ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 146ක් පිරීම සමරමින් විශේෂ පාගමණක් කොළඹ ගාලුමුවදොර පිටිය අසලින් ඇරඹින, පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෝ ද එක්වූහ.
අපරාධ මර්ධනය, පොලිස් මහජන සබඳතා ආදියද පෙරහරින් කැපී පෙනිනි. ත්‍රීරෝද රිය රැසක්ද ඊට එක් විය.
යටත් විජිත සමයේ සිට මේ දක්වා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් වුණු ආකාරයද පෙරහරින් දැක ගත හැකි විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං නම් ඔතනින් ආසම stf එකට . ජය වේවා .......! (දී)
කලු පැල්ලම් මතින් ඉදිරියට විත් මහජනතාව වෙනුවෙන් සිදු කරන අභිමානවත් සේවයක් සදහා කැප වෙමු. (නි)
මං බය උණා පොලිසියත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගෙකට බැහැලද කියල. කියන්න බෑනෙ මේක ලංකාවනේ. එහෙම වෙන්න කලියෙන් පුලු පුලුවන් කොයි කවුරුත් ගල්කටස් එකක්වත් ගෙදර ගෙනත් තියාගත්තොත් හොදයි. නැත්තන් ඉදල හමාරයි දැන් කාලෙ රටෙ ඉන්න තක්කඩින්ගෙ හැටියට...(ස)
බලාගෙන යද්දි පොලීසිය කිව්වොත් අපේ රටේ නන්ගිලා පන දෙන්න වුණත් ලෑස්තියි වගේ. (ත)
සුභ උපන්දිනයක්. ද මාර්ග නීති කඩලා අහුවෙන අය තමක්කරලා කේක් ඉල්ලගන්න. (ත)
ඔබගේ සේවය අගය කරනවා .කෞතුකාගාරය ගැන කම් කතා එපා...(ස)
පොලීසියේ දවසක් ස්ට්‍රයික් කරොත් මුළු රටටම ස්ට්‍රයික් කරන්න වෙනවා...(ස)
අවංකවම කියනවා නම් පොලිසිය ගැන දැන්නම් මහජනතාවගේ හිතේ කිසිම පැහැදීමක් නැහැ. (නි)
මෙච්චර තමයි අඩු. මේවා පෙන්නලා ජනතාවගේ අවදානය වෙන අතකට හරවල බදු මිල අයෙත් වැඩිකරලා (ස)
පරණ විදියට කොට කලිසමම දීලා තිබ්බනම් ඉවරයි..!!(නු)
කවුරු මොනව කිව්වත් පොලීසිය පැයක් වහලා දැම්මොත් වෙන දේ හිතාගන්න බැරි වෙයි. සුභපැතුම්.. (ත)
සුභ පැතුම්! (නි)
පිරිහෙච්ච ආයතනයක් වෙලා.
අභිමානය ගැනනම් කතා කරලා වැඩක් නෑ .(ස)
හරම ලස්සනයි. (ත)
රටේ අපචාර ඉහලට යනවා, පොලීසිය කොට කලිසම් අදින එක හොඳ මදි . මොකද ඒ අයගේ ආරක්ෂාවට හොඳ මදි...(ස)
මොකද මේ ෆොටෝ පල්ලියක් පසුබිමේ අරගෙන තියෙන්නේ
නියමයි (දී)
ස්වාධීනත්වයක් නැති ආයතනයක්. මිනිස්සු වැඩියෙන්ම තරහා ආයතනය මේක. (ත)
මෙයාලා කරන නරක වැඩත් පෙන්නුවානම් තවත් කැපී පෙනෙනවා...!(නු)
මට නම් හිතෙන්නෙ අපෙ රටට කෙරෙන ලොකුම සේවය කරන්නෙ මේ අය. නමුත් බොහෝ මාධ්‍ය වාර්තා කරන්නෙ මේ ගොල්ලන්ගෙ වැරදි මිසක් හොද නෙමෙයි. අඩු තරමින් පාරක් පනින්න හරි පොලිසියේ කෙනෙක්ගෙන් උදවුවක් නොලබපු කෙනෙක් නැතුව ඇති මේ රටේ. සමහර විට ඇතැම් අය මේ කතාවට විරුද්ධ වෙන්න පුලුවනි. ඒත් ඒ අය අද නොහිටින්න ඔබට හෝ ඔබේ පවුලට කරදරයක් අසාධාරණයක් වුණොත් ඔබට පතන්න ඉතුරු වෙන්නෙ වෙන කාගෙ පිහිටක්ද ද කියන එක ගැනත් (පාට පාට කණ්ණාඩි ගලවලා) පොඩ්ඩක් හිතලා බලන්න. (නි)
පළමු සහ දෙවන ඡායාරූප මාව මගේ ළමාකාලයට ගෙන ගියා..!! කොහොමද අපි පෙළගැහෙන්නෙ කෝච්චිය වගේ.. කිසිම හැදියාවක් නැහැ අදහසක් නකැහැ ඇත්තටම පෙළපාලියක් ගැන..!!(නු)
මානසික විද්‍යාවෙ කියමනක් තියෙනවා "කාවහරි අපරාධකරුවෙක් කිරීමට අවශ්‍ය නම් ඔහුට ඒ ආකාරයට සළකන්න" කියලා. ඒ වගේම තමයි පොලිසියත්. සමාජය පොලිසියට සලකන විදිහටම අන්තිමට පොලිසියත් වෙනස් වෙනවා. දූෂිතයි දූෂිතයි කිව්වොත් එහෙම නැති අයත් අන්තිමට දූෂිත වෙනවා. මැරයන් මිනීමරුවො කියල ලේබල් ගැහුවොත් අහිංසක කෙනෙක් වුණත් අන්තිමට ඒ විදියෙම මැරයෙක් විදිහටම ආපහු සමාජයට සළකනවා. මීට පිළියම් කරන්න ඕනෑ විනය නිති වලින් නෙමෙයි, මෙතනින් ය කියන එක වගකිව යුත්තන් තේරුම් ගන්නැති එකයි ප්‍රශ්නෙ. ඇමරිකාවෙ ජනතා ආයතන පදනමක් නැතිව විවේචනය කරනවා කියන්නෙ දඬුව්ම් ලැබෙන වරදක්. දැන්වත් මේ ගැන අවධානය යොමු වුණොත් හොදයි. (නි)
පොලීසියෙ ඕන තරම් හොඳ නිලධාරීන් ඉන්නවා. ඒත් කිරි කළේට ගොම ටිකක් හරි වැටුණොත් ඒක කැපිලා පේනවා, ඒකයි දැන් වෙලා තියෙන්නෙ. අපෙන් සුබ පැතුම්. (ස)
තවත් වසර ගනනාවක් ජනතා සේවය කිරීමට ඔබලාට ශක්තිය, ධෛරය ලැබේවා!!!!(ස)
වගකිව යුතු නිලදාරීනි, 1. මෑත ඉදිරි කාලය තුළ පොලීසියට නිලධාරී ශ්‍රේණියෙ පිරිස් බඳවා ගන්නවාද? 2. පසු ගිය අවස්තාවක පැවති පරීක්ශණයකින් අසමත් වුණු අයවලුන් යලි සළකා බැලේද? කරුණාකර මේ පිලිබඳ දැනුවත් කිරීමක් කරන්න. ස්තූතියි. රොශාන් සෙනෙවිරත්න (දී)
' ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ' සුභ පැතුම්...(ස)
ඉතා සුළු පිරිසක් නිසා අපේ පොලිසිය පිරිහුණත් බහුතරයක් නිලධාරීන් කාර්යක්ෂම දක්ෂ අය.. රටේ වැලලී ගිය ගොඩක් අපරාධ මේ අය පහයුගිය වකවානුවෙ අල්ලලා නීතිය ඉදිරියට ගෙනාවා..!! මොනවා උනත් මේවා දේශපානීකරණය නොකර ස්වාධීනව වැඩකළ හැකි දෙපාර්තමේන්තුවක් කරනවානම් ගොඩක් හොදයි.. සුභ පැතුම් අපේ පොලිසියට..!!(නු)
රටේ අභිමානය රැදී පවතින්නේ පොලිස් නිළධාරීන්ගේ අතේය (නි)
මම හිතුවේ පොලීසිට උද්ඝෝෂණයක් කරනවා කියලයි. පොලිස් නිලධාරීන්ගේ පොස්ටර් ප්‍රදර්ශනය කිරීම මේකට ගැලපෙන්නේ නෑ...(ස)
මොනව උනත් බල පුලුවන්කාරකම් නැති පොඩි මිනිහට අන්තිමට පිහිටට ඉන්නෙ පොලිසිය විතරයි. ඒ නිසා ඒ වගේ ආයතනයක ස්වාධිපත්‍යය රැකෙන විදියට කටයුතු කළ යුතුමයි. (දී)
මොනවා කිවුවත් පොලිසිය තමයි වැඩියෙන් බර කරට ගන්නේ (නි)
මිනිස්සු පොඩිදෙයක් වුණත් මහා ලොකුවට හිතනවා (නි)