සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය ඊයේ රිමාන්ඩ් කරන ලද නාගරික මන්ත්‍රීවරයා යොදවා කළ රංගනයක් බවට විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම රංගනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සේනාරත්න මහතා ද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියේදී වාහනයට වෙඩි වැදුණු ආකාරය අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම්වලට මුලින්ම සැක මතුවී තිබුණු අතර දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු අනෙකුත් සාක්කි අනුව මෙය සැලසුම් සහගත රංගනයක් බවට පෙනී යන්නේයැයි පොලිස් ආරංචි සඳහන් කරයි.
ඒ අනුව සමීර සේනාරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරටම කලින් ඕකේ තිරරචකයා වන රාජිතයව උල තියලා ඉන්න ඕනෑ...
මේ නාටකයේ නළුවන් පමණක් නොව අධ්යක්ෂකතුමාවත් අත්අඩංගුවට ගතයුතුයි. ඒ වගේම මේක තවත් පොලිස් නාටකයක් නොවිය යුතුයි.
එතකොට කව්ද මේ නාට්‍යයේ නිෂ්පාදක?
දොස්තර අත්අඩංගුවට ගන්න පොලිසිය එන ප්රවෘර්තිය පත්තරේ දමල ප්‍රසිද්ධ කලාට පස්සේ ඔහු අල්ලන්න එනකන් ඔහු ගෙදරට වෙලා ඉඳීවිද ? මේකත් අර අර්ජුන මහේන්ද්‍රන් ඇල්ලුවා වගේ වේවි , මෙහෙමත් නාඩගම් තියෙන්නේ ලංකාවේ පමණි.