිසුන්ගේ සේසතම හොරකම් කරන එකට බරපතල වැඩ සහිත දඬුවම් ඕනේ.