මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ රියට සඳුදා (6) රාත්‍රියේ වෙඩි තැබූ ස්ථානයට ගිය රජයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂාවක් සිදු කරති.
රජයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක පී.ජී.මඩවල, මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ආර්.සී.හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් එහි වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දරුවන්ගේ වැඩක් වෙන්න බැහැ. නමුත් වැඩ වර්ජන කරමින් තිරය පිටුපස සිට දහස් ගණනකට මරු කැඳවපු අර අහවල් මාෆියාව මේකට සම්බන්ධද දන්නේ නැහැ (නි)
අදහස් දාපු අය ළඟදි ඉපදුනු අය බවයි පෙනෙන්නේ. මහරජුගේ කාලේ නඩු විසඳුවා වගේ තමුන්ම ගහගෙන තමුන්ම වෙඩි තියාගෙන කියන්නේ ලැජ්ජාවක් නැති එයාලටම කඩේ යන උදවිය. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මෙවැනිම දෙයක් වුණා මතකනැද්ද. අන්තිමට මොකද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වුණේ කියලා අපි දන්නවා. (නි)
හිටපු ජනාධිපතිතුමියකුත් බෝම්බ ගස්සවා ගත්ත කියල කතාවක් තිබුනනේ. (අ)
බලමු දැන් මොකක්හරි හෝඩුවාවක් ලැබෙයිද කියලා (නි)
ඇත්තටම සයිටම් එකේ ලොක්කන්ට නාට්‍ය හා රංගකලාව ගැන පොඩි වැඩමුලුවක් පැවැත්වුවොත් නරකද? ඒකට රංජන් මහත්තයවත් අල්ලාගත්තොත් වඩාත් හොඳයි. ආයෙත් මේ වාගේ ඇණගැනීම් ඇති නොවෙන්න නම්. (නි)
නියම පරීක්ෂණයක් කළොත් ඇත්ත එළියට එයි. (නි)
රාජ්‍ය නාට්‍ය උළෙලේ දැන් පෙන්වන නාටකය " සයිටම් පුස් වෙඩිල්ල හෙවත් වැරදුන කුරුමානම" . පවුලේ සැමට එකට හිඳ බඩ අල්ලා සිනාසිය හැකි විකට නාටකයක්. ජනාකීර්ණ තුන්වෙනි සතිය. (ර)
සඳුන්, එකපාරටම මේක රඟපෑමක් කියලා නිගමනය කරන්න අමරුයි. සමහරවිට මේක වෙනත් පුද්ගලික කෝන්තරයක් නිසා වෙන්නත් පුළුවන්. මේ ගැන පොලිසිය විමර්ශනයක් කළයුතුය (නි)
එතකොට කාටවත් තුවාල නොකර කළ වෙඩිතැබීමක්! දක්ෂ වෙඩික්කරුවෙක් (නි)
අපි බලමු මොකද වෙන්නෙ කියලා (නි)
දොස්තර සේනාරත්න? නමේ පොඩි හුරුවක් නම් තියෙනවා. (නි)
බලන්න අඩි පාරක් එහෙම තියෙනවද, එහෙම තියෙනවා නම් මොන පැත්තටද කියලා (නි)
ප්‍රංශ ජනපති ඩිගෝල් තමා මරාදැමීමට ගත් උත්සාහයන් 31කින් බේරී තිබේ. මේ එක වතාවක්වත් එතුමාට තුවාල සිදුවී නැත. (අ)
යහපාලන ආණ්ඩුවේ චිත්‍රපට ජවනිකා. (නි)
වෙඩි තිබ්බට පස්සේ වාහනේ නවත්තල බය නැතුව එතනම ඉදල ද පොලිසිය එනකල්. හින්දි නාට්‍ය වැඩි පුර බලල ස්ක්‍රිප්ට් එක ලියන්න ගියහම ඔහොම වෙනවා (බ)
මොනවා කියලා කියන්නද ගරු රඟපෑම් වලට, සමහරුන්ගේ (නි)
අර අහිංසක දරුවන්ව අල්ලයි දැන් ඕකට. ඕවට මිනිස්සු රැවටෙන්නේ නැහැ දැන් (නි)
නාමල්, රාගම වෛද්‍ය විද්‍යාලයේ අන්තිමට වුණේ වෛද්‍යවරු වෙන්න සුදුසුකම් තියන දක්ෂ බුද්ධිමත්, එ්ත් උසස් පෙළින් වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් වෙන්න ලකුණක් දෙකක් මදි වුණ දරුවන්ට වෛද්‍යවරු වීමට වාසනාව ලැබුන එක (නි)
රඟපෑමක් වුණත් ටිකක් තාත්විකව කරන්න එපැයි. ඕකේ ස්ක්‍රිප්ට් එක ලියලා දුන්නේ අර ඉස්සර අතාත්වික රඟපෑම් කරලා මිනිස්සු ගොනාට අන්දපු සෙට් එකේ කවුරුහරිද? ජෝ අබේවික්‍රම මහත්තයලගේ පරණ චිත්‍රපටියක් බලන්න තාත්වික රඟපෑම් ඉගෙනගන්න, දැන් තියන චිත්‍රපටි බැලුවම ඔහොම වෙනවා. (නි)
මොනවාහරි වැදගත් දෙයක් හොයාගෙනද? (නි)
ජෝෂප්, අපි එහෙනම් ප්‍රංශයට යවමුද ජනාධිපති කරලම? (නි)
සයිටම් එකෙන් වෛද්‍ය උපාධිය දෙනවට වඩා වීදි නාට්‍ය පාඨමාලාවක් කළා නම් මුළු ලංකාවම ආශිර්වාද කරයි. මේ වගේ අතිදක්ෂ රංගධරයන් බිහිවන්නේ ඉතාමත් කලාතුරකින්. (නි)
වෙඩි හයක් තියලත් බැරිවෙලා ඉලක්කය ගන්න. පුදුමයි. මේක අැවිල්ලා සයිටම්විරෝධී නායකයන්ට කරන අනතුරු අැඟවීමක් කියලයි මට හිතෙන්නෙ. එකක් එම නායකයින් මේකට පටලවා බිය ගැන්වීම. අනික මෙහි එළිපිටම තිබෙන රඟපෑමේ ස්වභාවය තුළ සයිටම්විරෝධීන්ට අනතුරු අැඟවීම. එ් කියන්නෙ මෙම වෙඩික්කරුවන් කිසි දිනක සොයා නොගනු අැත. එමෙන්ම මෙම අවිය මීළඟට සයිටම්විරෝධීන්ට එරෙහිව පත්තුවීමට ඉඩ අැත යන පණිවිඩය තමා මින් දෙන්න හදන්නේ
මෙලෝ රහක් නැති වැඩක්නේ මේ. ඉතින් මොකටද රස පරීක්ෂාවක්? (නි)
දැන් පුලුවන්නම් විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගන්න (නි)
අපි බලමුකෝ දැන් බුලට් එහෙම හොයාගනියිද කියලා (නි)
පරීක්ෂා කරලා බලලා මොකුත් හොයාගෙනද? (නි)
පැති කීපයක් තියනවා. 1. පවතින වාතාවරණය යටතේ අනුකම්පාව දිනාගැනීමට තමන් විසින්ම කරගත් දෙයක් වෙන්න පුළුවන් . 2. බොර දියේ මාලු බාන තමන්ගේ ඇත්තම පුද්ගලික හතුරෙකුගේ වැඩක් වෙන්න පුළුවන්. නමුත් කවදාවත් උගත් බුද්ධිමතුන් මේ වගේ පහත් වැඩ කරන්නේ නැහැ. ඔවුන් සමඟ ඔලුවෙන් මතවාදීව හැප්පෙන්න පුළුවන් නම්, මෝඩ වැඩ කරන්නේ නැතුව. (නි)
ලක්මාල්, ඔයා තමයි නියම පොයින්ට් එක දැම්මේ (නි)
ඔතන කාගේහරි ලිෆ්ලට් ටිකක් එහෙම වැටිලා තිබිලා හම්බවෙලා නැද්ද? (නි)
කව්ද දන්නේ කාගේහරි කොන්ත්‍රාත් එකක්ද කියලා?
අනේ අහිංසක බබාලා..! කිරි ටික බිවුවද දන්නෙ නැහැ (නි)
88- 89 ගල්කටස් වීරයෝ වැඩ පටන්අරන්ද? (නි)