මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම හම්බන්තොට ආයෝජන කලාපයත් හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති බවත්, දැන් එතුමා ඒවාට විරුද්ධ බව කීම දරුවා උපන් පසු උප්පැන්න සහතික දෙන්න බැහැ කියනවා වැනි ක්‍රියාවක් බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
මෙම කටයුතුවල පීතෘත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගත යුතු බව ද කී අමුණුගම මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට පිඹුරුපත් සකස් කළ අතර එය හොඳ දෙයක් බව ද සඳහන් කළේය.
මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳ ගැටලූවක් ඇත්නම් එය සාකච්ඡා කර විසඳා ගත හැකි බව කී ඔහු එම වෛද්‍ය විද්‍යාලයෙන් පමණක් නොව සියලූ වෛද්‍ය විද්‍යාලවලින් එන වෛද්‍යවරුන් වෙනුවෙන් පොදු විභාගයක් පැවැත්විය හැකිනම් එය ඉතා හොඳ කටයුත්තක් බව ද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5 න් දැන් බාගයක්ම ඉවරයි. නටපු නැටුමකුත් නැහැ.කරපු වැඩකුත් නැහැ.බෙරේ පලුවකුත් නැහැ. ඒ වුණාට තාම අතිඋත්තම මහින්ද නාමය නැතුව කිසිම කතාවකුත් බැහැ. එ්කෙන්ම පේනවා මහින්ද කියන නමේ තියන ශ්‍රේෂ්ඨභාවය. (නි)
මහින්ද මහත්තය මුළු මහත් ජාතියකට ජීවිත දානය දුන්න පියා..එතුමා නොහිටින්න මේ උන්දලට විකුණන්න දෙයක්වත් නැති වෙනවා...(බ)
එතකොට පහන ඇල්ලුවෙ මෙයාද ? (බ)
මිනීමරු ප්රභාකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුණ විනාශයක් රාජපක්ෂ සමාගම අවුරුදු 5-6 තුලදී රටට කළා කියල අපි කිව්වේ කට කහනවට නෙමෙයි. දැන් ඉදිරි පරම්පරා සියයක් විඳවනවා. විඳවන්න සිද්ධ වෙනවා. ඔය දොස්තරලගෙන් බෙහෙත් අරගන්න අසරණයන් ජිවිතයෙන් වන්දි ගෙවනවා. (නි)
තාක්ෂණික දෝෂයක් නිසා ලිං මැඩියන් පිරිසක් දොස්තරලා වීමෙන් රටකට කරන දෙය අනෙක් දියුණු රටවලත් ආදර්ශයට ගත හොත් උන් සියල්ල ගස් මැඩියන් බවට උසස් වීමක් ලැබේ. පරිස්සමෙන්. මීට උකුස්සා. (බ)
ඔය ව්‍යාපෘති දෙකම රටට යහපතක් සිදුවෙන දේවල් (නි)
මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජාතියේම පියා තමයි (නි)
රටේම පියා එතුමා තමයි (නි)
පීතෘත්වය මහින්ද රාජපක්ෂ මහතාගේ වියහැකියි. ඔඩු දුවාගෙන එන පිළිකාව මහින්ද රාජපක්ෂ මහතාගේද කියන එකයි ප්‍රශ්නෙ (නි)
අනිත් වෛද්‍ය විද්‍යාල තුනේ විස්තරත් කියන්න බලන්න. (නි)
එතුමා දරුවන්ට උප්පැන්න දෙන්න ගියොත් සෑහෙන්න ප්‍රශ්න ඇතිවේවි (නි)
එතකොට බැඳුම්කර මගඩියේ අප්පච්චි කවුද මහත්තයෝ? (නි)
ඔහෙලට වටින්නේ නැතුවට රටක් වටිනා තාත්තෙක් තමයි මහින්ද අපට නම්! (නි)
එහෙට මෙගෙට පැන පැන කියන කතා නවතා කරන්න ඕනෑ කාලයට ඉදිරියට ඔබින වැඩක්. මේ රටට ඉදිරියට යන්න බැරි එක හේතුවක් ජාතික සැලැස්මක් නැති එක. පෞද්ගලික විශ්ව විද්‍යාලය ඇති විය යුතුයි. නමුත් ඒ හැම දෙයක්ම ඉදිවිය යුත්තේ රජයේ අධීක්ෂණය යටතේ නිසි ප්‍රමිතියට අනුකූලව. (නි)
අැත්ත... මහින්ද මහත්තයා පීතෘත්වය බාර ගන්නකොට මාමලා බාප්පලගේ කොටස ඔබතුමන්ල භාර ගතයුතුයි. මොකද ඔබතුමන්ලත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හෝ මේවට අත ඉස්සුවනෙ. (නි)
ප්‍රමිතිය පිළිබඳ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුලුවන් කියන්නේ වෛද්‍යවරු බිහිකරනවා කියන්නේ කජු කනවා වගේ කියලද දන්නෙ නැහැ මේ උදවිය හිතාගෙන ඉන්නෙ. මෙතන වෙන වංචාව ගැන සැළකිය යුතුයි. 2009 සිට මේ දක්වා සිසුන් බඳවාගත්තා කිසිම ලකුණු පදනමකින් තොරව, මුදල් මත පමණක්. ඔවුන්ගේ ප්‍රමිතියද සාකච්ඡා කරලද විසඳන්න යන්නේ....? (නි)
මහත්තයෝ, මහින්දටම බැන බැන ඉන්නේ මෙපමන කාලයක් අැමති කෙනෙක් විදියට හිටපු ඔබතුමා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න. (නි)
මෙයා තවත් අනාගන්න වගේ යන්නෙ (නි)
හොඳ අදහස. ඒ වගේම පාර්ලිමේන්තුවට එන අයටත් පොදු විභාගයක් පවත්වනවා නම් රටේ ප්‍රශ්න අඩු කරගන්න පුලුවන්. (නි)
කොහෙද යන්නේ කිවුවම මල්ලේ පොල් කියලා හරියන්නේ නැහැනේ. දැන්වත් මහින්ද පැත්තක තියලා යථාර්ථයට මුහුණ දෙන්න. තියෙන ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න බයිලා ගහන්නේ නැතුව (නි)
ඒ වුනාට තාත්තා දැන් තමන්ගේ ළමය අවජාතකයි කියලා අනික් පැත්ත ගහලා ඇඟ බේරගන්න හදනවා විතරක් නෙමෙයි ළමයට විරුද්ධව සටන් කරන්නත් පටන් අරන්නේ. වගකීමක් නැති ලජ්ජත් නැති එහෙම තාත්තලත් ඉන්නවානේ. (නි)
මෙතුමා මෙහෙම කියනවා තමයි. ඒ වුණාට මෙතුමාගේ දකුණු අත කා ළඟද තියෙන්නේ කියලා දන්නා කෙනෙක් කියන්න බලන්න. (නි)
අමුණුගම මහත්තයෝ, ඔබලා දැන් ගලේ පහරපු බළල්ලු වගේ. කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියා ඔබලා දන්නේ නැහැ. අනිත් එක නම්, ඔය කැඳ හැලියේ ඉන්නතුරු ඔබලා අඳ,ගොළු,බිහිරි අයයි. ඔබ සඳහන් කරන දෙකට පමණක් නොවේ, මහින්ද මහත්තයා මුළු රටේම පියායි. (නි)
ඔබතුමාගේ අදහස් අගය කරමි. (නි)
"ඔක්කොම කුණු බේරුවල් බොක්කට" කිවුවා වගේ,හැම මඟුලකටම මහින්ද රාජපක්ෂ. මට නම් හිතෙන්නේ ඔබගේ බයේ තරමට තමා මහින්ද,මහින්ද කියලා කියවෙන්නේ. ඔබගේ ඔය බිය තුරන් කරගැනීමට, රතන සුත්‍රය සජ්ජායනා කර නින්දට යන්න. (නි)
මෙතුමාගේ ප්‍රකාශය තුළ අප තේරුම්ගත යුත්තේ ජාතික වශයෙන් වැදගත්වන දෙයක්වත් ඉදිරියට ගෙනයාමේ ප්‍රතිපත්තියක් තවමත් අපට නොමැති බවකි. තම තමන්ගේ දේශපාලන පැවැත්ම මිස රටක් වශයෙන් ඉදිරියටයාමේ අවශ්‍යතාවයක් කිසිවෙකුට නොමැති බව කැපිපෙනෙන කරුණකි. අවුරුදු 69 කට පසුවවත් කව්රුත් ඒ ගැන සිතන්නේ නම් එය රටේ වාසනාවකි. (නි)
ඔව් ඉතින් වවුලගේ මඟුලට ගියාම එල්ලිලා ඉන්න එපැයි. මොන අාණ්ඩුව අාවත් ඔබතුමාලා අැමති. ඔබතුමාලාට හෘද සාක්ෂියක් නැහැ. අායෙත් මහින්ද අාවොත් එ්කෙත් අැමති. එ්කයි අාණ්ඩු මාරු වුණාට වෙනස් නොවන ඔබතුමාලගෙ එකම ජාතික ප්‍රතිපත්තිය. ඔතුමාලා මොන අාණ්ඩුවක හිටියත් හැමදේටම එහෙයි තමා. ඔබතුමාලා ඉතිහාසයෙ කුණු බක්කියට වැටෙනවා ඉක්මනටම. (නි)
මේක කියපු අයට එක උප්පැන්නයක්වත් නැහැනේ. පව් අනේ. (නි)
අපෝ තව ඕනෑතරම් ඔය වගේ සිද්ධි ඇති (නි)
මහින්ද ගැන නොකියා මොකුත්ම කරන්න බැරුව වගේ. අනේ පවු! මහින්ද ගොඩක් වැඩ පටන් ගත්තා. ඒවා ඉවර කරන්න එතුමාට ඉඩ නොලැබුණේ අපේ අවාසනාවට. ඔබට ඔබේ ඥාති පුත්‍රයාට (දිලුම් අමුණුගම) තියෙන දැනුමෙන් අඩක්වත් නැතුව වගේ! නැත්නම් විකාර නොකියා නැවත මැතිවරණයක් තියලා ස්ථාවර ආණ්ඩුවක් හදන්න යෝජනා කරන දුර පේන නුවණක් නැත්තේ ඇයි? (නි)
මහින්ද තමයි හැමදේටම පළි (නි)
ඇයි ඕවට විතරක් පීතෘත්වය ඒ මනුස්සයට දෙන්න හදන්නේ. එ්කට කමක් නැහැ. ඒ වුණාට යුද්ධය ඉවර කරපු එකේ පීතෘත්වය ඒ මනුස්සයට දෙන්න ඇයි කට්ටිය මැලිවෙන්නේ? ප්‍රශ්න එන ඒවා මහින්දට. ඉවරවුණ ඒවා වෙන අයට. අනේද කියන්නේ.. (නි)
මෙතන තියෙන්නේ උප්පැන්න පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. දරුවා උස්මහත් කරන සහ ගුණදම් කියාදෙන ආකාරයේ වැරැද්දය. දරුවාගේ දැන්සිටින බාරකරුවන්ගේ වගකීම එයයි (නි)
ඇමතිතුමා, අම්මලා තාත්තලට බැන බැන ඉඳලා වැඩක් නැහැ. දැන් ඉපදිලා ඉවරයිනේ? කොල්ලා හදාගන්න බලන්න (නි)
ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් කියන්නේ උපතින්ම කුහක ජාතියක්. මෙච්චර සම්පත් තිබිලත් අපිට දියුණුවෙන්න බැරිවෙලා තියෙන්නේ ඒ කුහකකම හින්දා තමා. (නි)
ඇමතිතුමෝ, දරුවාගේ තාත්ත මහින්ද වුණාට වැඩක් නැහැ කුඩප්පා දරුවාව අයාලේ යන්න දීලා, කුඩු ගහන්න, වනචරකම් කරන්න පුරුදු කළාම තාත්තට එකේ වගකීම ගන්න බැහැනේ. එ්කේ වගකීම ගන්න ඕනෑ තාත්තව දික්කසාද කරපු අම්මා සහ කුඩප්පයි (නි)