සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර වෛද්‍යවරැන් බිහිකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගෙනයන අරගලයට සහයෝගය දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව එකඟ වු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීවේය.
එම සංගමයේ ඒකමතික තිරණයකට අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු හමුවූ බවත් එහිදි මේ බව සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මේ පියවි සිහියෙන්ද කතාකරන්නේ? (නි)
දොස්තර මහත්තයෝ, ඔබට අමතකද ඔය සයිටම් ආයතනය ආරම්භ කරලා නීතිගත කළේ පහුගිය ආණ්ඩු කාලය තුළ බව? ඔබතුමා දොස්තරකමට වඩා, දේශපාලනයට නම් හොඳයි කියලා පේනවා. (නි)
මේ කතාව හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේනේ. මෙතුමලානේ මේක පටන්ගත්තේ. (නි)
ඌරන්ට මීයන්ට හාරන්නමයි හිත.... ලේනුන්ට ගෝනුන්ට පැනයන්නමයි හිත... මාළුන්ට කිඹුලන්ට පීනන්නමයි හිත... දේශපාලුවන්ට හොරකමටමයි හිත... (නි)
සයිටම් සරසවියක් ලෙස රජය පිළිගනු ලැබුවේ 2009 දීය. 2011 දී සයිටම් සඳහා රජයේ පිළිගැනීම ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් සහතික කෙරුණි. 2012 දී සයිටම් සඳහා රජය අැපවී මිලියන 600 ක ණය මුදලක් ලබාදෙනු ලැබීය. 2013 දී සායනික ඉගැන්වීම් සඳහා ගෙවීම් පදනම මත රජයේ රෝහල් දෙකක් සයිටම් ආයතනයට ලබාදෙන ලදී. 2016 දී සයිටම් උපාධියට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ අන්තරය දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කෙරුණි. අනේ කාලේ වනේ වාසේ..... (නි)
මහින්ද නොවෙයිද ජනාධිපති මේක පටන්ගන්න කාලේ? (නි)
කෙසේවෙතත් මෙහි විශේෂත්වය වන්නේ 2013 වසරේදී මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සදහා සිසුන් පිරිසකට තමන් අතින්ම ශිෂ්‍යත්ව ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැත්වූ සාකච්ඡාවේදී මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කටයුතු කරන බව ප්‍රකාශ කිරීමය. (නි)
මහින්ද රාජපක්ෂ මහත්තයා බලනකොට පුදුම විදියට අාත්මාර්ථකාමියිනේ (නි)
අනේ මන්දා රෙද්දක් ඇඳගෙනද කියලා මේවා කියන්නේ? (නි)
මහින්ද මහත්තයාගේ කාලෙනේ සයිටම් පටන්ගත්තේ (නි)
මහින්ද මහත්තයත් විරුද්ධ නම් ඉතින් හොඳයි. මොනවා වුණත් ප්‍රමිතියක් තිබිය යුතුමයි (නි)
මෙයාලම නේද මේක පටන්ගත්තේ (නි)
මහින්ද ඔහොම හැම පැත්තටම නැමෙයි නම් ඉතින් එයාගේ මල් පොහොට්ටුවට ඡන්දය දෙයි අන්තරය විතරක්. අපි නම් නැහැ ඔන්න (නි)
ඕක පටන්ගත්තේ මහින්දගේ කාලෙනේ. ඕක හොඳ නැත්නම් වහලා දමන්න තිබුනනේ. වෛද්‍ය සංගමයට ලැජ්ජත් නැහැ, මහින්දට ලැජ්ජත් නැහැ (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)
මහින්දට එල්ලෙන්න තැනක් නැතුව ඉන්න වෙලාවේ මේකත් ඇති. නමුත් අපි අහනවා එයා බලයේ ඉන්නකොට මේක නතර නොකළේ මොකද කියලා? මේක තමා වෛද්‍ය මාෆියාව (නි)
දියපාරට අහුවෙලා ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවාලු! අනේ ලොක්කෙකුට ගිය කලක්. (නි)
එතුමා එකතුවුණොත් නම් වැඩේ ඉවරයි. කම්මුතුයි! (නි)
මෙයා යන්න කලින් දැක්කෙ නැද්ද දන්නෙ නැහැ මේක? ඉන්න කාලෙ බැලුවා නම් අද මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
ඔන්න ඔන්න ගමකනවා ඒ ගමන (නි)
මෙයා යන්නේ නම් දේශපාලන ගමනක්. කොතනින් අවසන් වෙයිද දන්නේ නැහැ. (නි)
දැන් එතකොට සයිටම් එක පටන්ගත්තේ අපිද? මේවට හිනාවෙන්නද අඬන්නද මන්දා. (නි)
නලින්, බැංකු මගඩිය නිසා අපට ණය බරක් ලැබිලා නැද්ද. (ර)
අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට ඔය සයිටම් පටන්ගත්තේ කවුරු ජනාධිපති වෙලා ඉන්නකොටද? (නි)
අද මහින්ද නැත්නම් අපේ රට හරිම ලස්සනයි. ඔටුන්න නැතිවුණ දවසේ ඉඳලම පළිගන්නවා. හිතාගෙන ඉන්නේ රාජපක්ෂ පරම්පරාවෙන් අා දෙයක් හැටියට ලංකාව (නි)
නවීන්ද මහත්තයෝ, සයිටම් එකට අපිත් උඩින්ම විරුද්ධයි. එ්කට අපි අරගලයක් කරනවා ඔයාලත් එක්කම. එ්ත් මට සැක මහින්ද මහත්තයා දත් අැති කටෙන් කථා කරලද සයිටම් එකට විරුද්ධයි කිවුවේ කියන එක. එයාලමනේ ඕක පටන්ගත්තේ. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා. සයිටම් එක පටන්ගන්න අවසර දුන්නේ එයාගේ කාලේ කියලා අමතක වෙලාද කොහෙද (නි)
දැන් එතකොට සයිටම් එක ගෙනාවෙත් මෙතුමාගේ කාලේ නේද? ප්‍රමිතියක් නැත්තම් ඇයි ඒකට ඉඩදුන්නේ. (නි)
මහින්ද කතා කරන්නේ කටින්ද? එයාම නේද සයිටම් පටන් අරන් ළමයින්ට ශිෂ්‍යත්ව එහෙමත් දුන්නේ. (නි)
ප්‍රතිපත්ති මත වැඩ කළයුතු යැයි හැඟේ (නි)
මොහු දොස්තර කෙනෙක්ද? දේශපාලුවෙක්ද? (නි)
දවසේ විහිළුව. දැන් මහින්දගේ කාලේ නේද මේක පටන්ගත්තේ. මේකෙන් ඔප්පු වෙනවා තමන්ගේ වාසියට මේ ඕනෑ දෙයක් කරන්න ලෑස්තියි කියලා. ඔය ඡන්ද ටික ගන්නනේ දැන් කණපිට ගැහුවේ. (නි)
අනේ දෙයියනේ අපේ මහින්ද මහත්තයා මොකක්ද මේ කරන්න හදන්නේ. (නි)
රෙදි ඇඳගෙනද දන්නේ නැහැ නේද එකඟ වුණේ..? (නි)
එහෙම තමයි. පෙරලුනු පිට හොඳයි කියනවා.... (නි)
ඒකාබද්ධ විපක්ෂෙයි මහින්ද රාජපක්ෂයි නේද සයිටම් එක ඇතිකළේ? ඒකට ලක්ෂ 4000ක ණයක් දුන්නේ කවුද? එතකොට මෙයාලා කොහේද හිටියේ? (නි)
මහින්ද සහ මේ දොස්තරලා කතා කරන්නේ කටින්ද හැබෑටම? (නි)
අනේද කියන්නේ? පටන්ගත්තේ කවුද දැන් විරුද්ධ වුණාට? (නි)
උසාවි නියෝගය නිසා හොට බිම ඇනී ඇති වෛද්‍ය මාෆියවේ තේමාව දැන් "මහින්ද සමඟ නැගිටිමු" යන්නයි. (නි)
මේක මෙතුමාගේ කාලෙනේ පටන්ගත්තේ. කාගේහරි ළමයි අමාරුවේ දාපු එක හොඳ වැඩක් නොවේ (නි)
එතකොට ඔය සයිටමයට මුල් ගල් තිබ්බේ, අර මුදල් දුන්නේ අපිද? කවුද මේක පිටිපස්සේ ඉඳන් හොල්මන් කරලා තියෙන්නේ? (නි)
සයිටම්විරෝධී වෙන්න එපා. සයිටම් සිසුන්ටත් රජයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කරන විභාගයම කරන්න කියා නීතියක් ගෙන එමු. ඒ සඳහා ඔවුන්ට පහසුකම් සළසමු. එ් කියන්නේ රජයේ රෝහල් වල පුහුණුව. එවිට එකම සුදුසුකමක් ඇති වෛද්‍යවරුන් කියා අපට බාර ගැනීමට පුළුවන්. එතනදී ඇතුළත් වූ සුදුසුකම බලපාන්නේ නැත. (නි)
තනිකරම ආත්මාර්ථකාමි සිතුවිලි .... අහිංසක ළමයි රවට්ටලා ශිෂ්‍යත්ව දුන්නේ ඇයි ? (ම)
ඉතින් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යනු ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික තීරණයක් මිස වෙන මොකක්ද අනික අපි දන්නා හැටියට සයිටම් පටන්ගත්තේ මහින්දගේ කාලෙනේ . (ම)
නොදන්නා මිනිස්සු හිතයි සයිටම් එක යහපාලනය විසින් පටන් ගත්ත එකක් කියල , මේගොල්ලන් සමාජගත කරන්නේ එවැනි අදහසක් . (ම)
අහෝ මහින්ද ඇයි දැන් පිදුරු ගස් වල එල්ලෙන්නේ? තමන් කියපු කරපු දේවල් වල වැරදි ඇති බව දැන්ද තේරෙන්නේ? (නි)
කුහකයන් පරදිනු ඇත. (ම)
එහෙනම් එ්කත් ඉවරයි (නි)
ඔය සයිටම් එක පටන්ගත් කෙනාගෙන්ම පිළිතුරු සොයන්න යන්න එපා. (නි)
රාජපක්ෂලා හිතාගෙන ඉන්නේ රටේ ඔක්කොම පුන්නක්කු කන ගවයන් කියලයි. (නි)
ඒකාධිපති යුගයේදී අරගල වලට පිළිතුරු දුන්නේ උණ්ඩයෙන්. ඒවා අපිට අමතක වෙන්නේ නැහැ. කරන්නෙත් නැහැ. (නි)
ඊට කලින් නරකද නීති විද්‍යාලයේ සමහර සිසුන්ව විශේෂ වරප්‍රසාද සහිතව විභාග සමත්කරවීම ගැන මහින්ද මැතිතුමා විරුද්ධ වුණා නම්. එහෙනම් මුළු රටම එතුමා එක්කනේ. නැද්ද මං අහන්නේ? (නි)
රට ණය බරක දාලා, රට කාලා, තණ්හාවට අවුරුදු දෙකකට කලින් ඡන්දය තියලා, දැන් රට කරගෙන යන්නත් දෙන්නෙ නැහැ (නි)
එතකොට කොතලාවල? ඒක හොඳයිලුද? (නි)
බොරදියේ මාළු බාන්න ගිහින් (නි)
සයිටම් උපාධිය පිළිගත්තේ අපිද එතකොට? (නි)
මහින්ද මේ වගේ වැඩ වලට හරි දක්ෂයි. (නි)
සයිටම් ආයතනය, විල්පත්තු වන සංහාරය ආරම්භ කළේ කවුද? කාගේ පාලන කාලයේද කියලා මුළු රටම දන්නවා. ප්‍රමිතියක් නැත්නම්, මොකටද ගැසට් කරලා උපාධි පිරිනමන්න අනුමැතිය දුන්නේ? ගිනිපුපුර කැළයට විසිකරලා, ගිනි අවුළුවා, දැන් ඒ ගින්න නිවන්න උත්සාහ කරන්න එපා. ඔබතුමා හිතන තරම් ලේසියෙන් ජනතාව මුලා කරන්න බැහැ. (නි)
මහින්ද මහත්ත්යො, ඔයා ඔය කරන්නෙ ඒ කාලේ කරපු වැරැද්ද නිවැරදි කරන්නද? නැත්නම් දේශපාලන වාසි ගන්නද? අපිට මතකයි ඕකට රාජ්‍ය අනුග්‍රහය දුන්නෙ ඔබතුමාගෙ අාණ්ඩුවෙන්. (නි)
මේක පුදුම වැඩක්නේ. කව්ද සයිටම් ගෙනාවේ (නි)
මගේ අදහස හැම ප්‍රශ්නයකටම දේශපාලන නායකත්වය අනවශ්‍යයි ..මෙය වෛද්‍ය වෘතිකයන්ගේ ප්‍රශ්නයක් ..හිටපු නායකතුමා තමන් නියෝජනය කරන කුරුණෑගල ජනතාව වෙනුවෙන් පළමුව පෙනී සිටිය යුතුයි .වෛද්‍ය සභාවට සිය ප්‍රශ්න දේශපාලක තොරව ඉටු කල මගේ හැගීමයි .(ම)
මේවට හිනාවෙන්න කොයි පැත්තෙන්ද කියලා හිතන්න වෙනවා! (නි)
මේක පටන් ගන්නකොට මහින්ද මර නින්දේ ඉඳලා තියෙන්නේ. දැන් ඇහිරිලා (නි)
අනේ අපේ අප්පච්චි! (නි)
මහින්දලම නේද වියදම් කරලා සයිටම් දැම්මේ? (නි)
එදා ඕක පටන්ගන්නකොටම ඔය සාකච්චාව තිබුණා නම් මේ ප්‍රශ්න අද නැහැනේ නේද? (නි)
ඔය මහත්වරුම තමයි ඔය ආයතනය පටන්ගත්තේ. මෙයාලට දැන් හැමදේම අමතකයි. (නි)
‘සයිටම්‘ ආයතනය බිහි කිරීමට අනුමැතිය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යි. ‘සයිටම්‘ සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබුනේ වසර 2008 දී ය. වසර 2009 ‘සයිටම්‘ සරසවියක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත්තේ ය. වසර 2011 දී ‘සයිටම්‘ පිළිගනිමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙළේය. වසර 2012 දී මහින්ද රාජපක්ෂ රජය ඇප වී ‘සයිටම්‘ ආයතනය සඳහා රුපියල් මිලියන 4000 ක ණයක් ලබා දුන්නේ ය. වසර 2013 දී ‘සයිටම්‘ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබා දීමට තීරණය කෙළේය. මේ සියල්ල මහින්ද රාජපක්ෂ ගත් තනි තීරණ නොව රජයක් වශයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර එහි අනුමැතියෙන් ගත් තීරණය (ම)
කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයෙක් වෙනවලු (නි)
අන්න ඇත්ත බළලා මල්ලෙන් එළියට පැන්නා දෙපත් නයා එක්කම. සයිටම් පිහිටෙව්වේ කාගේ කාලේද දොස්තර මහත්තයෝ? (නි)
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා. (නි)