(මහින්ද නිශ්ශංක)
ලබන 15 වැනි දා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථවල ගමන් කරන මගීන් ප්‍රවේශ පත්‍රයක් ළඟ තබා ගැනීම අනිවාර්ය කෙරේ. මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ද කොන්දොස්තරවරුන්ට අනිවාර්ය කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි.
ප්‍රවේශපත්‍රයක් නොමැති මගීයකුට රුපියල් 100 ක දඩයක් සමග ගමන් ගාස්තුව මෙන්ම දෙගුණයක දඩයක් නියම කෙරේ. මගීන්ට ප්‍රවේශපත්‍ර නොදෙන කොන්දොස්තරවරුන්ට මුල් වතාවේ රුපියල් 250 ක් ද දෙවනුව රුපියල් 500 ක් ද තෙවනුව රුපියල් 1000 ක දඩයක් සමඟ කොන්දොස්තරවරයා අසාදු ලේඛන ගත කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන්ට දඩගසන එක ඉතාම අසාධාරණ වැඩක් ටිකට් ඉල්ලලා කොන්දොස්තරලා එක්ක රණ්ඩුවෙන්න කව්රුවත් කැමති නැහැ බස් රථයේ අයිතිකරුට හා සේවකයින්ට දඩ ගසන ක්රමයක් හදන්න ඉතිරි සල්ලි නොදෙන කොන්දොස්තරලා සියයට 99 ක් ඉන්නවා ඒවටත් මොනවහරි කරන්න