‘සයිටම් උපාධි කඩය වහා අහෝසි කරනු‘ මැයෙන් සංවිධාන ගණනාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විරෝධතා රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී දැන් පැවැත්වේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, රජයේ වෙද නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් ඊට එක්ව සිටිති. ඔවුහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට විරෝධතා පාගමනකින් එම ස්ථානයට පැමිණියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර හා ජවිපෙ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද ඊට එක්ව සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා! සුසිල්, ඔයාගේ මාර මොළේනේ. මට මේ ලක්ෂ 130 ට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ (නි)
රන්ජිත් තමා කුහක....(බ)
යල්පැනගිය අදහස් ඇත්තවුන්ගේ එකතුවක්! (නි)
මේ අහන්නේ ධනුෂ්කගෙන් එතකොට ඔය වැස්සටම රට පුරාම තියෙන අනෙක් උපාධි කඩ ටිකත් හේදිලා යයි නේද (බ)
පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු මේකට යන්නේ රෙදි ඇදගෙනද (බ)
යල්පැනගිය නොදියුණු චින්තනයක හිරවුණු තරුණ ළමයින් සමුහයක්, සමාජයේ හා ආර්ථිකයේ වරප්රසාදලත් ස්ථානය රැක ගැනීමට වලිකන වෘත්තිකයන් සමුහයක්, දේශපාලන වශයෙන් පැවැත්ම රැක ගැනීමට ඕනෑම පිදුරු ගහක එල්ලීමට නොපසුබට අවස්ථාවාදී දේශපාලනඥයන් පිරිසක් (බ)
ධනුෂ්ක.ඔබගේ අදහස සත්‍යයි. (බ)
අපේ අප්පොච්චට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ලෝකයේ කොහේ හරි බැංකුවකට මුදල් බැර වෙනවනම් ඕනෑම ජහ ජරාවක් පටන් ගන්න පුළුවන් යුගයක් තිබුන.ඊට විරුද්ධ වුනානම් බොඩියවත් හොයා ගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙන බව මොලේ කළදක් හෝ තිබෙන කෙනෙක් දන්නවා. (බ)
නුගේගොඩත් ඉවරයි! (නි)
ධනුෂ්ක වගේ උදවිය ඊළඟට කියන්නකෝ පුද්ගලික රෝහල් වල ළමයින් හම්බු වෙන එකත් වහාම තහනම් කරන්න කියලා. තමන් රටේ සංවර්ධනයට එක සතයක් වත් බදු මුදල් විදියට ගෙවලා නැතිනම් කෙනෙකුගේ අධ්‍යාපන අයිතියකට විරුද්ධව කතා කරන්න එපා. අධ්‍යාපනයේ වියදමේ සිට ඔක්කොම රටේ මිනිස්සු ලවා කර ගෙන අයිස් ගහන රජයේ රැකියාවක් කරගෙන පෙන්ෂන් ගියා නම් ධනුෂ්කලාට හරි ෂෝක්. (බ)
සංජීව ඔබ හරි. එ්ත් මෝඩයා දොඩම් ගොඩ බදා ගත්තා වගේ අපට වැඩ කරන්න බෑ. සයිටම් අැවිත් හොර ගුහාවක්. ඔබට මතකද ඔවුන් කව්වා සයිටම් සිසුන් අවසාන අවුරුද්දෙ රුසියා යවනවා කියලා. කෝ යැව්වද? ඔවුන් මේ වගේ බොරු තොගයක් ගෙතුවා. අනික මේක මිනිස්සුන්ගෙ ජීවිත හා බැඳුනු දෙයක්. සයිටම් කියන මූලික කඳවුර බිඳ වැටුනම අනික් මුර කපොලු ගැන කවර කථාද? (බ)
ඕක පටන්ගත්ත කාලේ මොකද දන්නේ නෑ මෙතරම් විරෝධතා දකින්නට තිබුනේ නැත්තේ ? (බ)
ධනුෂ්ක බොරුවට කැගහන්නේ නැතිව කියන්න මොකද සයිටම් එකට විරුද්ධ කියල.අදහස හරිනම් අපිත් එකඟ වෙන්නම් . තවම කිසිකෙනකුට කියන්න බැරි වුණා ඇයි සයිටම් එකට විරුද්ධ වෙන්නේ කියල. (බ)
පින් අධ්‍යාපනය නැතිවෙයි කියල බයේ කෑගහනවා. හලෝ සයිටම් නිසා අධ්‍යාපනය නැතිවෙන්නේ නැත. කොහොම වුනත් උසස් අධ්‍යාපනයට මුදල් අයකළ යුතුය. එ්කට අපි මුදල් ගෙවිය යුතු නැත. (බ)
සයිටම් වහන්න වුනොත් පිටරට ගොස් ඉගෙන ගන්න යන වියදමින් 50% රජය ගෙවන්න. උසස් අධ්‍යාපනයට මුදල් අය කරන්න. අධ්‍යාපන කාලය අඩු කරන්න. (බ)
රන්ජිත් ඔබ හරියට හරි. හැබැයි ඒගොල්ලෝ පෞද්ගලික රෝහල් වහන්න කියන්නේ නැත. එ්කයි කුහකයෝ කියන වචනය ඒගොල්ලන්ට ගැලපෙන්නේ. (බ)
සටනට අපිත් ඉන්නවා. ජයවේවා! (නි)
සිරි, ඔබ සයිටම් ඉතිහාසය දන්නේ නැද්ද (නි)
ඕකට මිලියන 600 ක් ආණ්ඩුවෙන් දෙන කාලේ වසුදේවලා දිනේෂ්ලා හැමෝම කැබිනට් එකේ හිටියා. (නි)
ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් කියන්නේ උපතින්ම කුහක ජාතියක්. මෙච්චර සම්පත් තිබිලත් අපිට දියුණුවෙන්න බැරිවෙලා තියෙන්නේ ඒ කුහකකම හින්දා තමා. පුද්ගලික විද්‍යාල ඇරලා, ජාත්‍යන්තර විද්‍යාල ඇරලා, ඒවාට උපකාර කරලා, ඒ දරුවන්ට උසස් පෙළින් පස්සේ ඒ දොරවල් වහන්න මොවුන් හදන්නේ. මේ රටේ වෛද්‍යවරුන්ට හැර වෙන මොනම අංශයකටවත් උසස් අධ්‍යාපනයට යන්න දෙන්නේ නැතුව වළ කපන්න හදන්නේ (නි)
මෙම ආයතනය බොරුවෙන් පටන්ගත්තේ. එම ආයතනය රෙජිස්ටර් කරලා පටන් ගත්තේ ශිෂ්‍යයෝ රුසියාවේ යවනවා කියලා. මගේ අදහස එම ළමයින්ගේ දෙමව්පියෝ නඩු දාන්න ඕනෑ මෙම ආයතනයට, මේ ළමයින්ව අමාරුවේ දැම්මට. (නි)
ඒ කාලේ කළා නම් 'අතුරුදහන්' (නි)
පෙළපාලියේ යන භික්ෂූන් ටික මහරජා ඕක පිහිටුවනකොට කොහෙද හිටියේ (නි)
සිරී මහතාගේ දැනගැනීම පිණිසයි. පටන්ගත්තේ වෙන නම් දාලා. වෙන වෙන දේවල් උගන්වන නමුත් තමුන්ගේ ආයතනයේ නම 3 වරක් වෙනස් කරමින් අලුත් ආණ්ඩුව යටතේ වෛද්‍ය පීඨයක් ලෙස ඉදිරිපත් වීමයි මෙතන ප්රශ්නය. සහෝදරයා, හොයලා බැලුවොත් ඔබතුමාට තේරෙයි (නි)
සිසුන්ගෙන් මුදල් අයකරන නිසා සයිටම් රෝහල නොමිලේ ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කරන්න. එතකොට රජයේ රෝහල්වල වගේ හැම වර්ගයකම රෝගීන් ආවහම, වෛද්‍ය සභාව කියන ප්‍රායෝගික/ සායනික දැනුම මදි කියන තර්කය කැඩෙනවා. වියදම පියවාගන්න අවශ්‍ය නම් ලක්ෂ 120 , 130 කරලා පිටරට සිසුනුත් බඳවාගන්න. (නි)
අපේ නුගේගොඩ නගරය (කුහක) යකුන් නටන පිටියක් වෙලා. අපේ නුගේගොඩ නගරය අපිට දියව්. (නි)
ඔබ සැමගේ නොපසුබට උත්සාහයට හිසනමා ආචාර කරමි. ජයම වේවා. (නි)
මේ සටන නොනවත්වා දිගටම ගෙනියන්න (නි)
ජයවේවා! ඔහොම යමු (නි)
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි අය ‘සයිටම්' පටන්ගත්ත කාලේ මොකද කළේ? (නි)
බමුණු, ඔබ ගැන දුකයි.වෙන මොනවා කියන්නද? (නි)
දිනේෂ් අාපු නිසා තමයි සෙනඟ මෙච්චර(නි)
අනේ ජේ වී පී... කල දුටු කල වළ ඉහ ගන්නවාද? (නි)
මේක පටන්ගන්නකොට මේ දේශපාලකයෝ මොන ලෝකයේද හිටියේ? (නි)
සිරි, අැයි අැස් දෙක සාක්කුවේ දාලා තිබ්බේ. එක්කො ඔයාට අමතකවෙන ලෙඩේ. අන්තරෙයි, වෙෙද්‍ය සභාවයි, වෙෙද්‍ය සංගමයයි කොච්චරනම් මේකට විරෝධතා තිබ්බද. දැන් විරෝධතා උත්සන්න වුණේ උසාවි තීන්දුවත් එක්ක. (නි)
අහෝ සයිටම්වාදිනි, නුඹලාගේ සයිටම් මාළිගය අලංකාරවත්ව සාදන්න. ලස්සන කැටයම් දාන්න. පවුරු පදනම් සාදන්න. එහෙත් එහි පදංචි නොවන්න. මන්ද යත් නුඹලාට නොතේරෙන දෙයක් අැත.නුඹලාගේ මාළිගය තනා අැත්තේ වියළුනු ගංඟාවක් මැද, වැලි වලිනි. පැවතියේ මද වැසි සහිත නියඟයක්. එ්ත් දැන් නියඟය හමාරයි. සුළි කුණාටු, ගිගිරුම් සහිත මොරසූරන වැස්ස අැරඹීමට නියමතයි. අතු ගංඟා ගොඩාක් එකතු වී ගඟ දෙගොඩතලා යාමට නියමිතයි. අහෝ සයිටම්! (නි)
වීදි නාටක නළු නිළියන්ට ජයවේවා! (නි)
අනේ රන්ජිත්, මෙතන තියෙන්නේ එහෙම දෙයක් නොවෙයි කියලා හිතාගන්න තරම්වත් මොළයක් නැද්ද. (නි)
කට්ටියට අමතකයි වගේ තවත් ඒ වගේම එකක් රත්මලාන පැත්තේ කොතලාවල එක ඇතුළේ තියෙනවා කියලා. ඒක ගැන සද්දයක් නැත්තේ තාම හිතේ බය තියෙන නිසා වෙන්න ඇති මගේ හිතේ. (නි)
ඕකට මිලියන 600 ක් ආණ්ඩුවෙන් දෙන කාලේ වසුදේවලා දිනේෂ්ලා හැමෝම කැබිනට් එකේ හිටියා. ජේවීපී එකට ලැජ්ජා නැහැ. (නි)
අපිත් එනවා ඔය සටනට (නි)
සයිටම්වාදීන් විසින් උසස් පෙළ පාස්වෙන හැමෝටම කැම්පස් යන්න බැහැ. එ් නිසා මුදල් දී එ් අයට උපාධිය ලබාගැනීමට ඉඩ දියයුතුයි කියනවා. නැත්තන් එ්ක අසාධාරණයිලු. අැත්තටම මෙය අාත්මාර්ථකාමි, අවස්ථාවාදි තර්කයක් නොවේද? මොකද කැම්පස් යන්න බැරි කීයෙන් කී දෙනාටද ලක්ෂ 120ක් දීලා උපාධි ගතහැක්කෙ. කළයුත්තේ බාහිර උපාධි අවස්ථා හා රජයෙ කැම්පස් වල අවස්ථා පුළුල් කර ගැනීමයි. උපාධි කඩ අැරීම නොවෙයි. බාහිර උපාධිය කප්පාදු කරනකොට සයිටම්කාරයො වගේවගක් නැහැ. (නි)
ජයවේවා කියලා තමයි මට කියන්න තියෙන්නේ (නි)
ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ වෛද්‍ය විද්‍යාල තියෙන්නෙ 2100 - 2800 අතර. සයිටම් උත්සාහ කරලා 1000 - 1500 අතරට එන්න බලන්න. එතකොට විදේශ සිසුන් ආකර්ෂණය කරගන්න පුලුවනි (නි)
කෝ අහවලා නැහැනෙ. එයාගෙ දුව සයිටම් හින්දද (නි)
ලංකාවේ පෞද්ගලික සහතික හෝ උපාධි දෙන එකම ආයතනය සයිටම් පමණක් නොවේ. එ්ත් ඒවාට විරුද්ධ නොවී මේකට විතරක් විරුද්ධ වෙන්නේ මොකටද. 5% කාගේහරි උවමනාවට බෝඩ් උස්සාගෙන කඩේ යනවා විතරයි කරන්නේ. සයිටම් වගේ තවත් පුළුවන් තරම් ඔය උපාධිය දෙන තැන් පටන්ගත යුතුය. (නි)
මේ අදහස් සයිටම් දෙමාපිය සංසදයෙන්. අමතර ඒවා නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න බැරිවුණ අසහනකාරී පුද්ගලයන්ගේ. (නි)