සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ සිසුන්ට රාජ්‍ය සේවයේ වෛද්‍ය නිලධාරීන් ලෙසට අනුයුක්ත වීමට බාධා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.
සයිටම් වෛද්‍ය උපාධි අපේක්ෂකයින් දෙදෙනෙකු ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.
සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් දැනටමත් අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති බව දෙපාර්ශවයේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔය පුද්ගලික ඩිස්පෙන්සරිත්, පුද්ගලික රෝහලුත්, පුද්ගලික ටියුෂන් පන්තිත් තහනම් කරන්න (නි)
මම නම් කියන්නේ ලංකාවේ අයට දොස්තරලා වෙන්න බැරි නම් විදේශ රටවලින් මේ රටට වෛද්‍යවරු ගේන්න ඕනෑ. එතකොට අර කට්ටියට තේරෙයි තමන්ගේ රටේ ඉගෙනගන්න ළමුන්ට වළ කපන එකේ රඟේ (නි)
සිසුන් ජයගන්නවා නියතයි (නි)
නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ උගන්වන එකම නොවේ. (නි)
සයිටම් පැවතිය යුතුමයි! (නි)
රටේ බහුතරයකගේ පැතුම ඉටුවේවා!! (නි)
අපි කලබල නොවී ඉමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
ඔව් ඉතින් 10% විතර රටේ කෝටිපතියන්ගේ දරුවන්ට එස් තුනක් අරගෙන දොස්තර වෙන්න පුලුවන්. එ්ත් ඉතින් රටේ දුප්පත් බහුතරයේ දරුවන්ට තියෙන අවස්ථා තමා මේ මිනිසුන් මුදලට මිල දී ගන්නේ. පුදුමේ තමා දුප්පතාම තමා මේ සයිටම් එකට අාවඩන්නේ. පුුදුම වෙන්න දෙයක් නැහැ අැමරිකාවෙ ලින්කන් ජනාධිපතිවරයා වහල්ලු වහල්බාවයෙන් මුදාගත්තට පස්සෙ වහල්ලු ලින්කන්ට විරුද්ධව කැරලි ගැහුවලු. තමන්ගෙ පන්තියෙ එකාම තමා හැමවෙලේම වළ කපන්නෙ (නි)
සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා අපි හිතනවා (නි)
ලෝකයේ මොනයම් පෞද්ගලික විද්‍යාලයක් වුණත් ලංකාවේ ආරම්භ කළාට කමක් නැහැ. ඒ පාසැල්වල ඉගෙනගන්න ළමයි වාඩිවෙන්නේ එක්කෝ ලංකාවේ ආණ්ඩුවේ විභාග වලට නැත්නම් එංගලන්ත ආණ්ඩුව තබන විභාගවලට. එවිට හැමෝම එක ප්‍රමිතියකට එනවා. පාසැලේ අධ්‍යපන මට්ටම නුසුදුසු නම් ප්‍රමිතියෙන් තොරනම් අනිවාර්යෙනම අර පොදු විභාගයේදී ඔවුන් අසමත් වෙනවා. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලදී අධ්‍යාපනයත් පෞද්ගලික අංශයෙන්. ඒ වගේම විභාගය පවත්වන්නේත් පෞද්ගලික අංශයෙන්. මෙයාලට ඕනෑ හොඳට ඉගෙනගන්න නෙමෙයිනේ. උපාධි සහතිකය අරන් වෛද්‍යවරයෙක් වෙන්න. (නි)
රජයේ ඉන්න දොස්තරලා ප්‍රයිවට් චැනල් නවත්තන්න එකඟ වෙනවා නම්, අපිත් සයිටම්විරෝධී සටනට පාරට බහින්න සූදානම් (නි)
නිදහස් අධ්‍යාපනය නැතිවිය යුතුයි. නිදහස් අධ්‍යාපයෙන් එන්නේ අවස්ථාවාදී කුහකයෝ. අවුරුදු 13ක් නිකන් ඉගෙනගෙන තමුන්ගෙ දරුවෙක් සයිටම් යවන්න ලක්ෂ 120 ක් හිතාගන්නවත් බැහැ. ඒ වුණාට මේකෙ ලොකුවට අදහස් දානවා (නි)
නිසි සුදුසුකම් නොමැති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න රෝගියෙකුගේ මානව හිමිකම් වලට මොකද වෙන්නේ. අහිංසක දුප්පත් මිනිසුන් රාජ්‍ය රෝහලකට ගොස් වෛද්‍යවරයාගේ සුදුසුකම් පරික්ෂා කරලද බෙහෙත් ගන්න කියන්නේ? (නි)
එහෙනම් ඔය සමහරු කියන්නේ මේ ආණ්ඩුව තියෙනකල් සයිටම් වහන්න කාටවත් බැහැ කියලා. ඒ කියන්නේ නීතියත් මේ ආණ්ඩුවට අයිතියි කියන එකද ආයිබෝන් ? (බ)
සමහරු කියනවා දුප්පතුන්ට මේකට යන්න බැහැ කියලා. ඇයි මෙතනදී විතරක් දුප්පතුන් ගැන අමුතු කරුණාවක්? ඔය කරුණාව තියෙනවද ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න එන දුප්පතුන් වෙනුවෙන්? ඔවුන්ට එතනදී පාට එක දාලා බලකරනවා තමුන්ගේ චැනල් එකට එන්න කියලා සල්ලි ගෙවාගෙන. ඒ දුප්පතුන්ව බිල්ලට තියලා ස්ට්‍රයික් කරනවා තමුන්ගේ ළමයව ඉස්කොලට දාගන්නත්, බදු රහිත කාර් ගන්නත්. දැන් තමයි දුප්පතුන්ව මතක් වෙන්නේ. (බ)
දොස්තරලට දැන් තමයි දුප්පතුන්ව මතක්වෙලා තියෙන්නේ. වර්ජනය කරනකොට චැනල් යනකොට ඒවා මතකම නැහැ (නි)
අපි බලමු සාධාරණය ඉටුවේද කියලා (නි)
එට්කා හරහා වෛද්‍යවරු ඉන්දියාවෙන් ගෙන්නුවහම මේ අයගේ ගෑස් බස්සවන්න පුලුවන් (නි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අත්පොතේ 50 වෙනි පිටුවේ "උසස්පෙළ එස් සාමාර්ථ 3ක් ගැනීම වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට පවා සුදුසුකමක් වේ" කියා ඇත. ඉතින් තවත් කුමන කතාද? (නි)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තහනම් කරනවා නම්, නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ලංකාවේ සේවය නොකර පිටරට යන වෛද්‍ය වරුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු යම් කාලයක් ( අවුරුදු 10) ලංකාවේ සේවය කිරීම අනිවාර්ය කළ යුතුයි. එවැනි නීතියක් ගෙන ආවොත් දැන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන අය ගේ ඇත්ත තත්වය හෙලි වෙනවා. (බ)
වෙෙද්‍ය සභාවෙ කිසිකෙනෙක් සයිටම් එකට කැමති නැහැ. හැබැයි උසාවියෙන් නියෝග කරනවා කැමති වෙන්න කියලා. ඉස්සරහට තරුණයෝ තරුණියන්ගෙ කැමැත්ත ඉල්ලලත් නඩු දාන්න බැරි නැහැ. නීතියයි යුක්තියයි කියන්නෙ දෙකක්. එ්කේ වෙනස දන්නෙ නැති අයට 9 වෙනිදා නුගේගොඩින් උගන්නන් පටන් ගන්නවා. මෙතන කට්ටිය කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළත් ඉතිහාසය ලියවෙන විදියට ලියැවෙනවාමයි. සයිටම් හිතවාදීන්ට මේ දිනවල තටු අැවිදින් හරියට මෙරුන්ට වගෙ (නි)
නීතියයි යුක්තියයි කියන්නෙ දෙකක්. ඔව් ඒ දෙකම පිළිපදින්නේ අධිකරණය නැතුව ඔබලා වගේ අය නොවෙයි. රටක නීති සැකසුනේ කොහොමද කියන පාඩම පළමුව ඉගෙන ගන්න. (ම)
සිසුන්ට ජය ලැබේවා! (නි)
රටේ නීතිය මාෆියාකාරයින්ට අදාළ නැහැ. පොකට් එකට ගානක් වැටෙන වැඩක් නම් ඕනෑම දෙයකට ඔලුව නමයි. (නි)
දැන් ලෙඩ්ඩුත් නඩු දැම්මා නම් හරි. (බ)
සයිටම් එකේ අය කියනවා ඒගොල්ල ඕනෑම පොදු පරීක්ෂණයකට පෙනී සිටින්න කැමතිලු . එතකොට මාධ්‍යවේදියෙක් ඇහුව ඔගොල්ලන් පිටරට ගිහින් උපාධි අරන් එන අය කරන ACT 16 (ERPM ) විභාගයට පෙනී සිටින්න කැමති ද කියල . එතකොට ඒගොල්ල කියනවා ඒකට පෙනී ඉන්න බැරිලු ඕනනම් රජයේ අය හොස්පිටල් වලට තෝරන MCQ විභාගයට පෙනී සිටින්නම් ලු. මොනවද මේ විකාර කතා .(බ)
මෙම නඩුවේ නඩු නිමිත්ත අනුව එය රටේ සෑම සමාජ ස්ථරයකටම බලපෑමක් ඇති කරන්නක් වීමට ඇති සම්භාවිතාවය වැඩි බව පෙනෙන හෙයින් මෙකී නඩුවේ තීන්දුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ නව නීති වාර්තා පිටු අතරට එක්වේවි යැයි අනුමාන කළ හැක. (නි)