(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස්  කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට අද(28) උපදෙස් දුන්නේය.  

 කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ කෙරෙන පර්යේෂණ  කුමන ආයතනයකින් කළ  ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයකින් සිදු විය යුතු බව කී අමාත්‍යවරයා සියලු  පර්යේෂණවල ප්‍රතිපල ගමේ ගොවියාට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද සඳහන් කළේය.

සියළුම පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.