ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගන්නා සයිටම් විරෝධී ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීන්දු කළ බව සභාපති වෛද්‍ය නිමල් රත්නසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ අද පස්වරුවේ විශේෂඥ වෛද්‍ය සංගමයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ ගැන දැනුම් දුන් බව ද වෛද්‍ය රත්නායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන් තමයි මේකෙනුත් තැළෙන්නේ (නි)
රොහාන්, ඔයා මොනවද පාසලට කරලා තියෙන්නෙ. ඔයාට බැරිවුණාට වෛද්‍යවරයෙක් වෙන්න අනිත් අයට ඊර්ෂ්‍යාවෙන් පැලෙන්න එපා (නි)
බමුණු, ඔයා සුපිරි කෝටිපතියෙක් වගේ පේනවා. ඉතින් ඔයාලගේ ඔය කෝටිපතියන්ගෙයි, දේශපාලකයන්ගෙයි දරුවන්ට කියන්නකො අනික් දුප්පත් දරුවෝ වගේ උසස් පෙළ හොඳට පාස් වෙලා රජයේ පීඨ වලින් ඉගෙනගන්න කියලා. (නි)
මමත් හොඳ ව්‍යාපාරිකයෙක්. මගේ ළමයාවත් සයිටම් යවන්නයි ඉන්නෙ. ඇයි දොස්තරලා ඒකට විරුද්ධ? (නි)
කවුරු කොහොම කෑ ගැහුවත් හැම කෙනෙකුටම ඉගෙනීමට අයිතියක් තියෙනවා. රටේ උගත් පරපුරක් ඇතිකිරීමට ඒ අයිතිය රැකිය යුතුයි. (නි)
ඕ ලෙවෙල් ඒ 9 අරගෙන ඒලෙවෙල්, ඒ2 බී1 අරගෙන වෛද්‍ය විද්‍යාලයට යන්න කොළඹ ළමයින්ට බැහැ. ඊට අඩු ප්‍රතිපල වලින් කට්ටියක් යනවා. කොළඹ, මාතර, නුවර ටියුෂන් අරන්. මේකත් නවත්වන්න ඕනෑ එහෙම නම්. කරුණාකරලා ළමයින්ට ඉගෙනගන්න අයිතිය දෙන්න. මේ ළමයි රටටත් ලෝකයටත් වැඩක් කරාවි. (නි)
නිශාම්, ඔයා හිතන්නෙ ඔයා සල්ලි දාපුවහම ඕකට ගනියි කියලද? ඕක ඉදිරියට දේශපාලකයින්ගෙ අතකොලුවක් වෙනවා. හොඳම බලපුලුවන්කාරයන්ට විතරයි ඕකට රිංගන්න පුලුවන්. බඳවා ගැනීමේ නිසි ක්‍රියාපටිපාටියක් නැහැ. ඒකයි මේ සටන. (නි)
සයිටම් හිතවාදීන් හැම වෙලාවෙම කියන්නේ සයිටම් විරෝධීන්ට චෝදනා කරන්නේ කුහකයින්, ඊර්ෂ්‍යාකාරයින් කියලා. නුඹලාගෙ මතය එපමණයි. නුඹලට වෙන තර්ක නැහැ. අපේ බහුතර මතයයි ශක්තිමත්. අපි කුහක නැහැ. අපේ මතය රජයෙ කැම්පස් වල ධාරිතාව තව වැඩි කළ යුතුයි. ටිකක් මහන්සි වෙලා උගතුන් වෙමු (නි)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ලෝකයේ බැංකු පුරවා ගත් මේ වසංගතය පටන්ගත් රාජපක්ෂලා පැත්තක ඉඳලා අපිට හිනාවෙනවා. අපේ දුප්පත් දරුවන්,දුප්පත් මිනිස්සු දුක්විදිනවා. ඉදිරියේදී එස් 3 සමත් අය දොස්තරලා වෙලා එළියට ආවට පස්සේ දුප්පත් මිනිස්සු ජිවිතයෙන් වන්දි ගෙවනවා. ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. (නි)
ලතා, ඔබ හරි. රටේ හයහතර නොතේරෙන අසරණ මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. යම් දිනයක ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා කියලා දන්නේ නැහැ. (නි)
දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට උදව් කරන්න තීරණය කළාට ඔබට තුති! නැත්නම් අනාගතයේ දොස්තරලා වෙන මැටි දේශපාලුවන්ගේ සහ මුදලාලිගේ ළමයින් මිනිස්සු මරනවා. ඔබලා රජයේ රෝහල් වල කරන සේවය දුප්පත් අපි දන්නවා. ඔය සල්ලිකාරයෝ දන්නේ නැතිවුණාට (නි)
මෙම ආයතනය නිත්‍යානුකුල පදනමක් ඇතිව බිහි වු ආයතනයක් නොවන බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාද පිටියේදී කරුණු සහිතව සනාත කළා. ඒ අනුව බැලුවම මේ ආයතනයට තියන විරුද්ධත්වයේ යම් සාධාරණත්වයකුත් තියනව.ඒ වගේම මෙය වෛද්‍ය සභාවේ ප්‍රමිතියට අනුකූල කළ යුතුත් වෙනව. නමුත් මෙහි තවත් සිතියයුතු පැතිකඩක් තියනවා.(බ)
අපේ රටට තව මේ වගේ වෙද විදුහල් 5ක් වත් අවශ්‍යයි (නි)
මේ කිසි කෙනෙක් කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ වෙන්නෙ නැත්තේ ඇයි කියලා දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියලා දෙනවද? (නි)
දුප්පත් ළමයට ටියුෂන් යන්න සල්ලිත් නැහැ. දුප්පත් මිනිහට චැනල් කරන්න සල්ලිත් නැහැ. ඉසෙඩ් එකෙන්ම ළමයෙක්ට ඇති හැකියාව තීරණය වෙන්නෙත් නැහැ. ළමයෙකුට ඉහළට යන්න විභවයක් ( ඇත්නම්, මුදල් ගෙවා හෝ නොගෙවා හෝ ලබාගත හැකි වියයුතුයි. මේ විනාශ කරන්නේ රටේ තරුණයින්ගේ දක්ෂතාවයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු පොදු විභාගයකට මුහුණ දෙන්න පුළුවන්. (නි)
මේගොල්ලන්ගේ නොසැළකිලිමත්කම නිසා ලෙඩ්ඩු කීදෙනෙක් මරණය අත්කරගන්නවද? ලොක්කා එනකල් කියලා බෙහෙත් කරන්නේ නැහැ. පුද්ගලික බෙහෙත් කඩේට යන්න බලා ඉන්නේ. සයිටම් එකෙන් ඉගෙනගත් දොස්තර කෙනෙක් බෙහෙත් දුන්නොත් ලෙඩ්ඩු මැරෙනවා. එ්කනේ කියන්නේ. එහෙමනම් බෙහෙත් කරපු කෙනා වගකියන්න ඕනෑ. උසාවි යන්න වෙනවා. (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන වෛද්‍යවරු වුණාම තමා ප්‍රශ්නේ. ඒ සල්ලි වලින් ඉගෙනනොගෙන රස්තියාදු ගහලා කාලකන්නි වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දකට වෛද්‍යවරු වෙන්නේ 0.1% ක් විතර. කැම්පස් යන්නේ 2-3% ක් වගේ. ඉතිරි අයගෙන් 75% ක් වගේ ඉගෙනගන්න එක මගින් නවත්තනවා. ඒවාට වියදම් වුණේ මේ රටේ බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි කියලා මතක් වෙන්නේ නැති එකයි දුක. (නි)
කුසුම්, ඔයා හොයලා බැලුවද ඔයාට ප්‍රයිවට් කරන්න හදපු කෙනා ලංකාවේ උපාධිය ගත්ත කෙනෙක්ද? පිටරටින් ගත්ත කෙනෙක්ද කියලා. අනික ඔයාලා වගේ අයට නිතරම අමතකවෙන කාරණේ තමයි පේරාදෙණියේ රෝහලේදී ඔයාගේ දරුවට හොඳ දෙයක් කළෙත් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත වෛද්‍යවරු කියන එක. මිනිහෙක් මැරෙන්න ගිහින් බේරාගෙන ප්‍රතිකාර කරලා ඉවරවුණාම ටිකට් කපන්න පොඩ්ඩක් පරක්කුවුණ ගමන් අම්මා මතක් කරලා බැනල යන මිනිස්සු ඉන්න රටක් මේක. වෙන සේවය අගයලා කතා කරන්නේ කීයෙන් කීදෙනාද? ඕවා අහනකොට ඇත්තටම කළකිරෙනවා (නි)
අධිකරණ තීන්දුවකට එරෙහි වෙන්න පුළුවන් බව පෙන්නන්න හදන අශීලාචාර ජාතියක් ලංකාවේ බටහිර වෙද්දු. ජනතාවනි, ලෙඩ නොවී ඉඳපල්ලා. එහෙම වුණොත් සිංහල බෙහෙත් ගනිල්ලා. (නි)
රජයේ රෝහල්වල දොස්තර මහත්වරු කැපවීමෙන් සේවය කරනවා. හෘද රෝග ඒකකය හොඳම උදාහරණය. ඔවුන් අමතර මුදලක් චැනල් සේවයෙන් ගත්තට වරදක් නැහැ. දේශපාලුවන් වගේ රටේ ධනය හොරාකන්නේ නැහැ. නමුත් සයිටම් කට්ටිය අවොත් ලක්ෂ 120 ක් අමතරව හොයාගන්න ඕනෑ බව අමතක කරන්න එපා. (නි)
70 දශකයේ චැනල් හා රජයේ වෛද්‍යවරුන්ගේ පුද්ගලික සේවයට අවසර දීලා තිබුනේ නැහැ. රජයේ රෝහල්වල හොඳ සේවයක් ලැබුණා. දැන් මේක මාෆියාවක් වෙලා ඉවරයි. විනාඩි 5 ක් බලන්න 2500 ගන්න අයත් ඉන්නවා. ඒවගේ මුදල් හම්බ කිරීම් නැති වෙනවට තියෙන බය මේකට මූලික හේතුවයි. බොහෝ රටවල රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික සේවය තහනම්. (නි)
මේ මහත්තුරු දවසට හොයන ලක්ෂ ගාණ කොහොම හොයන්නද රටේ අවශ්‍ය තරම් වෛද්‍යවරු හිටියොත්..? (නි)
බලාගෙන, දැන් මහජනතාව පාරට බැහැලා උද්ඝෝෂණයක් කරාවි අපේ දරුවන්ට ලක්ෂ 120 දීලා දොස්තර කෙනෙක් වෙන්න ඉඩදීපල්ලා කියලා. එහෙම රටක් මේ (නි)
මහේෂ් කුසුම්ට හරිම උත්තරේ දීලා තියෙනවා. දොස්තරලා කියන්නෙත් මිනිස්සු. මිනිස්සු එකිනෙකාට වෙනස්. ඔවුන්ගේ ආකල්ප, ගතිපැවතුම් වෙනස්. මේක ඕනෑම ක්ෂේත්රයකට පොදුයි. නොමිලේ අධ්‍යාපනය විසින් දොස්තරලා, ඉංජිනේරුවෝ, ගණකාධිකාරීවරු ඇතුළු ඕනෑම තත්වයක රැකියා කරන අයව බිහිකළත්, දැනට රටේ පවතින ඊනියා නිදහස් අධ්‍යාපනය තුළින් මානුෂිය හැඟීම් සහිත මනුස්සයෙක් බිහිකරන තැනට අවධානය යොමුකරලා නැහැ. මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළින් එහෙම මිනිස්සු බිහිවෙයිද කියන්නත් බැහැ. ඒ නිසා මෙතැනදී එක දොස්තර කෙනෙක්ගේ ක්‍රියාවකට ලඝු නොවී සමස්ත සෞඛ්‍යය සේවයේම අනාගතය වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙනවා නම් ඉතාමත් කාලෝචිතයි. (නි)
පළමුව පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සියලු අවශ්‍යතා සපුරාගත් ආයතනයක් වියයුතුයි. දෙවනුව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලට තෝරාගන්නා සිසුන් සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට තෝරාගන්නා සිසුන් ප්‍රමාණයේ එකතුවට සරිලන ලෙස ඉසෙඩ් අගය සහ ලකුණු මට්ටම තෝරාගත යුතුයි. එස් තුනට සුදුසුකම නොදිය යුතුයි. (නි)
නොමිලේ සෞඛ්‍ය සේවාව හොඳ තත්වයෙන් පවත්වාගෙන යාමටත් එක්ක තමයි ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ. ආණ්ඩුව තමන්ගේ වගකීම නිවැරදිව ඉටුකරනවා නම් රජයේ රෝහල් වලින් ඉතාමත් හොඳ සෞඛ්‍යය සේවයක් ලැබෙයි. එතකොට කීපදෙනෙක් හැරෙන්න කව්රුත් පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න යන එකක් නැහැ. එහෙම වුණාම පෞද්ගලික චැනල් සේවා කියන දොස්තර මාෆියාව ඉබේම දියාරුවෙනවා. ආණ්ඩුව මේ ටික කරන්නේ නැතුව වෙන වෙන දේවල් කිරීමෙන් වෙන්නේ තත්වය තව තවත් උග්‍රවෙන එක. (නි)
මේ අය අද මේ විරුද්ධ වෙන්නේ විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබපු නමුත් විශ්වවිද්‍යාල වරම් නොලබපු ළමුන්ගේ අධ්‍යාපනය වලක්වන්නයි. සියයට පහක් විතර වෙන මේ අය සියයට අනුපහකගේ අනාගතේ ගැන තීන්දු ගන්නේ කොහොමද. මේ අය අද ලෙඩ්ඩු දිහා බලන්නේ කස්ටම කෙනෙක් හැටියට කියලයි මට හිතෙන්නේ. එකයි මෙයල රටට වැඩියෙන් වෛද්‍යවරු බිහිවීම් වලකලන්නේ. (අ)
වෛද්‍යවරයා තමන්ගේ රාජකාරි වෙලාවේ රෝහලේ වැඩ කරනවා නම් ඕෆ් වුණාම ප්‍රයිවට් කළාම ඇති වරද මොකක්ද? රාජකාරි වෙලාවේ ගිහින් ප්‍රයිවට් කරන අය ඉන්නවා නම් අනිවාර්යෙන් අල්ලන්න ඕනෑ. මම දන්නා විදියට රජයේ රෝහල් වල වැඩකරන බහුතර වෛද්‍යවරු ඉතාමත් කැපවීමෙන් වැඩකරනවා. ලංකාවේ රෝහල් වල පහසුකම් මදි බව ඇත්ත. එ්කට වෛද්‍යවරුන්ට බනින මිනිස්සු එහෙම තත්වයක් උදාකළ දේශපාලකයන්ට මල් මාල දාලා පිළිගන්නවා. (නි)
මොකද මේ අය ජනතාවට වඩා සයිටම් එකට මෙච්චර බය , ජනතාවනි මෙන්න මේ මාපියාව නැති කරන්න ඕන , වහාම පෙළ ගැසෙන්න කාලය ඇවිත් . (අ)
ඔන්න චැනෙල් කාක්කොත් වැඩේට සෙට් වුණා , මේගොල්ල හැමෝගෙම ආධායම් බදු ලිපිගොනු පරික්ෂ කරලා බලන්න ඕනේ හරියට බදු ගෙවනවද කියල ? (අ)
ජයවර්දන ජනාධිපතිතුමා හිටියා නම්, විශේෂඥ වෛද්‍යවරුත් ගෙදර යවලා ඉන්දියාවෙන් ගෙනෙයි. (නි)
අසනීපයක් වුණාම බුදු දොස්තර මහත්තුරු. සුවවුණාම චැනල් කාක්කෝ (නි)
අනේ හැබෑට මෙහෙමත් රටක්! (නි)
අසනීපයක් වුණාම බුදු දොස්තර මහත්තුරු. සුවවුණාම චැනල් කාක්කෝ! (නි)
මෙහි ප්‍රතිචාර දැක්වීමට පෙර පසුගියදා දුන් නඩු තීන්දුව කියවා බලන්න. මෙම අර්බුදයට හේතු එහි මනාව දක්වා තිබෙනවා. එය බලනවිට වැටහෙන්නේ සියලු පාර්ශවයන්ම වැරදි බවයි. (නි)
ද සිල්වා, කවුරුවත් ඔයාව බලෙන් චැනෙල් වලට අරන් යනවද? වියදම් කරන්න බැරි අයට තමා නොමිලේ රජයේ රෝහල් තියෙන්නේ. අනුන්ට ඊර්ෂ්‍යා නොකර ඔයත් සල්ලි හම්බ කරන්න පුළුවන් කර්මාන්තයක් ඉගෙනගන්න. (නි)
දැන් ජනතාවගේ වාරයයි. දොස්තරලා යනු එක්තරා වෘත්තිකයින් පිරිසක් පමණයි. ඔවුන් ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන වෙනම පැලැන්තියක් ගොඩ නගන්න කටයුතු කරනවා මිසක් රටට ආදරේ පිරිසක් නෙමෙයි. මෙයාලා හැමදාම කළේ තමන්ට උගන්වන්න වියදම් කළ මිනිසුන් අතකොළු කළ එක. මේ සයිටම් එක වහන්න කියන්නේ අපිට ආදරේට නෙමෙයි. තමන්ට ආදරේට. අර ඒකාධිකාරී බලය නැතිවෙනවට බයෙන් (නි)
මුහුණ එක්ක තරහා වී නහය කපාගත යුතු නොවේ. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳ පැහැදිලි ගැටළුවක් ඇත. ඒවා සකස් කරගෙන ඉදිරියට ගියාට කමක් නැත. නමුත් දැනට සිටින වෛද්‍ය වෘත්තිකයන් දෙස විවිධ හේතු මත ද්වේශයෙන් බලා ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට අපි කුණුගොඩකට කර ගැසිය යුතු නොවේ. පුද්ගලික වෛද්‍ය සේවය රජයේ වෛද්‍යවරුන්ට තහනම් කළයුතුය. එයට කමක් නැත. අප වෛද්‍යවරුන් වීමට යවන පිරිසට නිසි සුදුසුකම් තිබිය යුතු අතර ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුවේ. (නි)
සමන්, විශ්ව විද්‍යාලයේ ඕනෑතරම් ඉඩ තියෙනවා අනිත් පීඨ වල. (නි)
සමන් නිමල් සහ සිල්වා මහතාගේ අදහස් සම්පුර්ණයෙන්ම අනුමත කරමි. අර කිව්වා වගේ මෙයාලා ගැන බලාගන්න ලෙඩ්ඩුන්ට අවස්ථාවක් රජය දෙනවා නම්. ජීවත්වෙන හැටි මෙයාලට මතක් කරලා දෙන්න පුළුවන් (නි)
සහයදීම කෙසේ වෙතත්, වෛද්‍ය සභාවට බලපෑම් නම් කරයි නියමෙට. ප්‍රමිතිය හොඳ නැත්නම් ප්‍රමිතිය ඇති කරනු විනා, එය කඩා විනාශ කිරීමද කළයුත්තේ? තමුන් යම් තැනකට ආවාම, තමන් ආ මඟ අමතකකොට, ආයේ වෙන කෙනෙකුට මොන මාර්ගයෙන්වත් තමන් සිටින තැනට එන්න නොදී වළ කපන මහා අසමජ්ජාති ගතියක් සිංහලයෝ තුළ තියනවා. අන්න ඒකට හොඳ උදාහරණයක් තමයි මේ.... (නි)
ඔයගොල්ලන්ගෙන් වැඩි දෙනා මිනිස්සු මරාගෙන කන අය තමයි. ලංකාවේ දොස්තරලා වැඩිවුණොත් පාඩු වෙන්නේ කාටද? ඉතින් කෑ ගහනවා. ලංකාවේ මිනිස්සු ටිකක් කල්පනා කරන්න. (නි)
දොස්තරලට බදු අයකරන්න ඕනෑ (නි)
එස් තුනක් ගැනීම විශ්ව විද්‍යාල ප්‍රවේශයට මූලික සුදුසුකම වුණාට වෛද්‍යවරයෙක් වෙන්න ඒක සුදුසුකමක් නෙමෙයි. මම නම් කියන්නේ සයිටම් අයගෙන් බෙහෙත් ගන්න ඔය වලිකන අයව දාන්න ඕනෑ දඟගෙට. (නි)
විශේෂඥ වෛද්‍යවරුන් කියන්නෙත් අහිංසක රෝගීන්ගේ ලේ උරාබොන නිශාචරයින්. තමා උපන් ගමට හෝ ගමේ තමන් උගත් පාසලට මොනවාද කරලා තියෙන්නේ ? උපාධියෙන් පසු ගම අමතක කරලා නගරයේ චැනෙල් කඩ වලට වෙලා කරන්නේ ගමේ ඉඳන් නගරයේ රෝහල් වලට එන රෝගීන්ගේ ලේ උරාබොන එකයි (නි)
සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් සයිටම් වල අධ්‍යයනය කරන නිසා මේ අය කටවල් වසා හිටියා. දැන් පුලුල් මහජන විරෝධතා නිසා ඔවුන්ට කරන්න කිසිම දෙයක් නැහැ (නි)
සංගමයේ නිලධාරීන් තීරණය කළාට බහුතර සමාජිකයන් තීරණය කරන්නේ නැහැනේ. ඒකනේ ඇත්ත. (නි)
මේ අය විරුද්ධ දොස්තරලා වැඩිවෙනවට නෙමෙයි. රජයේ වෛද්‍ය විද්‍යාල වැඩිකරනවට විරුද්ධ නැහැ. විරුද්ධ වෙන්නේ නිසි ප්‍රමිතියක් නැති ආයතනයෙන් බාගෙට දොස්තරලා බිහිවෙනවට (නි)
සමන්, ඔබේ අදහස හරියට හරි (නි)
විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබපු ළමයි 5%. නමුත් විශ්ව විද්‍යාල වරම් නොලබපු ඉතිරි 95%න් ලක්ෂ 125ක් ගෙවලා ඔය කියන පුද්ගලික වෙද විදුහලට යන්න පුළුවන් ප්‍රතිශතයත් ඔය ගමන්ම කියනවාද? කළු සල්ලි උපයන පවුල් කිහිපයකට සහ මේ වෙද විදුහල රකින්න ජනතාවනි වහාම පෙරට එන්න! (නි)
මේ තමයි කම්බා හොරු. අපේ රටේ ඉන්න සල්ලි පෙරේතයෝ. සමහර අයව නිකම් චැනල් කරන්නත් 2000/- කට වැඩිය ඕනෑ. (නි)
සමන්, ඇයි අද මේ විරුද්ධ වෙන්නේ? විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබපු නමුත් විශ්ව විද්‍යාල වරම් නොලබපු ළමුන්ගේ අධ්‍යාපනය වළක්වන්නයි. ලක්ෂ 120 ක් තිබෙන 0.1% ඇයි ඔබ අඬන්නේ (නි)
මහජන මුදලින් ඉගෙනගත් මෙවැනි දොස්තරලට වඩා තම මුදලින් ඉගෙනගත් දොස්තරලා ඉතා හොදින් මහජන සේවය කරන බවත් උගත් බවත් රාගම පිටයෙන් සේවයට පැමිණි අය පෙන්වා ඇත. මේ විශේෂඥවරු රජයේ මුදල් කොපමණ කා ඇද්ද? මහජනතාවනි, කාලය පැමිණ ඇත (නි)
දැනට මාධ්‍ය වල පළවන මහජන ප්‍රතිචාර වලට අනුව රටේ වැඩිදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අවශ්‍යතාවය ඉතාම හොඳින් පවතින බව පෙනෙනවා. ඒ කියන්නෙ මොවුන්ට යහපත් ආදායමක් ඒ සඳහා පවතින බවයි. ඉතින් වෛද්‍යවරු විතරක් මේකට සටන් කරත්නේ ඇයි? ඔවුන්ගේ කාලය ශ්‍රමය මේවාට නිකරුනේ වැය නොකළ යුතුයි. (නි)
දෙවියෝම බලන්න ඕනෑ! මේ රටේ වෙන උගත් මිනිසුන් නැද්ද? දොස්තරලාට මේ කැක්කුම මොකද මෙතරම්? චැනල් අඩුවෙන නිසාද. (නි)
හරි අපි කියමු ඒගොල්ලන්ට සයිටම්විරෝධී සටනට සහයෝගයට මාසයක් ප්‍රයිවට් චැනල් නවත්තනවා කියන්න කියලා (නි)
අසරණ ලෙඩුන්ටමයි මේකෙනුත් වදින්නේ (නි)
රටට වැඩියෙන් වෛද්‍යවරු බිහිකිරීමට නොවෙයි, ඒ අය විරුද්ධ ප්රමිතියයි ප්රශ්නය. දැන් ඉන්දියාවට වෙලා තියෙන දේ පේනවා නේද? සෞඛ්‍ය ක්ෂේත්රය අන්තිම පහළට වැටිලා තියෙන්නේ. ඉතා දියුණු රටකට ගැළපෙන්න පුළුවන්. නමුත් ලංකාව වගේ දේශපාලනීකරණය වුණු රටක බලා ඉඳිද්දීම සෞඛ්‍ය ක්ෂේත්රය වළපල්ලටම යාවි. (නි)
මහත්වරුනි, අපොස උසස් පෙළට ගෘහ විද්‍යාව කරපු, අයගෙන් බෙහෙත් අරන් වළපල්ලට යන්න ආසානම් එය ඔබලාගේ කැමැත්තක්. නමුත් අහිංසක දුප්පත් මිනිස්සු වළපල්ලට යවන්න මේ හොර උපාධි එම් බි බි එස් - සයිටම් අයට ඉඩදෙන්නේ නැහැ. අවසානයේදී මේ හොර කඩය පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍ය මණ්ඩලයට අනිවාර්යෙන්ම යොමුකරනවා. එතකොට වෙන දෙය බලාගෙන ඉන්න. (නි)
එච්චරයි අඩුවෙලා තිබුනේ (නි)
මේ දොස්තරලගෙ කාර්වල ඇති විශේෂ බලපත්‍රය අවශ්‍ය නැහැනේ. එය ඉවත්කරන්න නීතියක් ගේන්න බැරිද? (නි)
සේන අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් චැනෙල් කඩ වලට යන්න වෙනවා. රජයේ රෝහල් වල බොහෝවිට වර්ජන. එහෙම නැති දවසට තුන්ඩු අරන් පෝලිමේ හිටියත් රෝහල් කාර්ය මණ්ඩලයේ සහ දොස්තරලගේ දැන හැඳුනුම්කම් ඇති අය හොරපාරෙන් ඇතුළට අරන්. මම නම් තරයේ කියන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම් චැනල් කඩත් එපා (නි)
ගොඩක් හොඳ වැඩක් (නි)
හරියට හරි. වෛද්‍ය සභාව කියන විදියට එක්කෝ සයිටම් ආයතනයේ ප්‍රධානීන් ඒක හදන්න ඕනෑ. නැත්තන් ඔය හොර උපාධි කඩේ වහලා දාන්න ඕනෑ. (නි)
මෙතන දාලා තියෙන අදහස් දැක්කම පැහැදිලිවම පේන දේ තමයි බොහොමයක් දෙනා දොස්තරලා එක්ක තියෙන තරහා. මිනිසුන්ට ඕනෑ දොස්තරලගේ ලොකුකම බස්සවන්න. සයිටම් දහයක් දැම්මත් දැන් ඉන්න දොස්තරලට වරදින්නේ නැහැ. අනාගතේ දොස්තරල වෙන්න ඉන්න දුප්පත් මිනිහගේ දරුවට නම් වරදියි. මෙතන ඉන්න කී දෙනෙකුට ලක්ෂ 120ක් තියෙනවද? මේක තමයි ඇත්තම කුහකකම... අන්තිමට වරදින්නේ රටේ දුප්පත් පොදු මිනිහම තමයි. (නි)
ඔක්කොම එකයි. කුහකයෝ. (නි)
සයිටම් එකට අසීමිත වෛරයක් කාගේත් ඇත. ඒ මක්නිසාද යත් දොස්ටරවයෙක් වෙන්න මේ දුප්පත් රටේ අනෙක් කිසිවෙක් කැමති නැත. එය මානසික ලෙඩකි. සිංහලයා මහා පුදුම ගුණමකු ජාතියකි. (නි)
සමන්, 95% ක තීරණය කියන්නේ 95% ක්ම ඉන්නේ ලංකාවේ කෝටිපතියෝද? (නි)
ලංකාවේ ඕපීඩී වල ඉන්න සෙනඟ තොගේ බැලුවම වෛද්‍යවරුන්ට මල් තියලා වඳින්න ඕනෑ (නි)
ඔන්න කඩේ යන්න තව කට්ටිය සෙට්වෙලා (නි)
බන්දුල, දශමයකින් සරසවි වරම් අහිමි වුණ අය කොන්දොස්තරල වුණා නම් මුළු ආසියාවටම කොන්දොස්තරලා අපිට සපයන්න තිබුණා මේ වෙනකොට. නිකම් බොරුවට කෙස් පැලෙන තර්ක ගේන්න එපා. එතකොට ඔයා කියන්නේ ඒ අහිමි වුණු හැමෝටම ඔයා කියන සයිටම් එකේ ඉඩ දෙනවාද? එහෙම නැත්නම් ලක්ෂ 125ක් තියනවා නම් විතරද? (නි)
මෙතන වැඩිහරියක් ඉන්නේ මේ මිනිසුන්ට බැන බැන ඒ අය ළඟටම තමයි බෙහෙත් ගන්න යන අය. කෝ අත උස්සන්න බලන්න සයිටම් අයගෙන් බෙහෙත් ගන්න කැමති අය. සයිටම් එකෙන් වෛද්‍ය සභාවේ විභාගේ ප්‍රතික්ෂේප කරන එක තමා මෙතන අවුල. එහෙම සුදුසුකම් නැති වෛද්‍යවරු රටේ සිටීම භයානක නැද්ද. මුදල් දීලා හෝ නොදී මැරෙන්න කැමති අය කව්ද ඉන්නේ මෙතන? (නි)
ප්රශ්නය දුරදිග යනවා වැඩියි වගේ (නි)
ද සිල්වා, අැයි ඔබ චැනල් වලට යන්නේ ඉතින්? සමන්, එහෙනම් ආණ්ඩුවට තියෙන්නේ තවත් විශ්ව විද්‍යාල හදන්නනේ. අැයි ඔබ එ්කට ආණ්ඩුවට බලකරන්නේ නැත්තේ? සල්ලි නැහැ කියන්න එපා. ඔයාලගේ නායකයෝ හොරකන් කරන එක නතර කළොත් හදන්න පුළුවන්. මේකට හේතුව ලංකාවේ මිනිසුන්ගේ තියෙන නිවට බයාදු ගතිය. (නි)
සයිටම් ඇතුළුවීමට අවම සුදුසුකම සී2 එස්1 යි (නි)
සමන් කියපු දේ ඉතාමත් නිවැරදියි. සමහර සිසුන්ට වරම් අහිමි වෙන්නේ දශමයකින්. එතකොට ඒගොල්ලෝ වෙන්න ඕනෑ කොන්දොස්තරලද. මේ නුසුදුසුකමට එකම හේතුව විශ්ව විද්‍යාල වල ඉඩමදිකම මිසක් වෙන හේතුවක් නෙමෙයි. එතකොට ඒ නුසුදුස්සන් වෛද්‍යවරු වෙන්නේ මොකෙන්ද? ආණ්ඩුවේ රෝහලේ ඉඩ නැත්නම් දැන් අපි යන්නේ පෞද්ගලික රෝහලකටනේ. නැත්නම් ලෙඩ්ඩු මැරෙයිනේ. ඒ වගේ තමයි මේකත්. ඒ මිනිස්සු ණයවෙලා හරි දරුවන්ට උගන්වන්න හදන්නේ එ්කනේ (නි)
ඔය චැනෙල් වලින් සහ පුද්ගලික වෛද්‍ය සේවය සපයන දොස්තරලා නියම විදිහට අාදායම් බදු ගෙවනවා නම් එම සල්ලි වලින් පුළුවන් ඉතා පහසුවෙන් වසරකට වෛද්‍ය සිසුන් වැඩිපුර 500 සිට 1000 ප්‍රමාණයක් බඳවා ගන්න. එතකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍යය (නි)
සමහරු කියුබාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැති බව කියති. නමුත් කියුබාවේ පුද්ගලික රෝහලුත් නැති බව ප්‍රකාශ කරන්න ඕනෑ (නි)
චැනල් කාක්කො! යන්තන් අමාරුවකට ඇතුළුවුණොත් කපන්න රෙකමන් කරන අය තව අය වෛද්‍යවරු වෙනවට කැමති නැහැ. හැබැයි වෛද්‍ය ආනන්ද පෙරේරලා වගෙ මේ ප්‍රශ්නෙ ගැන දෙවිවරු වගේ බලන අයත් ඉන්නවා. (නි)
බලධරයිනි, බලන්න ඔය විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල් වල වැඩ නැවැත්තුවද කියලා. දැන් තිබෙන්නේ මහජනයා එකතු වී මොවුන්ට පාඩමක් උගන්වන්නයි. ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආකාරයට විශේෂ පනතක් ගෙනල්ලා සයිටම් ආයතනය සුරක්ෂිත කළයුතුයි. සයිටම් ආයතනය නැති කරන්න එපා. (නි)
ජනතාවනි, මෙන්න මේ මාෆියාව නැති කරන්න ඕනෑ. වහාම පෙළ ගැසෙන්න කාලය ඇවිල්ලා. (නි)
මම මේ රජයට විරුද්ධයි. නමුත් සයිටම් ප්‍රශ්නයෙදී මේ රජය සමඟ එකඟයි. (නි)
ඔය වැඩේ තමයි කළේ රාගමටත්. අන්තිමේ ආණ්ඩුවට පවරාගත්තා. දශක ගණනාවක් ළමයින් ඉගෙනගන්න පිටරට ගිය සල්ලි. එ් විතරක්ද ළඟ රටවල ළමයි ලංකාවේ නැති නිසා සිංගප්පුරුව වගේ රටවලට ගිය සල්ලි තිබුනා නම් ලංකාව ආර්ථිකය අද කොතනද. මේ මිනිස්සු ලංකාව දියුණු වෙනවට බයයි. (නි)
මෙච්චර නිදහස් අධ්‍යාපනය, රෝගීන් සහ අනුන්ගේ සුබසිද්ධිය හිතන අය 1948 ඉඳලම ලංකාවේ හිටියා නම් අපි මෙලහකට අඟහරුගෙ ජනාවාස හදලා. (නි)
මෙතන තියෙන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව සහ තමන්ගේ තැන නැතිවෙනවට තියන භීතිකාව මිසක් වෙන මොකුත් නෙමෙයි. මේ ඊනියා සංගම් මුලදී නර්ස්ලට නලාව දෙනවට, සම වෛද්‍ය පීඨයට ඒ විතරක් නෙමෙයි කාලයක් මේ රටේ ජනතාවට විශාල සේවයක් කළ සහකාර වෛද්‍ය නිලධාරින්ට පවා විරුද්ධ වුණා. අද ඔය ඊනියා සභා වල ඉන්න සමහර ලොකුම අය ඒ කාලේදී හිටියේ සහකාර වෛද්‍යවරුන්ගේ පැත්තේ. අද ඔය තනුව වෙනස් කරලා හිටියට ඔයාලා ඒ කාලේ නම් හරි ජනතාවාදියෝ. අද සයිටම් එකට විරුද්ධව මරාගෙන මැරෙනවා. හැබැයි කොතලාවල එක ගැන ‘හ්ම්‘ නැහැ (නි)
මේක මේ රටේ ජනතාවගේ පොදු ප්‍රශ්නයක් වගෙයි පෙනෙන්නෙ. ඔවුන්ට පුලුවන් යහමින් සල්ලි ඇති දරුවන් සයිටම් යවා ගන්න. විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන්නේ මේ පොදු ප්‍රශ්න වලට අත නොදා තමුන්ගේ දරුවන්ට මෙරටදී හෝ පිටරට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. සයිටම් ඒකට හොඳ ඉඩක්. (නි)
මගේ දරුවාගේ තිබු රෝගී තත්වයක් සඳහා පුදිගලික රෝහලක දන්ත වෛද්‍යවරයෙකු පුළුවන් ඉක්මනින් ඔපරේෂන් එකක් කරන්න ඕනෑ කිවුවා, ලක්ෂ 1 1/2 ක් යනවා කිවුවා. දරුවාගේ විභාගයක් තියෙන නිසා ටිකක් කල් යවලා කරන්න පුලුවන්ද කියලා ඇහුවම, අපෝ එපා හනුව ගෙවෙනවා එහෙම වුණොත් තව අමාරු වෙනවා කිවුවා. මගේ දරුවා හොඳටම බයවෙලා හිටියේ. ඉස්කෝලේ වැඩ ටිකත් අතපසු කළා. ඊටපස්සේ පේරාදෙණියට පෙන්නුවම කිවුවා බය වෙන්න එපා, මාස 3 ක් යනකොට නිකන්ම අඩුවෙලා යනවා කියලා කිවුවා. චැනල් කළ මුදලවත් ගත්තේ නැහැ. ඉතින් මේ වගේ අය නේද මහජන මුදලින් ඉගෙනගෙන තව අනිත් අයටත් වෛර කරන්නේ? (නි)
සයිටම් අනුමත කරලා ඊළඟට ප්‍රයිවට් නර්සින් ස්කූල්, ප්‍රයිවට් ගුරු විද්‍යා පීඨ, ප්‍රයිවට් වෙද සහයක පීඨ ඔක්කොම හදලා දෙනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න මෝඩ රටවැසියනි (නි)
වෛද්‍ය වෘත්තිය කියන්නේ ලොව තිබෙන සුවිශේෂී සේවාවක්. නමුත් ලංකාවේ මේ අය හැසිරෙන්නේ මාලු මාර්කෙට් එකේ ඉන්න වෙළෙන්ඳන්ට වඩා නොහොබිනා විදියට. ලෙඩෙක් පුද්ගලික රෝහලකින් දොස්තර චැනල් කරලා එදාට යන්න බැරි වුණත් ඔය කට්ටිය සල්ලි ආපසු දෙන්නේ නැහැ. සෙනසුරාදා බැලුවොත් සතියේ දින වලට වඩා ගාස්තුව වැඩියි. ඕක දැන් නියම සුපිරි වෙළඳාමක් කරගෙන. (නි)
කවුරු කවුරුත් එක වල්ලේ පොල් (නි)
කුසුම්, ඔය ටික කරලා තිබෙන්නේත් මුදලට කෑදර දොස්තරලා. කොහොමත් දැන් ඉන්න දොස්තරලා මුදලට කෑදරයි. මොකද පටන්ගත්තේ රබර් සේරප්පුවෙන්නේ. (නි)
සල්ලි තිබෙන මිනිස්සු සල්ලි දීල ඉගෙනගත්තම සල්ලි නැතිකෙනාට තිබෙන අමාරුව මොකක්ද? (නි)
මේ ගින්න අවුලුවපු කට්ටිය පැත්තක ඉඳන් ඒකට පිදුරු දමමින් දේශපාලන වාසි ගන්නවා. (නි)
කන්නන්ගර මහත්තයා නිදහස් අධයාපන පනත ගේනකොට ලංකාවේ ලොකු නායකයෙක් අැහුවා 85% වෙන ළමයින්ට නිකන් උගන්නලා ඉහළට අාවම අපේ වතුවල පොල් කඩන්නේ කවුද කියලා. මෙතන අදහස් දක්වලා තියන ගොඩක් අය එ් මතය දරන බව පේනවා. ඔවුන්ට තේරෙන්නෙ නැහැ දුප්පතාට නිදහස් අධයාපනයේ තියන වටිනාකම. සයිටම් නීතිගත වුණොත් එ් වගේ කඩ තව අරිනවා. (නි)
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට තුති. අසරණ අහිංසක දරුවන් වෙනුවෙන් සල්ලි වලට එරෙහිව පෙළගැසෙමු. ඔබ ආ මඟ අමතක නොකරමු. එය තවදුරටත් ආරක්ෂා කරමු (නි)