මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානියාට වෙඩි තැබීමේ සිද්ධිය සයිටම් සටන දියාරු කිරීමේ කුමන්ත්‍රණයක් යැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
සයිටම් සටන උග්‍ර වී ඇති ජයග්‍රහණය පෙනෙමින් තිබෙන මොහොතත විවිධ කඩාකප්පල්කාරි කී්රයා සිදු වෙන බව කී ඒ මහතා සයිටම් ප්‍රධානියාගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවැසීය.
එකී සිද්ධිය ගැන විවිධ තොරතුරු සැල වෙමින් පවතින බවත් ඒවා ඉදිරියේ දී හෙළි කරන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මඟින් අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවක දී වෛද්‍ය බණ්ඩාර මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ මොන දොස්තරලා වුණත් පටන්ගත්තේ රබර් සෙරෙප්පු දාගෙන. එමනිසා ඒ පුරුද්දට තමා වැඩ. (නි)
හරියට හරි. ඕක කියලා වෙඩි තබාගැනීමක්. අපිටත් ඔය කුමන්ත්‍රණ තේරෙනවා. අපිත් මේ රටේ බබාලා නොවෙයි. (නි)
සයිටම් ලොක්කාට වෙඩිතැබීම මන්ත්‍රණයක් (නි)
සුදේශ්, ඔබ හරි. එයාට තිබුනේ වෙඩිතියාගෙන පෙන්වන්න නේද (නි)
ධනුෂ්ක, හොඳ වෙඩික්කාරයෙක් වගේනේ කතාව. ජීවිතේට පිස්තෝලයක් අල්ලනවා තියා පිස්තෝලයක් දැකලා තිබෙනවද? (නි)
ඒ ඩිංගට මධ්‍යස්ථානත් පිහිටුවලා. 88-89 කාලේ තිබුණු මධ්‍යස්ථාන මතක් වෙනවා. (බ)
සමාජවාදයට එරෙහිව අධිරාජ්‍යවාදීන් කළ විදේශ කුමන්ත්‍රණයක් වෙන්න ඇති නේද? (ර)
කුමන්ත්‍රණ නම් ඉතින් මේ රටේ අඩුවක් නැහැනේ (නි)
සයිටම් එකෙන් විසඳෙන්නේ මොන ප්‍රශ්නයද කියලා ආණ්ඩුව ප්‍රකාශ කළයුතුයි. දොස්තරලා මදිකමද? ඔවුන්ගේ තත්වය මදිකමද? ඉගැන්වීමට රජයට මුදල් නැතිකමද? ඉගෙනීමට දක්ෂ සිසුන් ඕනෑතරම් සිටියදී පුද්ගලික විශ්ව විද්‍යාල ඇරීම අනුමත කළනොහැකිය. තම හැකියාවන් පෙන්වීමට නොහැකි වූ සිසුන්ට අනුන්ට වෙදකම් කිරීමට ඇති අවශ්‍යතාවයද පිළිගත නොහැකිය. (නි)
බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? (නි)
මේ හොරායි කෙහෙල්කැනයි එකවර වැට පැනීමක් (නි)
ශාන්ත. සයිටම්විරෝධි මධ්‍යස්ථානය පිහිටුවලා ගොඩක් කල්. ගොනා මස් කඩේට දක්කනකොට ගොනාට තේරෙනවා මේ යන්නේ මස් කඩේට කියලා. එ් වගේම, සාමාන්‍ය බුද්ධියක් අැති ඕනෑ කෙනෙකුට තේරෙනවා මේක නාටකයක් කියලා. වෙඩි 6ක් වාහනේ වටේ කැරකි කැරකි තියලත් බැරි වුණාද ඉලක්කය ගන්න. මිනිස්සු මේවට දැන් රැවටෙන්නෙ නැහැ. සයිටම්විරෝධීන් මේ වගෙ වැඩ කරන්නෙ නැහැ. මොකද මේ වැඩ ඔවුන්ට විශාල අවාසියක් වෙනවා ඉදිරි සටන් වලට. මේක ඔවුන් දඩයම් කරන්න කරපු වැඩක් (නි)
“පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය“ මෙහෙමත් මධ්‍යස්ථානයක් තියෙනවද? (නි)
උද්ඝෝෂණ කුමන්ත්‍රණ වලට ලෝකප්‍රසිද්ධ ශ්‍රී ලංකාද්වීපයේ වෙඩිල්ලක් පත්තු කරන්න කුමන්ත්‍රණයක් අවශ්‍ය වන්නේම නැහැ. අනේ මෙතුමාට ඒක තේරෙන්නේ නැති හැටි (නි)