එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමිවී තිබෙනවා. පත්වන නව ආණ්ඩුවේ අගමැතිධූරය මා භාර ගන්නේ සම්මුතිවාදයක් ගොඩනගන්න. පසුගිය ජනවාරි 08 වැනිදා අපි ඉදිරිපත් කළ යහපාලන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට අපට ජනතා වරමක් ලැබී තිබෙනවා.
අපි මේ වෙලාවේ සියලු පක්ෂවලට ආරාධනා කරනවා ජාතික කර්තව්‍යයකට එක්වන්න කියා. සම්මුතිවාදයෙන් ඉදිරියට යන්න රජයට එක්වී ඇමති හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්හි වගකීම් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ ඇතිකරන තනතුරු භාර ගැනීම කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට පුළුවන්. අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පිහිටුවනවා. දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩල පිහිටුවා ඒවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභාපතිවරු ලෙස පත්කරනවා. සිවිල් අංශයෙන් උපදේශක සභා ඇතිකරලා වගකීම් භාර දෙනවා.
සම්මුතිවාදයට එක්වන අයට තමන්ට කැමති විකල්ප තෝරාගත හැකියි. සියලු දෙනා එකතුවී පරණ දේශපාලනය පැත්තකට දාලා මූලික ප්‍රශ්නවලට එකඟතාව ඇතිකරගෙන යමු. අවුරුදු පහක් බලමු. නැතිනම් අවුරුදු දෙකක් බලමු. මා අගමැති ධූරයේ දිවුරුම් ගත්තාට පසු සම්මුතිවාදයෙන් යන පාර්ලිමේන්තුවේ යහපාලනය අනුමත කර කටයුතු කළ හැකියි.
‘නීතිගරුක මැතිවරණයකට මුහුණ දුන්නා. ඉදිරියට ගිහින් ප්‍රශ්න විසඳලා දුක් විදින අයට යහපත ඉටුකරන පාලනයක් ඇතිකරමු.‘ යැයිද වික්‍රමසිංහ මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමටත් පොකුරු ගමක්! (ම)
පළමුව ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! ඔබතුමාගේ ඉවසිලිවන්ත භාවය, දුරදක්නා නුවන,මනාහැසිරීම,අවංකභාවය,නිවැරදි තීරණ,උගත් භාවය,සංවරශීලි රාජ්‍ය පරිපාලනය, ජනතාවගේ පැසසුම් සහිත ආශිර්වාදය ඔබව ඔතනට ගෙනිහින් තිබෙනබව කිවයුතුයි! එම ජනතාවගේ බලාපොරොත්තු අකුරටම නොපිරිහෙලා ඉටුකර වත්මන් ශ්‍රී ලක් දීවයින ලෝකයා ඉදිරියට අභිමානවත් ලෙස රැගෙන යාමට ඔබට ආශීර්වාද කරමි! (බ)
ඉතාමත් උතුම් ප්‍රකාශයක් (ම)
විකුම්! ඔබගේ අදහස් වලට මාත් එකගයි (බ)
රටට ජය ගෙන දෙන නායකයා ඔබයි (ම)
රට හදමු. සංවර්ධිත රටක් කරමු.වැඩක් කරලා පෙන්නන්න දැන් ඔබතුමාට හොදම අවස්ථාවක් .(ම)
ඉතාම හොඳ සංකල්පයක්. සියලුදෙනාම සහයෝගය දීම වැදගත් .(ම)
පක්ෂ පාට ඇතුළු සියලු වාද බේද ඉවත දමා...ශ්‍රී ලංකික කියන සංකල්පය යටතේ රට ගොඩ නැගුමට මෙය තරම් කදිම අවස්ථාවක් තවත් නැහැ . පවුල් වාදය පසෙකලා ... සම්මුතිවාදයෙන් රට ගොඩ නැගුමට ඔබ තුමාට වාසනාව ශක්තිය දිරිය ලැබේවා..!!(ම)
මහිදගේ කිසිම කෙනෙක්ට අපි දෙන්නේ නැහැ (ම)
ඔබතුමාට උඩුරවුලක් නැති වුණාට , පපුවට වැදෙන වීර කතා කියන්න බැරි වුණාට අපට ඕනේ හොරකම් නොකරන , රටේ නිතිය සහ සාමය ආරක්ෂා කරගන්න පුළුවන් , ලෝකය පිළිගන්න මැර කම් නැති නායකයෙක් , (ම)
ඔබතුමාට ජය වේවා! දේශපාලනයෙන් තොර නිදහස් පොලිසියක්, රාජ්‍ය සේවයක්, සැමට නීතිය එක සමාන ක්‍රමයක්, ඡන්ද ක්‍රමයේ යහපත් වෙනසක් (20 සංශෝධනය), හොර වැඩ නවතන නීති/දැඩි දඬුවම්, වගේ පවතින ක්‍රමය වෙනස් කරන්න හැකියාව ලැබේවා!!! එතකොට කවුරු දිනුවත් රටට ප්‍රශ්නයක් නැහැ. මනාප වලිනුත් හරි අය තෝරාගන්න බැරි වුණ අය,දැන්වත් තමන්ගේ ඔලුව පාවිච්චි කරන්න පුරුදුවෙන්න.8 (නි)
අපිටත් ඕනේ හැමෝම සහයෝගයෙන් වැඩකටයුතු කරගෙන ඉදිරියට යනවා දකින්නයි නැතුව එකාට එකා මරාගැනීම් නෙවෙයි.(ම)
ජාතිබේද නැති රටක් ගොඩ නගමු. (ම)