(ජයමාල් චන්ද්‍රසිරි)
රාජ්‍ය ආයතන හා රෝහල් පරිශ්‍රවල ප්‍රදර්ශනය කෙරෙන සයිටම් විරෝධී බැනර් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලමින් මාලබේ සයිටම් ආයතනයේ දෙමාපිය සංසදය අද (13) පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදුන්නේය.
හොර වෛද්‍යවරුන් බිහිවන හොර උපාධි කඩයක් යැයි සයිටම් ආයතනය හඳුන්වමින් රජයේ දේපළ අවභාවිත කරමින් ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී බැනර් හා පෝස්ටර් ඉවත් කරන ලෙස ඔවුහු එම ලිපියෙන් ඉල්ලා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සාදාරන ඉලීමක්. මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන වල එක් එක් අයගේ න්‍යය පත්‍ර අනුව බැනර් දැමීම සුදුසු නැත.
නැහැ ඒක නියම උපාධිය කියල බස්වල බැනර් ගහගෙන යන්න.
බස් ගැමුණු නිසා සයිටම් තත්වය බාල වේ . බස් ගැමුණු පිටු පසින් සිටින්න.
බැනර් වහාම ඉවත් කළ යුතුයි, නිකන් රට කළඹන වැඩ.
මේවා එල්ලලා තියෙන්නේ සෛටම් දෙමාපියන්ගේ ඔලු ගෙඩිවල නොවේ දොස්තරවරු රාජකාරි කරන තැන්වල නේ
බස් ගැමුණුගේ පුතාල දොස්තරලා වුනු කලක මේ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටයි
අප්පා බස් ගැමුණු ලොක්කත් ඉන්නවා. මිනිහට තේරුමක් නැතුව අාපු පාටක් තියෙන්නේ
ඔක්කොටම ඉස්සෙල්ලා ඔහේගෙ බස්වල ටිකට් දීලා ඉන්නවා හලෝ
දෙමාපිය සංසදය නියෝජනය කරන මාර උගතා. බස් වර්ජන කරලා මහජනතාව අමාරුවේ දානකොට පෝස්ටර් ගැහුවේ ඔහේගේ ගෙදර තාප්පෙද ?
අනේ මගේ කට, හරියට නීතියටම වැඩ කරන බස්සා
රටක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන තීන්දු තීරණ ගන්නේ බස් ගැමුණුල වගේ මිනිස්සුනම් රටට, රටේ ජිවත් වෙන අසරණ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි.
බටහිර වෙද්දු වැඩ කරන්නේ රජයේ තැන්වල බවත් ඒවා මහජන දේපල බවත් ඔය ජීඑම්ඕඒ කට්ටියටට තේරුම් ගන්න මොලයක් නැත්ද ? ඒ 4ක් අරන් පොත්වල තියන දෙය වසර ගණනක් ගිරව් වගේ දැනගත්තාට රට ගැන සමාජය ගැන දැනුමක් කොහෙන්ද?
ඉස්පිරිතාල දොස්තරලගේ පුද්ගලික බුදලයක් නොවේ
බස් රියදුරු කොන්දොස්තර මේසන් කම්කරු වගේ අයට තමන්ගේ දරුවන් එම දේවල් කළ යුතු නැහැ. ඔවුන්ටත් දැනුම ලබාගෙන තාම දියුණුව සලසා ගන්න පුළුවන්. මේ රටට හෝ වෙනත් රටකට යන්න වුනත් පුළුවන්. වැඩවසම් ක්‍රමය නැවතිලා. අධ්‍යාපනය නිදහස්. ගැමුණුගේ දරුවන්ටත් ඔබ සැමගේ දරුවන්ට මෙන් මෙය අදාලය. අධ්‍යාපනය නිදහස් විය යුතුය . බටහිර වෙද්දු බිහි කිරීඑම රජයට පමණක් පැවරිය නොහැක. එය නිදහස් විය යුතුය. ළිං ගෙම්බන්ට පමණක් අදාලය.
හොරාට හොරා නොකිය වෙන මොකක් කියන්ඩද අප්පා
ඔව් ඒවා ඉවත් කළ යුතුයි
රංජිත් සිල්වා, අදාළ තැනට අදාළ පෝස්ටර් ගහන්නේ නැතුව ඒවා ගහන්න ඕනේ ඔහේගෙ කක්කුස්සියේද? සයිටම් අනාථයෝ ඔහේගේ බාප්පාගේ ඉස්පිරිතාලෙ සායනික පුහුණුව ඉල්ලලද නඩු දැම්මේ ?
බස් ගැමුණුට ජයවේවා! සයිටමයෙන් පිටවෙන අය ප්‍රයිවෙට් බස්වල කොන්දොස්තරලා හැටියට බඳවා ගනිමු.
ඔය බැනෙර් ඉවත් කලත් සෛටම් එක පිළිබඳව බහුතරයකගේ ඇති අකමැත්ත ඉවත් කල නොහැක
මේ බැනර් එල්ලීම අත්‍යවශ්‍ය නම්, කරුණාකර ඒවා මේ වෛද්‍යවරුන්ගේ චැනල් මද්‍යස්ථාන වල සහ පුද්ගලික ඩිස්පෙන්සරි වල එල්ලා ගන්න.
බස් ගැමුණුගේ අරමුණ දොස්තරලා වගේම බස් කොන්දොස්තරලා ත් ශයිටොම් එකෙන්ම පුහුණු කර ගන්න වෙන්න ඇති!