IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සයිප්‍රසය පවුම පහළ දමයි

සයිප්‍රස් රාජ්‍යය රන් සංචිත වෙළෙඳපොළට මුදා හැරීම නිසා ශ්‍රී ලංකාවේ රන් පවුමක මිල රුපියල් 11,000කින් පමණ පහත වැටී යළි සුළු වශයෙන් ඉහළ යන ළකුණු දක්නට ඇතැයි මූල්‍ය හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ කියති.

දින හත අටකට පෙර රුපියල් 50,000ක්  වූ රන් පවුම බ්‍රහස්පතින්දා රුපියල් 39,000 න් පමණ වූ බව කොළඹ රන් බඩු ව්‍යාපාරිකයෙක් කීය.

අද රන් ගනුදෙනු වැඩිවූ නිසා පවුමේ මිල ඉහළ යන ළකුණු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පසුගිය මාස කීපයේම රන් පවුම රුපියල් 50,000කට පමණ උසස් කළ හැකි විය.



අදහස් (0)

සයිප්‍රසය පවුම පහළ දමයි

පුෂ්පා Saturday, 20 April 2013 06:00 AM

මේක පිට දාලා අපෙත් බඩු මිළ ඉහල දායිද මන්දා? (නි)

:       0       0

නුවන් Saturday, 20 April 2013 07:16 AM

එතකොට අපේ තිබුණු රත්තරන් සංචිත කෝ?.කෝ යුද්ද කාලේදී අල්ල ගත්තු රත්තරන් වලට මොකද කලේ? මටත් ටිකක් දුන්නනම් මමත් කට වහගෙනම ඉන්නවනේ?(නදී)

:       0       0

ශානිකා Saturday, 20 April 2013 05:20 PM

ගාමිණී, ලංකාවේදී හිතන්නේ සයිප්‍රස් දිවය ලෝකේ කියලා. ඇවිත්ම බලන්න ඕන එකේ අරුමේ. දැන්නම් මෙහේ අය අපෙන් ඉල්ලාවි ජිවත් වෙන්න සල්ලි.(නදී)

:       0       0

ශානිකා Saturday, 20 April 2013 05:24 PM

ගාමිණී,කම්පා නොවී ඉන්න පුළුවන් මේ රට හොදට තිබුනා නහ්. ටික කාලයක් මෙහේ නවතින්නත් තිබුනා. අපේ ලංකාවේ අය ගොඩක් දැන් එවනවා. ඒ අයට පඩි ගෙවන්න සල්ලි නෑ කියලා. ගොඩක් අය‍ට ජොබ් නැති වෙලා. ගොඩක් අය‍ට දැන් කන්නවත් නැති තත්වයක් තියෙන්නේ.(නදී)

:       0       0

සංජය Saturday, 20 April 2013 08:41 AM

පිස්සු කතා කරන්න එපා.(නදී)

:       0       0

ශානිකා Saturday, 20 April 2013 09:36 AM

අනේ ගාමිණී, රත්තරන් දුන්නත් දැන් සයිප්‍රස් නම් එන්න එපා.(නදී)

:       0       0

සංජීව Saturday, 20 April 2013 09:56 AM

මේ ටිකම තමා කවදා හරි ලංකාවේ වාහන වෙළදපොළටත් වෙන්නේ. වැඩි ඇතක නැහැ ඒ ටික වෙන්න. (නදී)

:       0       0

ශාන් ප්‍රනාන්දු Saturday, 20 April 2013 11:22 AM

කොහෙවත් රටවල රත්තරන් බදු මිල පහ පහල වැටුනව අපිට මොකෝ. එයාල රත්තරන පලදින්නේ නැහැ. අපිට ඕනේ අපේ රටේ රත්තරන් මිල පහල බසින්න. මොකද ලංකාවේ අය එහේ යන්නද රාත්තරන් මිලදී ගන්න.(නදී)

:       0       0

සදවතී Saturday, 20 April 2013 11:31 AM

අපිට මොකෝ කොහෙවත් රටක රත්තරන් අඩු උනාට. (නදී)

:       0       0

අයෝමි, Saturday, 20 April 2013 11:38 AM

පිස්සු අපිට මොකෝ කොහේවත් රටක රත්තරන් අඩු කරාට. (නදී)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 08:39 PM

නොවැදගත් දෙයක් ලෝකයේ ඉහල මට්ටමක තියාගන්න රටවලට ලොකු පාඩමක් ඉගැන්වූ සයිප්‍රසයට සුභ පැතුම්! තවත් මිල බස්සනවා නම් අපිත් එනවා සයිප්‍රස්. (නි)

:       0       0

ඉෂාර Friday, 19 April 2013 09:07 PM

සයිප්‍රස්වල ජනතාව රත්තරන් පාවිච්චි කරන්නේ නැහැ.(නදී)

:       0       0

අමිල Friday, 19 April 2013 09:15 PM

ඔන්න රත්තරන් ගනන් බැහැලා නේද?(නදී)

:       0       0

අජිත් Friday, 19 April 2013 09:55 PM

රත්තරන් උනත් මොකටද එක විදියකට ඉන්න බැරි නම්. එක එක දාට එක එක මිල. (නදී)

:       0       0

නිපුන Friday, 19 April 2013 10:59 PM

සයිප්‍රසය රත්රන් වික්කුනනේ ඔව්න්ට තිබෙන්න මුලල්‍ය අර්බුධය නිසා , නැතුව රත්තරන් නොවැදගත් නිසා නෙමෙයි . මෙතන අදහස්දාන සමහරක් අයට කිසිම ලෝකෙ ගැන දැනුමක් නැ වගේ අදහස් දාන්නේ..!(නු)

:       0       0

හේරත් එස් Friday, 19 April 2013 11:27 PM

අනේ රත්තරන්?(නු)

:       0       0

සමන් Saturday, 20 April 2013 12:36 AM

සයිප්‍රසයට මුල්‍ය අර්බුදයට විසදුමක් විදියට විකුණන්න රත්තරන් තිබුණා. එත් ලංකාවේ අපිට ඒ වගේ අර්බුදයක් අවොතින් විකුණන්න වෙන්නේ මොනවද? (නි)

:       0       0

රූපවතී Saturday, 20 April 2013 12:58 AM

සයිප්‍රසය රත්තරන් විකුනන්නේ ආසාවට නෙමෙයි. ලෝක බැංකුවෙන් ගත් ණය පියවීම සදහාය. (නි)

:       0       0

ගාමිණී Saturday, 20 April 2013 04:21 PM

ශානිකා! ඒ තරමටටම සයිප්‍රස් දුකද නංගියේ! කම්පා නොවන්න . (නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site