ඩයනා උදයංගනී
නිසි ප්‍රමිතියකින් හා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් ද තොර සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර එහි සිසුන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර නොගතහොත් දෙසැම්බර් 31 වැනිදායින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි.
වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සයිටම් වෛද්‍ය පීඨය ස්ලිට් ආයතනයට ලබාදුන්නත් මෙතෙක් එහි ප්‍රමිතිය සහතික වී නොමැති බැවින් බාල වෛද්‍යවරුන් බිහිවීමේ අවදානම පහව නොයන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
සයිටම් වෙනත් නමක් සහිත පෞද්ගලික ආයතනයකට විකිණිමෙන් එහි ප්‍රමිතිය තහවුරු කිරීමට හෝ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගැනීමට හෝ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට නිසි ප්‍රමිතියක් ලබාදිය නොහැකි බවත් කී වෛද්‍යවරයා ඒ අනුව ඉතිරිව ඇති එකම විකල්පය සයිටම් ආයතනය වහා අහෝසි කර දැමීම බව ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ජීඑම්ඕඒ අය කිව්වේ සයිටම් සිසුන් වෛද්‍යවරුන් සඳහා නුසුදුසු අය ලෙසයි. එම්බීබීඑස් සඳහා හඳුනාගත හැකි නිවැරදි ක්‍රමවේදය කුමක්ද?
කුහකත්වයෙන් තොර ගුණ සුවඳ හඳුනන මිනිසුන් ලොව බිහිවේවා.
මේක සම්පුර්ණයෙන් අහෝසි කළාම ළමයින්ට සාධාරණය ඉටුවෙන්නේ කොහොමද කියලත් උගත් දොස්තර මහත්තයා කියලා දුන්න නම් හොඳයි නේද?
ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල ප්රමිතීන් එකම තත්වයක පවතීද? ඒවා සියල්ල ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල බව හා පුද්ගලික විද්‍යාලවල එසේ නැති බව ඔබට නිශ්චිතව කිව හැකිද? ප්රමිතීන් චෙක් කිරීමේ මීටර ඔබ නිලධාරීන් ගේ ඔලු ගෙඩි වල සවි කර ගෙන ඇති බවක් ඔබලාගේ ප්‍රකාශ වලින් අපට වැටහේ. මේවා ස්වාධීන ආයතන වලින් තීරණය කර, සුදුසු වෙනස් කිරීම් වලට භාජනය විය යුතු දේවල්. ඔබලා කියන කියන හැටියට මේවා නැති බංග කරලා දාන්න මේ රටේ බහුතරයක් අකමැති බව තේරුම් ගන්න.
සාලියගේ අදහස තමා නිවැරදි. මේ දේ ජීඑම්ඕඒ එකට හෝ පාලකයන්ට කවදාවත් තේරෙන එකක් නෑ. මොකද ඔවුන් සියල්ල බුද්ධිමත් නිසා. ජනතාව මෝඩ නිසා... අද රජයේ විශ්ව විද්‍යාලවල තත්වය දන්නේ ඉන් ඉගෙනගත් අප පමණි. හුඟක් දේ අද යල්පැන ගොස් ඇත.
ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල 1000 අතර නැත. නවක වද, දේශපාලන ඇඟිලිගැසීම්, උද්ඝෝෂණ නිසා මොවුන්ගේ ඉගෙනීමට ඇති කාලයේ විශාල ප්‍රමාණයක් නිකරුනේ නාස්ති වෙනවා. ඉතින් කොහොමද අපි ප්‍රමිතියක් ගැන කතාකරන්නේ...
අනේ මේ වෙද්දුන්ගේ දැඩි තීරණ. අපි නොදන්නා GMOA
ආචාර්ය හර්ෂ විසඳූ ප්‍රශ්ණය යළි අවුල් කළොත් ඒකට මැදිහත්කරුවෙක් සොයාගන්නත් බැරිවෙයි. අනික ඔහු එය විසඳීමෙන් ඡනතාවගෙන් යම් ගෞරවයක් ළැබීම ගැන ඊර්ෂාවෙන් පසුවන චරිත මෙම ප්රශ්නය පටලවා තිරිසන් සතුටක් ලබාගැනීමට බලාපොරොත්තු වෙන්න ඇති.. ඒ ගැනත් සලකා බලා මෙම කාරණය අවුලක් වීමට ඉඩ නොදෙන මෙන් ඡනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිමු...
ඔබතුමාලගේ පුද්ගලික බෙහෙත් ශාලා, චැනල් කඩ වලින් ලැබෙන අාදායමට 10% බද්දක් ගහලා එම මුදල් රජයේ වෛද්‍ය විද්‍යාලවලට දුන්නා නම් ඒවා පුළුල් කරලා ගත්තා නම් වසරකට තව දොස්තරලා 1000 ක් විතර රජයේ විශ්ව විද්‍යාල වලින් පිට කරන්න පුළුවන්... එතකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට තිබෙන ඉල්ලුම අඩු වේවි !!!
දොස්තර සංගමය වැනි සංගම් සහ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මගින් නටවන රූකඩ බවට අපේ විශ්ව විද්‍යාල සිසුන් පත්ව ඇත. අපේ සිසුන් ඉගෙනීම පසෙක දමා පාරවල් වල උද්ඝෝෂණ කරමින් රස්තියාදු වනවිට ඔවුන්ගේ ප්‍රමිතිය බාල වනු ඇත.. අනාගත පරම්පරාව මෝඩ වන තරමට ඔවුන්ව අල්ලේ නැටවීමට පුළුවනි. එම නිසා අපේ රට හැමදාම දුප්පත්ය. දොස්තර සංගමයට සමජවාදය මතක් වන්නේ උද්ඝෝෂණ වලදී පමණි. තීරුබදු රහිතව ලබාගන්න සුඛෝපභෝගී රථවල නැගී චැනෙල් කඩවලට ගියපසු ඔවුන්ගේ ඔළුවල තිබෙන්නේ රුපියල් ශත පමණි. සමාජවාදී පක්ෂ නායකයා ඕස්ට්‍රේලියාව බලා යාමට ගුවන් යානයට නගින්නේ සමජවාදී කබාය කටුනායක දී ගලවා තබාය ඔහුගේ දරුවන් ඉගෙන ගන්න. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුල නවකවධ හෝ උද්ඝෝෂණ නොමැත. ලංකාවේ දුප්පත් පන්තියේ සතුරන් සිටින්නේ අප අතරමය. ඔවුන් බටහිර අධිරාජ්‍යවාදීන් පෙන්වා අපට පිටුපසින් සිට පිහියෙන් අනිති...
"... අද දොස්තර ඒකාධිකාරයට මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නැති කිරීමට අවශ්‍යයි. ඒ නිදහස් අධ්‍යාපනයට ඇති ඇල්මක් නිසා නොව තම ඒකාධිකාරය පවත්වා ගෙන යෑමට. ඔවුන් තම ඒකාධිකාරය පවත්වා ගෙන යන්නේ ව්‍යාජ සමාජවාදී සටන් පාඨවලට මුවා වෙලා. ඔවුන් සිංහල වෙදකමට තබා ආයුර්වේදයටවත් තැනක් දීමට කැමති නැහැ. හෙදියන්ට සම සෞඛ්‍ය අධ්‍යාපනවේදීන්ට අකුල් හෙළනවා...." - නලින් ද සිල්වා
සයිටම් දැන් අහොසි කර අවසන්, ඉතුරු වෙලා තියෙන්නේ එකේ හිටපු ළමයින්ට සාධාරණයක් කරන්න. එ්ත් අපේ ඇමතිලා හදන්නේ නෙවිල් ප්‍රනාන්දුට සාධාරණය කරන්න..