සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පැමිණිල්ල පරස්පර විරෝධී බව එම සිද්ධිය විමර්ශනය කරන පොලිස් නිලධාරීහු පැවසූහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට රජයේ රස පරීක්ෂකගේ වාර්තාව එන තෙක් සිටින බවත් මෙම සිදුවීම සිදුවු ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන භාවිතයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීවේය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පැවසූයේ එම වාර්තාව සති තුනක් ඇතුළත නිකුත් කරන බවයි.
පසුගිය 06 වැනි දා මාලබේ සයිටම් ආයතනය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබූ බව කියන අතර සේනාරත්න මහතාට කිසිදු තුවාලයක් සිදු නොවීය.
සේනාරත්න මහතා සයිටම් ආයතනයේ සිට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ මීටර් 850ක් පමණ ගිය පසු මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුවිය.
සේනාරත්න මහතාගේ ඇදුම් හා මොටර් රථය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර සේනාරත්න මහතාට පොලිස් ආරක්ෂාව දී තිබේ. සේනාරත්න මහතා මේ වන විට විදෙස්ගතව සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට වෙඩිතියලා තියෙන්නේ බටේ ඇදවුණු තුවක්කුවකින්ද කොහෙද? එ්කනේ උණ්ඩය වංගු දාලා ගිහින් තියෙන්නේ. (නි)
සද්දේ එන්න කලින් වෙඩිල්ල යනවා කියලා සයිටම්ලා දන්නේ නැද්ද? (නි)
මෙපමණ ටී56 කින් වෙඩි තියලත් නොවැදුනේ සයිටම් විද්‍යාඥයන් හෙනරාජ තෛලය නිපදවා ඇති නිසා බවට කිසිම සැකයක් නැහැ. (අ)
තව ටිකක් හොදට කරා නම් වසරේ හොදම නළුවා සම්මානයම දෙන්න තිබ්බ (අ)
මේ සිද්දිය වෙලා තියෙන්නේ චන්ද්‍රික කුමාරණතුංග මාවතෙලු. චන්ද්‍රිකා කියන කොටම මටනම් හිතුනා පචයක් තමා කියලා. 1994 සිට 2005 දක්වාම රට කාලා පාරවල්වලට නමත් දාලා! (අ)
ඕවා කියලා තියාගන්න වෙඩි කියලයි අපි නම් කියන්නේ. (නි)
මොනතරම් ලොක්කෙක් වුණත්, සමහරුන්ට මොළේ කළඳක්වත් නැහැ වගේ. (නි)
අනෙක් අයගේ අවධානයත් ආදරයත් ලබාගන්න පොඩි දරුවෝ බොරුවට ලෙඩ ගන්නවා. ඒ වගේ මෙතුමා "මොකක්හරි උප්පරවැට්ටියක්" කරන්න ඇති. එහෙම කළා නම් එය වෛද්‍ය සේවයට කළ අතිශය අගෞරවයක්. (නි)
සයිටම් එකට විරුද්ධව ප්‍රචාර යන නිසා මට පොලිසිය විශ්වාස නැහැ. සේනාරත්න මහතාට බොරුවක් කීමට පෙනෙනතෙක් මානයේ අවශ්‍යතාවයක් නැත. (නි)
රාජ්‍ය නාට්‍ය උළෙලේ මේ දිනවල රඟදක්වන "සයිටම් පුස් වෙඩිල්ල හෙවත් වැරදුන කුරුමානම". පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි ඉල කැඩෙන හාස්‍යයෙන් යුතු රංගනයක්. (නි)
ඔය ඉස්කෝලෙත් දැන් නම් කිසිම එකඟතාවයක් නැහැ වගෙයි. එකිනෙකට පරස්පර නම් ඔතනින් පිටවෙන දොස්තරලත් අපේ දොස්තරවරුන්ට පටහැනි බවයි පෙනෙන්නේ. වෙඩි තිබ්බ ගමන්ම රට ගියේ බයටද නැත්නම් විවේකයක් ගන්නද. මේක හරියට "ඌ මට ගහනවා,මට ඌ ගහනවා" වගේ එකක්නේ. තාම හොයාගන්න බැරවුණාද වෙඩි තිබ්බ අය. සමහරවිට ඒ ගොල්ලොත් රුසියාවට ගියාද දන්නේ නැහැ. පාරේ නම නම් එච්චර ජනතාව ප්‍රියකරන නමක් නොවෙයි. (නි)