මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) වසා දමන්නැයි ජනපතිට බල කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සංවිධානය අද (21) ජනපති ලේකම් කාර්යාලය පෙත්සමක් බාර දුන්නේය.
එහි සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් පෙත්සසම ජනපති අතිරේක ලේකම් එස්.ටී.කොඩිකාර මහතාට බාරදුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, බංගලි, අපේ රටේ රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපන මට්ටම ගැන ජාත්‍යන්තරය දන්නවා.පෞද්ගලික වේවා රජයේ වේවා සාතිශය බහුතරය රජයේ විශ්ව විද්‍යාලවල උගත් අය. මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රජයේ විශ්ව විද්‍යාලවල උගත් ඉංජිනේරුවෝ. මේ රටේ ජනතාව විශ්වාස තබන්නේ ඒ අය කෙරේ. තව තර්ක කුමටද? (කෞ)
මෙහෙමයි ආණ්ඩුවට තියෙන්නේ "රජයේ අවවාදයයි- පෞද්ගලික අධ්‍යාපන ආයතන ශරීරයට අහිතකර විය හැක, අදාළ රජයේ මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව කිසිකෙනෙකුට සේවා සැපයීම සපුරා තහනම්ය." කියන අවවාදය අනිවාර්යයෙන්ම සෑම දැන්වීමකම හා නාම පුවරුවකම 60%ක් වර්ග ඵලයක පලකළ යුතුය යන කොන්දේසියට යටත්ව අධ්‍යාපනය විකිණීමට අවසර දීමයි. (බ)
නිශාන්ත, දොස්තරගේ සුදුසුකම් අඩුද, ගානට තියනවද, පොඩ්ඩක් ඉහලින්ද කියලා තීරණය කරලද ඔබ බෙහෙත් ගන්න යන්නේ. අනේ නිකං තර්ක දාන්න ඕන නැහැ. පිට රට විද්‍යා විද්‍යාලවල ඉගන ගන්න අපේ රටෙන් මොන තරම් ශිෂ්‍ය පිරිසක් යනවද. මොන තරම් මුදල් කන්දරාවක් අපට අහිමි වෙනවද? මේ වෛද්‍ය විද්‍යාලයේ අද්‍යාපනය රජයේ වෛද්‍ය විද්‍යාලේ මට්ටමට ගේන්න පුළුවන් නම් ඇයි මේක අපට වැඩි වෙනවද? මේ ලංකාවේ අපේ තරුණ පරපුරට ඒ අයගෙම වයසේ අය දාලා දේශපාලන අවස්ථාවාදීන් කරන්න හදන වැඩක්. කිසි සේත්ම මෙය වසා දැමිය යුතු නැහැ. (ර)
මම වෛද්‍යවරයෙක්. මම නම් මේකට කැමතියි. (ර)
දැන් ඔය පුද්ගලික වේද විදුහලට විරුද්ධ නම් පුද්ගලික ඩිස්පැන්සරි. චැනල් සේවා ඒවත් වහමුකෝ. (ර)
අන්තිම ඉරිසියා කාරයෝ ටිකක්. (ම)
මේකට කියන්නේ කුහකකම. (ර)
සයිටම් එක සිසුන්ව සායනික පුහුනුවට රුසියාවේ නිශ්නි නොව්ගොරොද් යනවා කියලා සල්ලි අය කරලා ලංකාවේ ඉස්පිරිතාලවලින් පුහුනුව ඉල්ලන්නේ ඇයි? තමන්ට හරිහැටි හික්ෂණ රෝහලක් නැතිව සයිටම් ආයතනය වෛද්‍ය පීඨයක් පටන් ගත්තේ ඇයි? (ර)
වහන්නේ අපරාදේ. රජයට පවරාගෙන ,ජපුරට හරි කොලඹට හරි අනුබද්ධ කරලා, උසස් පෙළ සමත් ඊළඟ දක්ෂයන්ට අවස්ථාව දෙන්න. (ම)
මම කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරපු කෙනෙක් . ඊට පස්සේ මම පෞගලික විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය කෙනෙක් හැටියට සේවය කළා . බොහොමයක් පුද්ගලික උසස් අධ්‍යපන ආයතන වල අධ්‍යපනයේ කිසිම ගුණාත්මක භාවයක් නැහැ . මම මේ තත්ත්වේ හොඳාකාරවම දන්නවා . එකයි මම කියන්නේ සයිටම් වගේ අනිත් උපාධි කඩත් වහන්න කටයුතු කරන්න කියල . මේක කුහක කම නෙමේ . ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත තීරණය ඉතාම වටිනවා . ගුණාත්මක භාවයෙන් අඩු වෛද්‍යවරයෙක් විතරක් නෙමේ අනෙක් වෘතිකයෙක් වුණත් බිහි කරන එක නරකයි . මේ කරණය හොඳින් තේරුම් අරගන්න කියල මම ජනතාවගෙන් ඉල්ලනවා . බොහෝ දෙනෙක් මේ ඇත්තම තත්ත්වේ දැනගෙන නෙමේ අදහස් දක්වන්නේ .(අ)
කුහකයෝ (බ)
මෙවැනි විශ්ව විද්‍යාල තව කීපයක් ඇතිකරීමට කරුණාකර කටයුතු කරන්න. අහිංසක රෝගීන් තලා පෙලන මොවුන්ගේ එ්කාධිකරය නැති කළ යුතුව ඇත (බ)
කුහක බණ්ඩාරට දැන් නින්ද යයි (බ)
ඔය කියන කතා සධාරණවෙන්න නම් හැමටම කලින් මුළු රටේම පාසල් අධ්‍යාපන පහසුකම් සමාන කරන්න ඕන .රෝයල් එකට තියෙන පහසුකම් බලපුවහම ගම්වල ඉස්කෝලවලට තියෙන්නෙ මොනාද? සිරිමා බණ්ඩාරනායක මැතිනියට පින්සිද්ද වෙන්න ඕන දිස්ත්‍රික් ක්‍රමයට සරසවි වරම් ලබාදුන්නට. නැත්නම් අපේ දරුවන්ට දොස්තරල වෙලා නෙවෙයි, ලෙඩවෙලා වත් ඉස්පිරිතාලෙකට යනහැටි දන්නෙ නැ. (ර)
බංගලි. ඇත්තටම බංග්ලාදේශ ජාතිකයෙක්ද? ඔබේ සිංහලත් හොදයි, තර්කයත් හොදයි. (ර)
අපි කොළඹින් උසස් පෙළ කරනකොට , ලකුණු එකක් දෙකක් අඩු නිසා වෛද්‍ය විද්‍යාලය අහිමි වුන ළමයි එමටයි, එකටත් හරියන්න සති අන්තයේ කොළඹ ටියුෂන් ඇවිත් ලකුණු 50 60 ක් කොළඹ සිසුන්ට වඩා අඩුවෙන් අරන් සරසවියට රිංගා ගත්තු පිට පළාත් වල සිසුන් හිටියා. අද කාලයේත් අනුන් ඉගෙන ගන්නවාට අකමැති ඔන්න ඔය සෙට් එක තමයි. ඒ වුනාට ඒ ගොල්ලන් පාස් වුනාම දුවන්නේ පුද්ගලික චැනල් සේවයට. පුදුම කුහක උගත්තු කොට්ටාශයක්. (ර)
මේ උත්සාහය වෙන මොකක් වත් නොවෙයිනේ, අපේ රටට හොඳ වේද සේවයක් දෙන්නනේ. (ර)
එත් පෞද්ගලික රෝහල් වහන්න එපා. (ර)
එහෙමනම් සියලුම පෞද්ගලික ආයතන වලින් පිරිනමනු ලබන උපාධි සහතිකයන් ට ද විරුද්දව උද්ගෝසනය කල යුතුයි. මෙය රජයේ වෛද්‍ය වරුන්ගේ එකාදීකාරය පවත්වා ගැනීමට කරන කුට ව්‍යාපාරයක් පමණයි. සියලුඋම ජනතාව මෙම රජයේ වෛද්‍ය වරුන්ගේ ක්රියාවලිය හෙලා දැකිය යුතුයි. (ර)
මේ තීරයේ, ඔය පුද්ගලික උපාධි කඩේට සහයෝගයෙන්, ඔය කෑගහන මහත්වරුන් මේකත් අහන්න. අපොස උ/පෙළට කෘෂිකර්මය හරි ගෘහ විද්‍යාව හරි සමත් දොස්තර නෝනා කෙනෙක් ළඟට යන්න ඔබට හිත දෙනවාද? එහෙම අයත් මේ උපාධි කඩේ ඉගෙනගන්නවා. (නි)
විපක්ෂයේ ඉන්න කාලයේ නම්, මේගොල්ලන්ට මේවා උපාධි කඩ. අර පෝර්ට්සිටි එකත් ඒ වගේමයි. ඒ කාලේ මේවා හොඳ නැහැ. බලයට ආවහම මේවා හොඳයි. කමක් නැහැ. මොනවා වුණත් අපි අපිටම ශාපකර ගන්නවා, මේ වගේ හොර උපාධි කඩවල් වසන්න හැකි රජයක් පත්කර නොගැනීම ගැන. (නි)
අධ්‍යාපනය ආයතනයක් වහල විතරක් මදැයි, පෞද්ගලික රෝහල් වහන්න පෙත්සමක් බාර දුන්නේ නැතෙයි ? (අ)
අපේ රට ආපස්සට යවන්න මේගොල්ලෝ හදන්නේ. ලෝකයේ දියුණු හැම රටකම පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා (නි)
සරසි ඔයාල වගේ අයට හොද ප්‍රමිතියක් තියෙන අධ්‍යාපනයක් ලබා ගැනීමට අයිතියක් තියෙනව. ඒක තමයි අධ්‍යාපන කඩ රජයට පවරගන්න ඕනේ. නිකන් සහතිකයක් ගන්න නම් ඉන්දියාවට හරි බංගලි දේශයට හරි ගිහින් ලාබෙට ගන්න පුළුවන්. එත් වැඩක් නැහැ. ඉගෙන ගෙනම රස්සාවක් ගන්නනම් රජයේ සරසවියකට යන්න. නැත්නම් ඔයාලගේ සල්ලි වලට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. (අ)
මෙන්න කුහකත්වය (අ)
කොහොමද ඊළඟ දක්ෂයන්ට මොලේ තියෙන්නේ ඒකනේ වහන්න කියන්නේ. මොලේ තියෙන ඊර්ෂියාකාරයන් (අ)
හරියට හරි සරසි, මෙතැන තියෙන්නේ කුහකකම. එහෙනම් පිටරට ගිහින් ඉගෙනෙ ගෙන එන එකත් තහනම් කරන්න. මේගොල්ලෝ ඒවත් චෙක් කරන්න යනවද ? (අ)
එතකොට රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරිවුණ අය මොකද කරන්නේ? රටේ තිබෙන ආර්ථික තත්වයත් එක්ක රජයට කොහොමත් පුළුවන්කමක් නැහැ සියලු විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන අයට ඇතුළත් වෙන්න තරම් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ධාරිතාවය වැඩිකරන්න. අනික ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ධාරිතාවය වැඩි කරන්න කලින් ඒවායේ පහසුකම් (තත්වය) දියුණු කරන්න වෙනවා. (නි)
කොතලාවල ආරක්ෂක පීටයත් වහන්න ඕනේ . පිටරට එම්.බී.බී.එස් කාරයොත් පන්නන ඕනේ .ලෝකෙම ඉන්න ඕනේ ලංකාවේ රජයේ එවුන් විතරයි (අ)
ඇති දැවැන්ත වූ විදේශ විනිමයක් රටට ඉතිරි කරන ව්‍යාපෘතියක් වසා දමන්නට වෘත්තිය සංගමයකට ඕන විදිහට..? හැම දේටම අනුගත වෙනවා .මෙයට පමණක් දැඩි විරෝධය..! ඇයි ඒ..? මේ වෛද්‍ය වෘත්තිකයින්ගේ අභියෝග දරාගැනීමට ඇති බිය නොදැනුවත්වම ඉස්මතුවෙන අවස්ථාවක්...! ලෝකය ඉදිරියට යනවිට ලංකාව ආපස්සට හැරෙන්නද ..අර තලිබාන් කාරයන් වගේ..? මේ විරෝධය පුද්ගලික රෝහල් වහන්නද..? පුද්ගලික පෞද්ගලික වෛද්‍ය, චැනල් සේවා නැවත්වීමටද ..? නැත ...! මේ විරෝධය වෙන කිසිවක් නිසා නොවෙයි. මෙතෙක් නොතිබූන අභියෝගයකට ත් ,තමන් මෙතෙක් කල් රැකගත්තු රැස් වළල්ල, එකාධිකාරය ,කේවල් කිරීමේ හැකියාව,ඇති වරප්‍රසාද හීනවෙයි කියා ඇත බිය මිසක් ....! රජයට ඇති වගකීම නම් මෙය වසා දැමීම හෝ රජයට පවරාගැනීම නොව ,මෙම විදුහලේ ගුනාත්මක භාවය රැකගැනීමට සඳහා දැඩි රාජ්‍ය නියාමනයක් පවත්වාගන යාමයි. මන්ද මෙයින් බිහිවන්නේ මිනිස් ජීවිත ගැන වග කීම දරන වෘතිකයන් නිසා .(අ)
සයිටම් විතරක් නෙමෙයි තව උපාධි කඩ තියෙනවා. ඒවත් වහන්න කටයුතු කළයුතුයි. නැත්තම් අපේ රටට විශාල ප්‍රශ්නයක් (නි)
ඒ ඒ වෛද්‍ය විද්‍යාල වලින් පිටවන වෛද්‍යවරුන්ගේ හැකියාව, ගුණාත්මකබව අනුව කලක් යනකොට ජනතාවට, රටට තේරේවි මොකෙන් ඉගෙනගත් අයද හොඳ කියලා. හොඳ කියන්නේ දැනුම පමණක් නොවේ. ලෙඩුන්ට සළකන හැටිත් එක් කොටසක්. හොඳ නැහැ කියලා පැහැදිලි වෙන අයට තිබෙන ඉල්ලුම ඉබේම නැතිවෙලා යාවි. (නි)
අපොස උ/පෙළට ජීව විද්‍යාව සමත් අය උ/පෙළට කෘෂිකර්මය හරි ගෘහ විද්‍යාව හරි සමත් අයට වැඩිය බුද්ධිමත් කියා කීමට චන්ද්‍රට ඇති සාධක මොනවද? උ/පෙළට ජීව විද්‍යව සමත් නමුත් කිසිම තීරණ ගැනීමේ හැකියාවක්, තාර්කික හැකියාවක් , සිතීම හැකියාවක් නැති අයත් මට ඕනෑතරම් පෙන්වන්න පුළුවන්. (නි)
මම ගණිත අංශයෙන් උසස්පෙළ කර වෙන රටක රැකියාව කරන ලංකාවේ උපාධිධාරියෙක්. ජීවවිද්‍යාව කරපු ඔය දොස්තර මහතුන් මේ රටේ ඉන්න උගත්ම පුද්ගලයන් බව සහ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත් අය ලෙස නන් දෙඩවීමට ඇති අයිතිය කුමක්ද? (නි)
ටිකක් මහන්සිවෙලා වැඩ කරලා ප්‍රමිතියක් තියෙන රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බලන්න. දැන් පවුද්ගලික අංශයේ ජොබ් වලට දැන්වීම් කරන්නෙත් "පිළිගත් රජයේ විශ්ව විද්‍යාලයකින් කියලා" ඉතින් නිකම් සල්ලි නාස්ති කරගන්න එපා. ඔය අධ්‍යාපන කඩ වලින් ගන්න පුළුවන් අධ්යාපනයක් නැහැ. රජයේ සරසවි වල ප්‍රමිතියත් එක්ක කොහොමත් ඔය කඩ වල තරග කරන්න බැහැ. ඔය කරන්නේ වෙන රට වලට යන සල්ලි මේ රටේ මුදලාලිට ගන්න ක්‍රමයක් විතරයි. රජයට බලකරමු උස්සපෙල සමතුන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ඇති කරන්න කියලා. (ර)
නිශාන්ත, විකාර කියවන්න එපා. ඔය මට පෙන්වනවද ඔයා ඔය කියන අඩු සුදුසුකම් තියන දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් අරගෙන මියගිය එක රෝගියෙක්. මේකේ ඇත්ත කව්රුත් දන්නවා. මෙතන තියෙන්නේ සම්පූර්ණ කුහකකම (නි)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපානම් කොහොමද පෞද්ගලික රෝහල් හොද වෙන්නේ. චීනෙට හරි වෙන රටකට ගිහින් ලංකාවේ සල්ලි පිටරටවලට ගෙවලා ඉගෙනෙ ගෙන එන එකත් තහනම් කරන්න ඕනේ. මේ වගේ පෞද්ගලික උසස් අද්යාපන ආයතන ඇතිකරලා ලංකාවෙන් පිටරටට යන සල්ලි වගේම පිටරට සිසුන් ඇතුලත්කරගෙන විදෙස විනිමය උපයගන්නත් පුළුවන්. ඉන්දියාව චීනය වගේ රටවල් මේ දේවල් වලින් උපරිම අදායම් ලබනවා. නගරේ සිසුන්ට වඩා අඩුවෙන් ලකුණු අරන් සරසවියට රිංගා ගත්තු පිට පළාත් වල සිසුන්, අකමැති ඔන්න ඔය සෙට් එක තමයි. ඒ වුනාට ඒ ගොල්ලන් පාස් වුනාම දුවන්නේ පුද්ගලික චැනල් සේවයට. පුදුම කුහක උගත්තු කොට්ටාශයක්. (ර)
චන්ද්‍ර පැරිස්, ලෙඩුන්ට ප්‍රතිකාර කරන්නේ උසස්පෙළ කෘෂිකර්ම හෝ ගෘහ විද්‍යා දැනුමෙන් නොවේ. එම සිසුවා ඉන්පසුව වෛද්‍ය විද්‍යාලයේ ලබාගත් දැනුමෙන්. අවසානයට ලබාගත් වෛද්‍ය විද්‍යාත්මක දැනුම නියම විදිහට යොදාගැනීමයි වැදගත් වෙන්නේ. (නි)
ඔය ප්‍රමිතිය ඇතුලේ බොහොමයක් කුහක කම් ද්වේශය ඉරිසියාව කකුලෙන් ඇදීම වගේ දේවල් තියෙනවා (ම)
සෙලනිකස් මහත්තයෝ, "අවසානයට ලබාගත් වෛද්‍ය විද්‍යාත්මක දැනුම නියම විදිහට යොදා ගැනීම" කියන්නේ අවුරුදු පනහකට පස්සේ වුණත් "අවසානයට ලබාගත් දැනුම" යොදා ගතයුතු බවද? අපේ හුඟක් දොස්තර මහත්වරුන්ට එහෙනම් තියෙන්නේ යල්පැනපු දැනුමක් වෙන්න ඕනෑ. සියලුම රජයේ වෛද්‍යවරුන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කළොත් මේ විරෝධතාව අවසන් වේවි! (නි)
නිකන් සහතිකයක් ගන්න නම් ඉන්දියාවට හරි බංගලි දේශයට හරි ගිහින් ලාබෙට ගන්න පුළුවන් කියන්නේ කව්ද ? අපේ රටවල නිකම් සහතික දෙන්නේ නැහැ උසස් අදයපන ක්‍රමයක් තියෙන්නේ අපි නව නිෂ්පාදන නව තාක්ෂණයෙන් ඉතා ඉහල ජාතීන් අපිව කුඩා කරලා හිතන යට අල්පෙනෙත්තක් හදා ගන්න බැහැ නුගත් කම වපුරාගෙන අපරාද මත්ද්‍රව්‍ය සොරු වැඩිපුරම ඉන්න ජාතියක් හදා ගෙන අපිට මඩ ගහනවා. (ර)
මටත් ලංකාවේ සරසවියකට යන්න බැරි උන්න නිසා සල්ලිදිලා රුසියාවේ ඉගෙනගත. $40,000 ගීයා. ඒ සල්ලි ලංකාව වියදම් කලානම් කාටද හොද. දැන් මම එංගලන්තයේ පුරවැසිබවත් ලබලා මෙහෙ හොද ඉස්පිරිතාලෙක වැඩ කරනවා. ඉරිසියාව නැතිව අනික් අයටත් ඔලුව උස්සන්න අවස්තාවක් දෙන්න. (ර)
දොස්තර මහත්වරුන්ට තියෙන්නේ වෘත්තීයේ දැනුමක් පමණයි. වෛද්‍ය විද්‍යාව ගැන මිස වෙන කිසිවක් ගැන නොදන්නා දොස්තර මහත්තුරු විශේෂයෙන්ම අපේ රටේ ඕනෑතරම් ඉන්න පුළුවන් (නි)
ලංකාවේ සිසුන්ට ඉස්සරහට එන්න තියෙන පාරවල් මේ වහන්නේ. (ර)
මෙන්න කුහකත්වය ... (ර)
පෞද්ගලික චැනල් හා පෞද්ගලික රෝහලුත් වහන්න (අ)
ඔව් ඒ අය කියමුකෝ.. ඔය කතාකරන කව්රුවත් සුදුසුකම් අඩු දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න යනවද එහෙම නම් ප්‍රසිද්දියේ කියන්න තමන් මැරුණත් කමක් නැහැ යන්නේ මාලබේ දොස්තර කෙනෙක් ගෙන් විතරයි ප්‍රතිකාර ගන්නේ කියලා ... සෞඛ්‍ය ඇමතිගේ සිට ඔයාල දක්වා ප්‍රතිකාර ගන්නේ මේ රටේ නෙමෙයිනේ එකයි ඔහොම කතා කරන්නේ (අ)
පෞද්ගලික විශ්වවිද්‍යාල පයින් ගැහිමට මෙය කාලය නොවේ. ජාතික විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් විශිෂ්ට මට්ටමක නොමැති නම්, පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උසස් මට්ටමක් බලාපොරොත්තු විය නොහැක. (ම)
කුහකකම අත් හරින තුරා - නැත මේ රට ගොඩ යෑමක් සදා (ම)
මොන බොරු වැඩක්ද? තව පෞද්ගලික විශ්ව විද්‍යාල 10 වත් රට තුළ අරින්න ඕනෑ. 67% දරුවන් මොනවද කරන්නේ? ඒ අයගේ දැනුමට සරිලන උපාධියක් කරන්න මෙම ආයතන රට තුළ ස්ථාපිත කරන්න. මේ ගෙනියන්නේ තනිකර ලොකු මාෆියාවක්. ඒ තුළින් අසරණ වෙන්නේ රට බාරගන්න ඉන්න දරුවන්! (නි)