සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව ආගරපනත අග්‍රාඔය පැවැත්වෙමන් තිබූ වෛද්‍ය සායනයක් හදිසියේ නතර කැර ගැබිණි මවුවරුනට බෙදා දීමට ගෙනා විදේශ බෙහෙත් තොගයක් රජයේ රස පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව තලවාකැලේ ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනක් අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු එහි ගියේ ආගරපතන පොලිසිය සමගය. විදේශ වෛද්‍ය සිසුන් බව කියන දස දෙනකු මේ සායනය පැවැත්වූ බවත් බෙදා දීමට ගෙනා බෙහෙත් රස පරීක්ෂකට යවන බවත් ඔහුගේ වාර්තාව අනුව ඉදිරි පියවර ගන්නා බවත් වෛද්‍ය නිලධරයා කියයි. ගැබිනි මවුවරු 1500ක් පමණ මෙම සායනයට පැමිණ සිටියහ. මෙම බෙහෙත් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට සහතිකයක් දිය නොහැකි හෙයින් ඒවා පාවිච්චි නොකරන ලෙස මවුවරුනට උපදෙස් දුන් බව අබේගුණවර්ධන මහතා කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බරපතල තත්ත්වයක්. බොහොමයක් වෛද්‍ය සායන මෙහෙම තමයි. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ගන්නවා. නමුත් කවුරුවත් සොයා බලන්නේ නැහැ රෝගීන්ට ලබාදෙන ඖෂධ වල තත්ත්වය. කල් ඉකුත් වෙන්න ආසන්න, එහෙම නැතිනම් වැඩිපුර භාවිතා නොවන ඖෂධ ටිකක් එකතු කරලා බෙදලා දෙනවා. සායන සංවිධානය කරන අයට බෙහෙත් ගැන අවබෝධයක් නැහැ. මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි. වෛද්‍ය සායන වලට අවසර දෙන කොට ඒවායින් ලබා දෙන ඖෂධ වල තත්ත්වය පරීක්ෂා කරන ක්‍රමයක් තියෙන්න ඕන. එහෙම නැතිනම් මේ පුවතේ විදියට අහඹු ලෙස ඒවා පරීක්ෂා කර බලන්න ඕන. (හැම වෛද්‍ය සායනයක්ම මෙහෙම නැහැ.)
නිකන් දෙනවනම් ඕන දෙයක් පෝලිමේ ඇවිත් ගන්න ලෑස්තියි..