ඕස්ට්‍රේලියා වෙරිබි ශ්‍රී ලාංකික සංස්කෘතික පදනම හා සිංහල පාසල එක්ව සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවය පොයින්ට්කුක් වෙරළාසන්න උද්‍යන භූමියේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකික දරු දැරියන්ට සිංහල අවුරුදු සංස්කෘතිය පිළිබඳව වැටහීමක් ලබාදීමේ ප්‍රධාන අරමුණෙන් මෙය සංවිධානය කළ බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සුන්ට ජාතික හැගීමක් නැහැ. හොඳ වැඩකටවත් හොඳ කියන්න දන්නෙ නැහැ. (නි)
සංස්කෘතික පදනමේ අවරුදු උත්සවය ඉතා හොඳින් සංවිධානය කරලා තිබුනත් අවුරුදු කෑම මේසය තියල තියෙන්නේ ගිනි අව්වක වගේ කියලයි පෙනෙන්නේ.(නදී)
ඒ වගේ වැඩ ඉතා වැදගත් වැඩ (දී)
ගාමිණි, මා මෙම උත්සවය සංවිධානය කල අයෙක්. අවුරුදු කෑම මේසය එළි මහනක තියන්න තරම් අප නුගත් අය නොවේ. (නදී)
මේ දවස් වල මෙල්බර්න් වල ගිනි අව්වක් හොයාගන්න එක කොහොමත් ලේසි නැහැ. :) (නි)
ඕස්ට්‍රේලියාවේ මිනිස්සු මේවා දැකල මොනවා කියනවාද දන්නෙ නැහැ. හමත් කලුයි නේ. ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගියහම කරන්න ඕනැ ඒ රටේ සංස්කෘතියට අනුගත වෙන එක. ඒක තමයි ඕස්ට්‍රේලියාවේ සුද්දො අපේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ මිනිස්සු ගිහින් මේ වගේ නුතන ලෝකෙට නොගැලපෙන හණමිටි සිරිත් විරිත් එහෙත් කරනවා කියන්නේ ඒ මිනිස්සු අපිට හිනා වෙන එකයි අපි ගැන පිළිකුල් කරන එකයි විතරයි. (නි)
ඔස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, අපේ සිරිත් විරිත් පිලිපදිනවට. මේ වගේ උත්සව වලට ඒ ගොල්ලෝ ඇවිත් අපේ කෑම කාලා සන්තෝෂ වෙලා යනවා. ඒත් අපේ කළු සුද්දෙක්ට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඕකට තමයි කියන්නේ හීනමානය කියලා. තමන්ගේ රටේ ජාතියේ වටිනාකම තමන්ම දන්නේ නැහැ. අපි ලෝකේ කොතන ගියත් අපේ අනන්‍යතාවය තියාගන්න දැන ගන්න ඕනෑ. එදා ඉඳන් අපි වරද්දා ගත්තේ කළු සුද්දෝ වෙන්න ගිහින්. දොස් කියලා වැඩක් නැහැ. අඩු අධ්‍යාපනයේ ප්‍රතිපල. (නි)