(රංජන් කස්තුරි)
සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම අහෝසි කර අලුතින් ඇරඹීමට නියමිත වයඹ, සබරගමුව හෝ මොරටුව යන වෛද්‍ය පීඨවලට සුදුසුකම් සහිත සයිටම් සිසුන් අනුයුක්ත කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රජයට යෝජනා කර ඇත.
සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීමේ මුවාවෙන් නව ආයතනයක් පිහිටුවා ඊටද අලුත් සිසුන් බඳවා ගැනීමට විරෝධය දක්වන බවද ඔවුහු කියති.
ජනපතිට සහ අගමැතිට ලිපියක් යොමු කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර එසේ සඳහන් කර ඇත. හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයාගේ අත්සනින් ලැබුණු විසඳුම් අඩංගු ලිඛිත ප්‍රකාශයේ ගැටලු සහගත තැන් කිහිපයක් සම්බන්ධයෙන් ද එම ලිපියේ කරුණු සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් සිසුන්ට රජයේ විශ්වවිද්‍යාල ලැබේවා !!!
අායෙත් පිස්සු කෙලින්නයි හදන්නේ....
සයිටම් එකට විරුද්ධ වුණේ ශිෂ්‍යයෝ සුදුසුකම් නැති නිසානම් එයාලව කොහොමද අලුත් වෛද්‍ය විශ්වවිද්‍යාල වලට ගන්නේ? ගොනා පාර්ට් දන්නා එපා... අපිව අන්දන්න එන්න එපා... ඔයාලා කුහක දේශපාලනයක් නේ කරන්නේ...
සයිටම් සහ නෙවිල් කියන නම් වහ කදුරු වගේ. සයිටම් ශිෂ්‍යයන් මුදල් ගෙවා ඉගෙන ගැනීම දකින්නේ මුදලට උපාධියක් මිලදී ගැනීමක් හැටියට. ඒත් සයිටම් ශිෂ්‍යයන් අනාගතයේ දවසක, පිහිටුවීමට යෝජිත, ඒත් කවදද පටන්ගන්නෙ කියාවත් දන්නෙ නැති රජයේ සරසවියක, මුදල් ගෙවා හෝ නොගෙවා ඉගෙනගත්තට කමක් නැහැ. මෙලෝ විචාරයක් නැති මේ අමන රැලගේ නිරුවත නම් දැන් හොඳටම එළිය තමයි.
ඔය වෛද්‍ය සිසුවෝ දැන්මම ගණන් හදාගෙන ඉන්නේ ඩොක්ටර්ස්ලා වුණාම හම්බ කරන ගණන්. ඒ නිසා ඔය ඩිමාන්ඩ් එක අඩුවෙයි කියලනේ බයවෙලා තියෙන්නේ. මේ ගොල්ලන්ට පනතක් ගෙනැල්ලා පාලනය කරන්න ඕනෑ. අපේ එක පරම්පරාවක් විඳවලා හරි කමක් නැහැ. මේවගේ දේවල් හරි විදිහට ගොඩනගාගත්තේ නැතිනම් මේ රටේ වෙනම කැටගරි එකක් වගේ ජීවත් වෙන්න හදන්නේ..
ඇයි වෛද්‍ය පීඨ විතරක් මහජන බදු මුදලින් අලුතින් ඇරඹිය යුතු වන්නේ? එසේ කරනවා නම්, පුද්ගලික අංශයේ ඉංජිනේරු, කළමනාකරණ, තාක්ෂණ, නීති වැනි විෂයයන් හදාරන සිසුන්ටත් බදු මුදලින් අලුත් පීඨ ඇති කල යුතුයි. රටේ ණය ආපසු ගෙවා ගැනීමට ආදායමක් නැති රටක, තව තවත් වෛද්‍ය පීඨ ආරම්භ කල යුතු යැයි මොර ගෑම නිකන් දවල් සිහින දැකීමක් පමණයි.
මේ ළමයා තමයි කවදා හරි මේ රටේ අධ්‍යාපන ඇමැති වෙන්නේ.....
ඔය එන්න කියන්නේ ආදරේට නෙවෙයි. නවක වදය දීලා ඉගෙනීම එපා කරවලා ඒ ළමයින්ව එලවන්න. මේ ගොල්ලන්ගේ සත්ව කරුණාව අපිට තේරෙනවා. කෝ එතකොට දැන් ඔය ඒ ළමයින්ගේ බුද්ධි මට්ටම ගැන ඔයගොල්ලන්ට තිබුණු ප්‍රශ්න? දැන් හිටි ගමන් සයිටම් ළමයින්ගේ මොලේ මෝරන්න පටන් අරන්ද?
මේ ගොල්ලන්ට ඇත්තේ අනෙකුත් මිනිසුන්ගේ මුදල් හදල් ගැන තිබෙන හීනමානයක් පමණයි. පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන්නේ මෝඩ රැලක් නෙවෙයි. කොළඹින් ලකුණු දෙකක් අඩුවෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුණු මගේ ඥාති සොයුරියක්, වෘත්තීය ගණකාධිකරණය හදාරලා බැංකු කලමනාකාරියක ලෙස සේවය කරනවා. මෝඩයෙක් නම් මූල්‍ය ආයතනයක් පාලනය කරාවිද? වෛද්‍ය සිසුන් ඇරෙන්න රටේ සෙස්සෝ මෝඩයන්ය කියා සිතන මෝඩ ආකල්පය නැති වෙනදාට අපේ රටට කලක් යාවි.
රටේ බදු මුදල්, අනිවාර්යයෙන්ම වෘත්තීය අධ්‍යාපනය ලබමින් රැකියාවක් කරන , රටට බරක් නැති තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් කල යුතුයි. එහෙම නැතිව තමන්ගේ දොස්තර කුලය රැක ගැනීමට ම මහජනයාගේ බදු මුදල් නාස්ති කරමින් කාලය කාදමන සිසු පිරිසකට වෙන් කිරීම රටේ මිනිස්සුන්ගේ දහදිය මහන්සියට කරන නිගාවකි. වෙනත් දියුණු රටවල උසස් අධ්‍යාපන සිසුන් වයස 21 වෙන විට සාමාන්‍ය උපාධිය අරගෙන. අපේ උදවිය තමන් හැදෙන්න කලින් රට හදන්න යනවා.
පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අවශ්‍යතාවයක් රටට තිබියදී තව අලුතෙන් ඇතිකරනවා නෙවෙයි. තියෙන ඒවා වහනවා. අහෝසි කරනවා. පටු මානසිකතත්වයෙන් බැහැර විය යුතුයි.
පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අවශ්‍යතාවයක් රටට තිබියදී තව අලුතෙන් ඇතිකරනවා නෙවෙයි. තියන ඒවා වහනවා. අහෝසි කරනවා. පටු මානසිකතත්වයෙන් බැහැර විය යුතුයි.
අපි කියන්නේ රජයට සම්බන්ධ නැති පුද්ගලික වෛද්‍යය විද්‍යාල අරින්න කියලා. ළමයින්ට මුදල් ගෙවා ඉගෙන ගන්න. එතකොට පිනට ඉගෙන ගන්න කෙනාගෙයි, මුදල් වියදම් කරලා ඉගෙන ගන්න කෙනාගෙයි සමාජ මට්ටම වෙනස් බව පෙන්වන්න.