මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ගැනීම මාස හයකට අත්හිටුවන්නැයි එම පාලනාධිකාරියට යෝජනා කිරීමට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් අද (13) පස්වරුවේ එකඟතාවයකට පැමිණ තිබේ.
මීට අමතරව අවසන් විභාගය සමත් සයිටම් සිසුන්ට රජයේ රෝහලකදී මාස කිහිපයක් සායනික පුහුණුව ලබා දීමටද එහි දී යෝජනා වී ඇත.
ඉන් පසුව එම සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයකට පෙනී සිටීම අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ! පුද්ගලික වෛද්‍ය විද්‍යාල ටිකක් දාලා පිටරට ළමයි ගෙන්නලා ලංකාවට සල්ලි ටිකක් හොයන්න වැඩ කරන්න! පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ලංකාවෙන් චීනෙට, බංග්ලාදේශට, රුසියාවට අවුරුද්දකට යන කෝටි 5000 ලංකාවේ නතර කරන්න. (නි)
ඔයටික තමයි මෙපමණ දවසක් මමත් මෙතැන ලිවුවේ. සියලු දෙනාම අන්තිමට එකම විභාගයකට පෙනීසිට සමත්වුණාම සියලු දෙනාගේම සුදුසුකම එකයි. (නි)
දහම් වගේ කුහක මිනිසුන්ගෙන් පිරුන රටක් මේක. දහම්ගේ තියෙන්නේ අධර්මය විතරයි වගේ (නි)
වසන්ත පෙරේරා, දහම් ගැන කලබල වෙන්න එපා. බුද්ධිමතුන් හරි තීරණ යෝජනාකර තිබෙනවානේ (නි)
දහම්, නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයෙහි උපකුලකයක් මිස සමාන කුලකයක් නොවේ. නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ සිසුවාට අවශ්‍ය අධ්‍යාපනය ලබාගැනීම මිස සිසුවාට රජය විසින් තීරණය කරන විෂය පථය ඉගැන්වීමම නොවේ. කෙසේ නමුත් යමෙක් යම් වෘත්තිය විෂය පථයක අවශ්‍ය දැනුම නිසියාකාරව ලබාඇත්දැයි නොයෙකුත් ආකාරයෙන් බැලීම සඳහා විභාග වර්ග ඇති අතර ඊට අවශ්‍ය දැනුම ලබාගැනීමට සිසුවාට අයිතියක් ඇත. (නි)
ඔව් දහම්, වෛද්‍ය වැරදි කියන ඒවා ලෝකේ කොහෙත් අඩු වැඩි වශයෙන් වෙනවා. එ්කට ඉගෙනගත්තේ සල්ලි වලටද, නැත්නම් පිනටද කියන එක වැදගත් වෙන්නේ නැහැ (නි)
ඒගොල්ලෝ ශ්‍රී ලාංකිකයින්. ඒ අනුව ඒ අයට අයිතියක් තියෙනවා ආණ්ඩුවේ ඉස්පිරිතාල වල පුහුණුවක් ගන්න. (නි)
ජයාත්, වෛද්‍ය වැරදි අඩු වැඩි වශයෙන් ලෝකෙ කොහෙත් වෙනවා තමයි. හැබැයි ලංකාව ඒවා අඩුවෙන් වෙච්ච රටක්. එහෙම තියෙද්දිත් වම් කකුලට දකුණු කකුල කැපුවාම ආ ආන්දෝලනය අපිට මතකයි. මේ වගේ දේවල් රටේ හැමතැනම හැමදාම ඇහෙන්න ගත්තොත්, හිතන්න! මං කියන්නේ නැහැ ඒ ළමයින්ට ඉස්පිරිතාලයට එන්නම දෙන්න එපා කියලා. ඔබ කරපු ප්‍රකාශයයි වැරදි (නි)
දැන් එතකොට රජයේ ඉස්පිරිතාල ටිකත් නෙවිල්ගෙ ද? (බ)
ඇත්තටම් වෙන්න ඕනෑ එ්කම තමා...... (නි)
දෙවිවරු වගේ දොස්තරවරුද සිටිති දුෂිතයන් ටික දෙනෙක් සිටියත් (බ)
මම උසස් පෙළ පුද්ගලික විද්‍යා ගුරුවරයෙක්. මට ආණ්ඩුවේ ඉස්කෝල වල විද්‍යා ප්‍රායෝගික පුහුණුව දෙන්න අවසර ඕනෑ. (නි)
එතකොට ඒ සායනික පුහුණුව සඳහා යන රජයට යන වියදම සයිටම් එකෙන් අය කරගන්නවාද, නැත්නම් කවුද ඒ වියදම දරන්නේ. මට හිතෙන විදිහට සයිටම් සිසුන් ගෙවන ගාස්තුවලට ඕවත් ඇතුළත් ඇති. සදාචාරයයි අනික් ප්‍රශ්නයි පැත්තකින් තිබ්බම මේ තීරණයෙන් රටට ආර්ථික පාඩු කරලා තමුන් ලාබ ලැබීම කරන එකත් වළක්වන්න. (නි)
හරි වැරැද්ද මොකක් වුණත් අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක්වුණ බවයි පෙනෙන්න තිබෙන්නේ (නි)
ඉතා හොඳ තීරණයක්! දොස්තරලා කුහක නැහැ කියන අයට මම කියන්නේ සම සෞඛ්‍ය ළමයින්ට කරපු හරිය කියවලා බලන්න. (නි)
මේක කලින්ම තීරණය කළා නම් ඉවරනේ (නි)
දහම් වගේ ශ්‍රී ලාංකිකයෝ ගැන ඉතා කණගාටුයි (නි)
මේක තමයි වියයුත්තේ. හැබැයි මේ සායනික පුහුණුව නොමිලේ නම් නොදිය යුතුයි. සයිටම් එක පාඨමාලාවට ලක්ෂ 120 ක් අය කරනවා නම් එක් සිසුවෙක් වෙනුවෙන් ලක්ෂ 10 ක්වත් සායනික පුහුණුව වෙනුවෙන් සයිටම් එකෙන් රජයට අය කරගත යුතුයි. මහජන බදු මුදලින් නඩත්තු කෙරෙන ආයතනවල සේවාවන් මුදල් අයකරනු ලබන ආයතන වෙත නොමිලේ ලබා දෙනවා නම් අප ඊට විරුද්ධයි. (නි)
නියමයිනේ! (නි)
දහම් ඉන්නෙ ළිං පතුලකටත් වඩා ගැඹුරු පාතාලයක. දහම් කියන විදියට ප්‍රයිවට් ඉගෙනගත්ත දොස්තරලට වැඩකරන්න පුළුවන් වෙන්න ඕනෑ ප්‍රයිවට් ඉස්පිරිතාලවල විතරක් නම්, එහෙනම් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගත්ත දොස්තරලට වැඩකරන්න පුළුවන් වෙන්න ඕනෑ රජයේ ඉස්පිරිතාල විතරක් නේද දහම්?? (නි)
මම දන්නවා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක්, එයා මට කලකට පෙර කිව්වා, "වෛද්‍යවරුන් හැටියට අපිත් කරන්නෙ අනුමාන කිරීමක් කියලා". නමුත් සමහර වෛද්‍යවරු හිතා ඉන්නෙ එයාලා ඍෂිවරු කියලා. (නි)
මේ දෙස කුහකකමින් බලන්න එපා. මේ දරුවෝ අතරෙන් වැඩිකොටසක් උ/පෙළ හොඳ ප්‍රතිඵල තියෙන උදවිය. මේක ඉතාම හොඳ තීරණයක්. මෙහි ප්‍රමිතිය පවත්වාගැනීමට අවශ්‍ය දේ කරනවා විනා, මේ ළමයින්ව උපාධිය නොදී ගෙදර යවන්න කතාකරන්න හොඳ නැහැ (නි)
දියුණු රටවල් වල ජනගහණයෙන් 500ට වෛද්‍යවරු එක්කෙනෙක් සිටී. ඒ අනුව වසරකට වෛද්‍ය සිසුන් 3500 ක්වත් පිටවනසේ පෞද්ගලික හා රජයේ වෛද්‍ය පීඨ ගණන වැඩි කරන්න (නි)
මම හිතුවා අන්තරේ අද නාන්න පාරට බහී කියලා මේක අහලා. (නි)
උසාවි තීන්දුවටත් නිගාකරපු උද්දච්ච රජයේ වෛද්‍ය සංගමය, මේ තීරණය පිළිගනීවිද? ඔවුන්ට තියෙන්නේ තනිකරම ඊර්ෂ්‍යාව සහ කුහකකම. හොඳටම දන්නවා, සයිටම් වගේ තැන්වලින් එනකොට ඔවුන් සෙට්වෙන්නේ ඔවුන්ගේ රැහෙත් එක්ක කියලා. එතකොට ඔය නොහික්මුණ සෙට් එකේ බලාධිකාරය බිඳෙනවා වගේම චැනල් කඩවලින් එන ඉන්කම් එකත් අඩුවෙනවා. ඒකයි ඔය දඟලන්නේ. නැතුව රෝගීන්ට, ජනතාවට සහ රටට තියෙන ආදරේට නෙමෙයි. (නි)
මෙච්චරයි අපිත් බලාපොරොත්තු වුණේ (නි)
උපාලිගේ අදහසට මාත් එකඟවෙමි (නි)
සයිටම් සිසුන්ට ප්‍රමිතිය නැත්නම් ඔවුන්ට ඔබේ විභාගයට මුහුණ දෙන්න දීලා අසමත් වුණාම ඉවත් කරන්න. තවම ඉගෙනගන්න ළමයින්ගෙ "ප්‍රමිතිය නෑ" කියන්නෙ "අපිට අධීක්ෂණය කරන්න නෛතික බලයක් නෑ" කියලා දැන්වීම් පළ කරන වෛද්‍ය සභාවද? වෛද්‍ය සභාවටවත් නැති නෛතික අයිතියක් බාහිර වෛද්‍ය සංගමයට හෝ පිකට් බෝඩ් උස්සගෙන පාරවල් ගානෙ කෑගහන රජයේ වෛද්‍යවරුන්ට හෝ තවම ඉගෙනගනිමින් ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන්ට තියනවද? (නි)
හිරේ දැම්මත් උසාවි නියෝගය ක්‍රියාත්මක කරන්නෙ නෑ කියපු වෛද්‍ය සභාවෙ කෙනෙක් සමාජවාදියෙක් නේද? (නි)
දහම්, එතකොට නොමිලේ ඉගෙනගන්න අය නොමිලේමද ප්‍රතිකාර කරන්නේ? (නි)
එතකොට දහම්, නොමිලේ ඉගෙනගන්න අය නොමිලේමද ප්‍රතිකාර කරන්නේ? (නි)
හුසේන් මොහමඩ් - රියාද්, ඔබ සමඟ 100% මමත් එකඟයි. නියම ඇත්ත ඔන්න ඕකයි. හැබැයි කට්ටිය කියන්නේ නම් අපොයි දෙයියනේ ලෙඩ්ඩු වැරදි බෙහෙත් වලින් මැරෙන්නයි යන්නේ. අපි හදන්නේ ඔවුන්ව බේරගන්නයි කියලා. මොනවට කියනවද, අපි ගැන තියෙන අනුකම්පාව හොඳට දැකලා තියෙනවා අපි. (නි)
ඉතාම හොඳ තීරණයක් (නි)
අපේ රටේ ලෝකෙම පෙරළෙන්න කෑ ගහලා, අන්තිමට එන්නේ කරන්න ඕනෑදේට. මුලින් එකඟ වුණා නම් කිසි ගතියක් නැහැනේ. කොහොමටත් මේ තීරණය නම් සතුටුදායකයි. කපන්න බැරි අත ඉඹින එකත් ඉතින් නරකම නැහැ (නි)
බැරිවෙලාවත් සයිටම් එකෙන් දොස්තරලා අාවොත් ඔවුන් පිනට බෙහෙත් දෙයි කියලද මේ සයිටම් එක වෙනුවෙන් කහින අය කියන්නේ. මතක තියාගන්න සයිටම් එකෙන් දොස්තරලා අාවොත් ඔවුන් සයිටම් එකට දුන්න ලක්ෂ 120ත් වෙනම ලෙඩ්ඩුන්ගෙන් හොයන්න ඕනේ. මෙච්චර කල් රජයෙ දොස්තරලා නෙමේද ජීවිත බේරා ගත්තෙ. මිනිසුනේ ඟඟෙන් වතුර බීලා මුහුදට අාවඩන්න එපා. ඉස්සරලා අාපු කනට වඩා පස්සෙ අාපු අඟ ලොකු කරගන්නත් එපා. නුඹලා සයිටම් එකට හොඳට සීනි කිරන්න....(අ)
කේඩීයූ පිළිබඳවත් හොඳ තීරණයක් ගන්න. උසස් පෙළ තිය සා /පෙළවත් නොමැති, නිලධාරීන්ගේ දුලා පුතාලා බුරුතු පිටින් ඉන්නේ. (නි)
කරුණාකර ප්‍රයිවට් ප්‍රැක්ටිස් නවත්වන්න. (නි)
මොනම දොස්තර කෙනකුවත් දෙන බෙහෙත් පිලිබඳ සම්පුර්ණ අවබෝදයක් නැහැ. ඉස්සර දුන් බෙහෙත් සමහරක් දැන් පාවිච්චි කරන්නේ නැහැ නේද? උදාහරණයක් ලෙස "ඇන්ටිපා" දැක්විය හැකියි. (අ)
කවුදෝ කියල තිබුනා "කකුලක් කපපු කතාවක්".... මෙච්චර කාලයක් හිටියේ රජයේ වෛද්‍යවරු විතරයිනේ. සයිටම් ළමයින්ටත් අවස්ථාවක් දුන්නොත් මිටවඩා රසවත් කතා අහන්න ලැබෙන්න පුළුවන්නේ. (නි)
නෙවිල් මහතාණනි, සෑම නගරයකම සයිටම් ඉස්පිරිතාල පටන්ගන්න. සයිටම් දොස්තරලා සේවයේ යොදවන්න. අවශ්‍ය අය බෙහෙත් ගනීවි (නි)
මේ රටේ රජකරන්නේ අසාධාරණය හා බලවාදය. (නි)
මේක කලින් කළා නම් ඉවරනේ (නි)
ඉන් පසුව එම සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයකට පෙනී සිටීම අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබේ. ඕකනේ වෙන්න ඕනි. (ර)
විභාගයක් පවත්වා රාජ්‍ය සේවයට ගැනීම හොඳයි. එවිට ප්‍රමිතිය පවත්වාගත හැකිය. පුහුණුවෙන් පසු ප්‍රායෝගික පරීක්ෂණයක් (අවශ්‍ය නම් ) තියන්න. එය වඩාත් හොඳයි. පිටරට වෛද්‍ය උපාධි වලට සළකන ක්‍රමයටම සයිටම් එකටත් සළකන්න. එවිට ගැටලුව විසඳේවි (නි)
සයිටම් එකේ අය හරිම උගත්, අනේ පව්.... මේ වැඩ වලින් පාඩම් ඉගෙන ගන්න වෙන්නේ අහිංසක දුප්පත් රෝගීන්ට ... සල්ලිකාරයෝ, දේශපාලකයෝ කොහොමත් මේ රටේ හොස්පිටල් වලට යන්නේ නැ.. එයාල දන්නවා මේවයේ තියෙන ප්‍රමිතිය. (ර)
මේවා ඕනේ දෙයක් කරන්න. හැබැයි, මේ ගොල්ලන්ව ආණ්ඩුවේ රෝහල්වලටනම් දාන්න එපා. ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන්න විතරක් දෙන්න. සල්ලි වලට ඉගෙන ගත්ත නිසා සල්ලිවලටම වේදකම්ද කරන්න. අවුලක් නැහැනේ. (ර)
සයිටම් එක හරහා සල්ලිකාර දු පුතුන් වෛද්‍ය උපාධිය ලබාගැනීම අසාදාරනයක් නම් රජයෙන් පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමා වෛද්‍ය විද්‍යාලයට ලකුණු මදිවූ සිසුන් සයිටම් වැනි පුද්ගලික ආයතන හරහා වෛද්‍ය ක්ෂේස්ත්රයට එක්කරන්න. (ර)
දහම් ඔයතරම් පටු වෙන්න එපා. වම කකුලට දකුණ කපන ආණ්ඩුවේ දොස්තරලා නැද්ද.? (ර)
ඉහත අදහස් බැලුවම තේරුන එකම දේ ලංකාවේ වෛද්‍ය වෘතිය ගැන රටේ මිනිස්සු කොච්චර කල කිරිලද කියලා. එහෙම කලකිරෙන්න හේතුවකුත් තියෙන්න ඕනි නේ. නිකන්ම කලකිරෙන්නේ නෑ නේ. කවුරු කොහොම කෑ ගැහුවත් වෛද්‍යවරු කෑ ගහන්නේ තමන්ගේ වාසියට කියල රටේම මිනිස්සු දන්නවා. උතුම් වෘතියක් මේ වගේ හෑල්ලුවට ලක් කර ගත්ත වෛද්‍යවරු ඉන්නවනම් ඒ ලංකාවේ. හැමෝම නෙවෙයි. නමුත් ගොඩක් අය තමන්ගේ වාසියට. (ර)
දහම් එහෙමනම් ආණ්ඩුවේ ඉගනගත්තු අයටත් කියන්න ප්‍රයිවෙට් හොස්පිටල්ස් වල වැඩ කරන්න එපා කියලා. අගේට පිළිගනීවි. (ර)
දහම් කියන එකේ එක කෑල්ලක් අඩුයි. රජයේ අයට රජයේ රෝහල් විතරයි, ප්‍රයිවට් බැහැ. පුද්ගලික අයට පුද්ගලික විතරයි. එහෙම හොඳයි. පුද්ගලික සරසවි වලට බඳවා ගැනීම් තත්පරයක්වත් ප්‍රමාද කරන්න දෙන්න එපා. එ් ළමයි ගැන කවුද වගකියන්නේ? (නි)
රජයේ වෙද සිසුනුත් ඔය විභාගයටම වාඩි කරවන්න. එතකොට ප්‍රමිතිය මැනගන්න පුළුවන්නේ (නි)
කොළඹ විද්‍යා පීඨයේ අවසන් වසර පරීක්ෂණයටම ඇතුළත් කරන්න. උපරිම තුන් වතාවකට වැඩිය අවස්ථාව දෙන්න එපා. (නි)
මේක අසාධාරණයි. සයිටම් සිසුන්ගේ පුහුණුව රජයේ සිසුන්ට වඩා ඉහළයි. ඒ නිසා වෛද්‍ය සභාව පවත්වන අඩු මට්ටමේ විභාගයකට මුහුණදීමට අපේ ළමයි කැමති නැහැ (නි)
දහම් හරි. මොවුන් අාවොත් වම් කකුලයි දකුණු කකුලයි දෙකම කපයි. (නි)
දහම්, පිනට ඉගෙනගත්ත නිසා අනිත් අයව ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට විතරක් සීමා කරමුද? නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
සල්ලි බලේට ඕනෑදෙයක් කරන්න පුළුවන් තැනට රට පත්වෙලා. මේවායින් අවසානයේ දුක් විඳින්නේ රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න දුප්පත් මනුස්සයා. (නි)
එකඟතාවයකට ආ එක ගැන සන්තෝෂයි. රටට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන දොස්තරලා හදමු. (නි)
පෞද්ගලික රෝහල් සහ සායන වලට තදින්ම විරුද්ධ මහජනතාව කල යුත්තේ ඒවාට නොයා රජයේ රෝහල් වලින් පමණක් ප්‍රතිකාර ලබා ගැනීමයි. (ර)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන අයව කුයකයන් ලෙස පෙනෙන අයගේ සිත් මල් වගේ ලස්සනද.? තමා සමග එක පන්තියේ හිටපු අය, නැතිනම් තම දරුවාගේ එක පන්තියේ හිටපු දරුවන් තම තමන්ගේ හැකියාව දක්ෂතාව කැපවීම සහ බුද්ධි මටම අනුව නිදහස් අධ්‍යාපනයේ පල නෙලාගෙන තමා හෝ තම දරුවා හෝ පසුකරගෙන යන විට කකියන ඊරිෂියව හීනමානය රැඩිකල් අදහස් වලින් වසා පොෂ් බවෙන් අයිසින් දමා සුදනන් සේ පෙනී සිටීම කුහක කමට අදාළ නැද්ද ..? (ර)
වසන්ත පෙරේරා, එ්ක හරි. ඒ වුණාට දකුණු කකුලේ අමාරුවට අත් දෙකයි කකුල් දෙකයි කපන එකට වඩා එ්ක හොඳයිනේ (නි)
දහම්, ඒ කියන්න රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත්ත වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල සේවය නොකර ඉන්නවා, සයිටම් එකේ ඉගෙනගත් අය පමණක් පුද්ගලික රෝහල්වල සේවය කරනවා. එහෙමද? (නි)
මොනවා කළත් වෙදකම් කරන්නේ මිනිසුන්ටනේ. සල්ලි වලට හරි ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න පුලුවන්ද? කොහොමත් මේක අපට සුදුසු නැහැ. කාටද තියෙන්නේ කෝටි එක හමාරක් ගෙවන්න සල්ලි? එහෙනම් අපි මොකටද බදු ගෙවන්නේ? මේ සරල කාරණය තේරුම් ගන්න ඕනෑමයි (නි)
ඕකනේ වෙන්න ඕනෑ. ඊටපස්සෙ ඒගොල්ලොත් පිළිගත් දොස්තරවරු, ඊටත්පස්සෙ ඒ දොස්තරවරු මුල අමතක නොකර, චැනල් සේවය ලංකාවෙන් තුරන් කරන්න ඕනෑ. (නි)
ලෝකයේ හැම දියුණු රටකම, හැම දියුණුවෙමින් පවතින රටකම පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. ඊට හොඳම උදාහරණය ඉන්දියාව. මම රැකියාව කරන්නේ බහරේන් වල. එහි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විදේශ සිසුන් බොහොමයක් එනවා. ඇත්තටම ලෝකයේ කිසිම රටකට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නයක් නොවෙයි. එ්ත් දූපත් මානසිකත්වයක් තිබෙන ලංකාවේ මිනිසුන්ට එය ප්‍රශ්නයක් ! (නි)
මෙය තම වෙන්න ඕනෑ. අපේ රටේ රෝගීන්ට සේවය කරන්න ඉන්න ඉදිරි වෛද්‍ය පරම්පරාවට පටු අදහස් වලින් ඉවත් වී සහය දෙමු (නි)
වැරදීමකින් හෝ සයිටම් ඊනියා දොස්තරලව එස්.එල්.එම්.සී. එකේ ලියාපදිංචි කළොත්, ඒ හරහා විශාල වශයෙන් නා නා ප්‍රකාර හොර විදේශ උපාධිකඩ රටේ හැමතැනම බිහිවෙන එක නවත්වන්න බැහැ. එදාට, දැන් සයිටම් එකට කඩේ යන මෝඩ මිනිස්සු දුක්වෙයි. දැන් ඉන්න රජයේ දොස්තරලා එක්ක තියෙන ගනුදෙනුව පස්සේ බේරාගමු. මුලින් සයිටම් එකට පරාජය කරලා ඉමු. (නි)
ඕක තමයි මුලින්ම සයිටම් එක කිවුවේ. ඒ විතරක් නොවෙයි. ආණ්ඩුවේ රෝ්හල් වල සායනික පුහුණුව දෙනවට ආණ්ඩුවට සල්ලි දෙන්නම් කියලත් කිවුවා. අර වෛද්‍ය සංගමය තමයිනෙ විරුද්ධ වුණේ. ඕක කලින්ම කළා නම් මේ මොකුත් නැහැනේ. (නි)
දහම් වගේ අය ඉන්නකම් මේ රට හදන්න බැහැ. (නි)
දහම් අදහම් වෙලා. එතකොට මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල මුදල් කිසිම විදියකින් පරිහරණයක් නැහැ. කිසිම වියදමක් නැහැ? ගෙවන්නේ මහජනතාව. අපි බව අපි දන්නවා. දහම් දන්නේ නැහැ (නි)
එතකොට මේ චැනල් කරන අය නිකන්මද අපිව බලන්නේ? (නි)
සල්ලි ඇති අය නැති අය තරම් බඩගින්නේ නැත... මරාගෙන කන්නේද නැත... (නි)
වසන්ත, වම් කකුලට දකුණ කපන දොස්තරලා නොවේ, මේ සයිටම් අය කකුලට අත් දෙක කපයි කියලයි බය. උසස් පෙළ සමත් වෙන්න බැරිනම් තුන් වතාවකදීත්, මොන දොස්තරකම්ද....? වෙන රස්සා වගේ නොවේනේ දොස්තරකම. නිකන් හෙම්බිරිස්සවක්වත් හැදුනත් කොයිතරම් වදයක්ද අපි විඳින්නේ. ඉතින් අදක්ෂ දොස්තරලගෙන් බෙහෙත් අරන් කාලෙයි සල්ලියි නාස්ති කර ගන්නවා විතරක් නොවේ ලෙඩෙත් වැඩිකර ගන්න වෙයි කියලා තමයි අපට බය. (නි)
මේ වෙන කව්රුවත් නෙමෙයි ලංකාවේ දරුවෝ. මොන ක්‍රමයකින් හරි අධ්‍යාපනය ලබන එක කොච්චර හොඳද? (නි)
එතකොට නිකන් ඉගෙනගත් අය සල්ලි වලට වෙදකම් කරන්නේ? එ්කටත් විරුද්ධවෙන්න ඕනෑ. රටපුරා ඉන්න හොර දොස්තරලා ගැන එක්කෙනෙක්වත් හොයනවද? දොස්තරලගේ මාෆියාව නැතිකරන්න ඕනෑ (නි)
දහම්, ඔය වගේ මෝඩ කතා කියන්න එපා. අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීලා හොඳට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන ලංකා දොස්තරලා ටික හොඳයිද? (නි)
ලංකාවේ දොස්තරලා අඩුනම් සරසවියට ගන්න ප්‍රමාණය වැඩි කළා නම් හරිනේ. කොච්චර සිසුන් ඉන්නවද ලකුණක් අඩුවෙලා කැම්පස් යන්න බැරිවෙච්ච. මේ වගේ ආයතන වලින් බිහිවෙන දොස්තරලා කොහොමද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයකින් නිමානය කරන්නේ. අවුරුදු පහක් ඉගෙනගත්ත දෙය කොහොමද එක විභාගයකින් මනින්නේ. (නි)
ලංකාවේ සයිටම් වෛද්‍ය සිසුන් පිටරට ගිහින් එන අයට වඩා බොහොම උගත්. මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව හා නොදැනුවත්කමද? (නි)