ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් අතර පැවති අවුරුදු උළෙලේ සම්ප්‍රදායික තරඟ ඇතුළත් විය.
තමන් ගම රට හිටියා සේ දැනෙන බව මේ තරඟ නැරඹූ ශ්‍රී ලාංකිකයෝ කීහ.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් අතර පැවති අවුරුදු උළෙලේ සම්ප්‍රදායික තරඟ ඇතුළත් විය.
තමන් ගම රට හිටියා සේ දැනෙන බව මේ තරඟ නැරඹූ ශ්‍රී ලාංකිකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුල ආඩම්බරයි නෙවේ ආඩම්බරයි වගේ රග පන්නයි වෙලා තියෙන්නේ. නැති නම් ඔලුව කෙලින් තියන් ජිවත් වෙන්න බෑ.හොරෙන් ඉන්න තැනක් ඉල්ලනවා.විස හදාගන්න උදවු ඉල්ලනවා.සල්ලි නයට ඉල්ලනවා.රස්සා ඉල්ලනවා.ඉතින් අපේ කෙනෙක් පාරේ දැක්කත් දැක්කේ නවගේ තම ඉන්නේ.(අ)
රකිත් කොහේ වුණත් සිංහල අවුරුදු උත්සව පවත්වන්නේ ලංකාවට අදාළ සංස්කෘතියටයි.ඕස්ට්‍රේලියාවේ උත්සව පැවැත්වුයේ අපේ අය මිසක් ඔස්ට්‍රේලියාවේ ජනතාව නොවෙයි. (නි)
මේ අවුරුදු උත්සවය මෙල්බර්න් වලයි තිබුනෙ.(නදී)
චටුල, ඔයා හැම තිස්සෙම වැරදි පාරේ යන්නේ. ඔස්ට්‍රේලියාවේ විතරක් නොවෙයි ඉතාලියේ ඉන්න ගොඩක් ලංකිකයොත් ආඩම්බර කාරයෝ තමයි (අ).
වතුල හැමෝම එක වගේ නැහැ. ලොකුවට ඔය පොඩි දෙය ගණන් ගන්න එපා (නි)
ඕස්ට්‍රේලියාවෙ තියන ලොකුම අවුරුදු උත්සවය මේක. (නි)
අජිත්, මෙම උත්සවය ගැනවත්, අපේ සංස්කෘතිය ගැනවත් නෙමෙයි ප්‍රශ්නය. ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සංස්කෘතිය පිළිබඳවයි මා ප්‍රශ්න කළේ. (නි)
මේක සංවිධානය කළේ රට ගැන ආදරයක් ඇති අය. සංවිධායකයන්ට අපි ගරු කළ යුතුයි. හීනමානය අයින් කර ගනිමු! (නි)
මාලදිවයිනේ නම් අවුරුදු 3ක ඉඳන් අවුරුදු උත්සවයක් නැහැ. (නි)
ඕක කන්බරා නගරයේ උත්සවය. බද්‍රා නෝනා /තානාපති කාර්යාලය සංවිධානය කලේ.(නදී)
මෙය සංවිදානය කලේ වික්ටෝරියාවල ඉන්න ශ්‍රීලංකා ජර්මන් තාක්ෂනික විදුහලේ ආදි සිසුන්.(නදී)
මාලා, රීටා, පොඩි දෙයක් අල්ලගෙන ලොකු කරගෙන දඟලන්න එපා. වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්නවා. ඔයාලා කතා කරන්නේ හරියට ඔයාලා ඇරෙන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න අනිත් ශ්‍රීලාංකිකයෝ ඔක්කොම වීසා නැතුව ආව අය වගේනෙ. අපිත් ඉන්නේ ඔය රටේම තමයි, හොඳ නරක දෙකම අපි දකිනවා. අපේ ලොකු කම පෙන්නන්න සුළු පිරිසකගේ වැරදි කිය කිය ඇවිදින්නේ නෑ.(නදී)
මට අද හම්බුවුණා අපේ ළමයි හතරපස් දෙනෙක්. මම ඇහුවා උදව්වක් එහෙම ඕනෑද කියලා? රස්සාවල් තමයි නැත්තේ කිව්වා. මම දන්නා රැකියා ඒජන්සියකුත් මම පෙන්නුවා. (නි)
හරිම ආඩම්බරයි අපේකම ගැන. (නි)
මට දුකයි මේ ප්‍රතිචාර දැක්කම . (නදී)
වෑඩේ හොඳයි. ඒ වුණාට ඔස්ට්‍රේලියාවෙ ඉන්න සමහරක් ලාංකිකයො හරි ආඩම්බරකාරයො (නි)
මාලා, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පින්සිදු වෙන්න ඔයා අද රස්සාවකුත් කරගෙන හොඳට ඉන්නවා . එහෙම නැතුව ඔයාගේ අම්මා තාත්තගේ බලපුලුවම්කාරකමටවත් සල්ලිකාරකමටවටත් ඔයා ඕස්ට්‍රේලියා ආවේ නැහැ නේද? ඕස්ට්‍රේලියා ඉන්න හැම දෙනාම ලංකාවේදී දුක් විඳපු, තව දුරටත් දුක විඳින්න බැරි හන්දා ආපු අය. එහෙම වෙච්ච ඔයාට කවුරු හරි උදව්වක් ඉල්ලුවහම අහක බලාගෙන යන්න තරම් ගුණමකු වුණේ කොහොමද? ඔයාගේ හදවතට තට්ටු කරලා අහන්න ඔයා ඕස්ට්‍රේලියාවට ආපු මුල් දිනවල විඳපු දුක් ගැන. (නි)
රකිත් මහත්තයෝ අන්තර්ජාලේ තියනවා ඔක්කොම විස්තර.(නදී)
ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය ආක්‍රමනය කරනවා කියලා සමහරු පාරවල් ගානේ හු තිය තියා ගියේ නැද්ද....? (නි)
ඕස්ට්‍රේලියාවට කොහෙද සංස්කෘතියක් තියෙන්නේ? සංස්කෘතිය ස්ථාපිත වෙන්න සෑහෙන කාලයක් යනවා. (නි)
එහෙ අපේ දෙයක් කරද්දී හුරේ දාමු.මෙහෙ වෙන රටක දෙයක් කරද්දී සංස්කෘතිය විනාශ කරනවා කියල කුණු බිත්තර ගහමු. (නි)
අරගොල්ලන්ට ආරාධනා කලේ නැද්ද විවෘත කරන්න? ක නම් සතුටින් බාර ගනීවි. (නි)
මට බෙන්දිගෝ වල තිබුණු අවුරු උත්සවය ගැන ප්‍රවෘත්තියක් දෙන්න ඕනෑකමක් තියෙනවා. (නි)
මම හිතන්නේ නැහැ කෙනෙක් පිටරට ජීවත්වීම ආඩම්බර වෙන්න තරම් කාරණයක් කියලා. (නි)
රකිත්, හැම ජාතියකටම රටකටම සංස්කෘතියක් තියනවා. එක තේරුම් ගන්න මොලයක් ඕනෑ.සංස්කෘතිය කියන්නේ අපේකමයි, ඇදුමයි, ඉතිහාසේ තිබුණු නටඹුන් ටිකයි විතරක් නෙමෙයි.මෙහාට සුද්දෝ ආවෙ එංගලන්තෙන් වුණත් මෙහෙ සංස්කෘතිය එංගලන්තේ සංස්කෘතියටත් වඩා අද වෙද්දී වෙනස් වෙලා. (නි)
බොහොම සන්තෝෂයි (නි)
සේනක දන්නා දෙයක් කියන්න. (නි)
හොඳ වැඩක්. නියම වුවමනාවක් ඇති අය ඉන්නවා පේනවා (නි)
මෙහෙ අපේ අය දැක්කොත් සල්ලි ඉල්ලනවා.ගත්තම දෙන්නේ නැහැ.හැබැයි හැමදාම බොනවා. සල්ලි දෙන්න වෙනකොට තරහවෙලා වගේ. දකින වෙලාවක් ඇත්තම් ඉන්නේ පන්සලේ හෝ පල්ලියේ. (නි)
අනේ ජෝයි මහත්තයෝ, ඔය කල්පනා කරලා දුන්න උත්තරේද? අන්තර්ජාලයේ නොයෙකුත් දේවල් තියෙන බව මා දන්නවා. එහෙත්, ඔබතුමා කිව්වනේ එංගලන්තේ සංස්කෘතියටත් වඩා වෙනස් කියලා. ඉතින් ඇයි, ඒ ගැන විස්තරයක් කරන්න බැරි. මා බලාපොරොත්තු වුණා, ඕස්ට්‍රේලියාවේ ජිවත් වන කෙනෙක් හැටියට, ඔබතුමාගේ අත්දැකීම් අනුව විග්‍රහයක්. (නි)
මේ මොන ප්‍රාන්තයේ අවුරුදු උත්සවයද අනේ? (නි)
හොඳයි, ජෝයි. එහෙනම් මොලේ කල්පනා කරලා මට කියන්නකෝ ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සංස්කෘතිය ගැන විස්තර ටිකක්. (නි)