මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල දී දී ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි ද සිද්ධියෙන් කිසිවකුට හෝ හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි. සේනාරත්න මහතාගේ රියේ ඉදිරිපසට හා පිටුපස දොරට වෙඩි ප්‍රහාර එල්ලවී ඇතැයි කියති.
සේනාරත්න මහතා රාජකාරි නිමකර රාජගිරියේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හිතාමතා සැළසුම් කර තමන්ම කරගත් එකක්. දැන් එයාලටත් කියන්න දෙයක් ඇත.(බ)
වෙඩි තැබීම මාලඹේ සයිටම් ගැටළුවට සම්බන්ධ පාර්ශ්වයක ක්‍රියාවක් නම් බය වෙන්න දෙයක් නැහැ, කළ යුත්තේ සැකකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමයි. හැබැයි වෙඩි තැබීම කළේ සයිටම් ගැටළුවට කොහෙත්ම සම්බන්ධ නැති පාර්ශ්වයක් නම් ඒක ඉතා භයානක තත්ත්වයක්. එයාලගෙ අරමුණ තමන්ගෙ පෞද්ගලික න්‍යාය පත්‍රයට මේ හරහා ආරම්භයක් ලබා ගැනීම. රජය මෙන්ම අපි හැමෝම මේ අවස්ථාවේ අවදියෙන් සිටිය යුතුයි. සයිටම් ගැටළුව නීත්‍යානුකූලව විසඳේවි. (බ)
තවත් සේනාරත්න කෙනෙක්. නිකම් අහන්නේ මේ කාගේ කවුද කියලා දන්නේ නැති නිසා. එයා ගැන කවුද දන්නේ. (බ)
අද ඉන්න සමහරුන්ගෙන් කොටසක් 88/89 කාලේ අායුධ ගත්ත අය. එ්ක නිසා මේවා එයාලට සාමාන්‍ය දේවල්. අපිත් එක්ක ඉස්කෝලේ ගිය අයියලා ඉන්නවා 88/89 ලීඩ් කරපු. හැබැයි අද දොස්තරලා (නි)
මේක කියවද්දී මට හිතුනේ අනිවාර්යෙන් මේක නම් මේ උපාධි කඩේම වැඩක් කියල. මම හිතන්නේ අපේ රටේ මිනිස්සු මේ වගේ දේවල් වලට දැන් රැවටෙන්නේ නැහැ කියලා. මේවා ලොකු පුටු වල ඉන්න අයට තේරෙන්නේ නැති එක තමා පුදුමේ. (නි)
කවුරු මොනවා කිව්වත් මේ වගේ වැඩ කරලා සයිටම් විරෝධය නවත්තන්න බැහැ. මේවා අඳබාල වැඩ. සයිටම්විරෝධී අය මේක කළා නම් ගහන්න ඕනෑ මේ අහිංසකයට නොවෙයි මේවා ආරම්භ කරන්න ප්‍රතිපත්ති හදන අයට. අනික මේක බහුතර ජනතාවගේ අවශ්‍යතාවය නොවෙයි. නමුත් එම ජනතාවට ජීවත්වීමේදී මේවායින් බිහිවෙන දොස්තරලාගෙන් බලපෑමක් වෙන්න පුළුවන්. එ්කයි තියෙන ප්රශ්නය. මේකේ අදහස් දාන සමහර අය පිළිබඳ බොහොම කණගාටුයි. තේරුම් ගැනීමේ ශක්තිය ඇත්තෙම නැහැ. ඒ අය හිතන්නේ තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය කරන ඕනෑම දෙයක් හරි කියලයි. ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා තමයි එයාලගෙන් මම ඉල්ලා සිටින්නේ. (නි)
නිමල්, දොස්තර මාෆියාව ගැන රටම දන්නවා. ඔයා යුඑන්පි එකක් ගැන කියවනවා. (නි)
සයිටම් නාටකය -2. ඉලක්කයට වෙඩි තියන්න බැරි තරම් පිරිහුණු, වාහනයක් හා වෛරබැඳි පාතාලයන් දෙදෙනෙකුගේ ගිනිකෙළි අනගි රඟපෑමක්. (නි)
ඇත්තටම අපේ රටේ බහුතරයක් ඉන්නේ මොළේ කළඳක් නැති අය තමයි. නැත්නම් තමන් විසින්ම තමන්ගේ වාසියට වෙඩි තියාගත්තයි කියයිද? හැබැයි හිතාගෙන ඉන්නේ දේශප්‍රේමේ වැඩිකමට රට වෙනුවෙන් කතාකරනවා කියලා. (නි)
කවුරුත් නැද්ද ඇසින් දුටු සාක්කියක් (නි)
ඔන්න පටන්ගත්ත එජාප ගොන් පාර්ට් . 88/89 වගේ මිනිස්සු නොමග යවන්න . මේවා ආණ්ඩුවේ වැඩ. රනිල්ට හොදට පුරුදුයි මේ වගේ වැඩ. හමුදාවේ සහෝදරවරු නොමග යවුවෙත් මේ වගේ වැඩ කරලා තමයි එදා. (බ)
අනේ මෙන්න අහිංසක මිනිසුන්ට වෙඩි තියනවෝ! (නි)
මාධ්‍ය සංදර්ශන! පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල වලට විරුද්ධ පාර්ශව වෙත ඇඟිල්ල දිගුකරන්න කරන දේවල් වෙන්නත් පුළුවන් (නි)
අනේ, යන්න නිමල්. 88/89 මාෆියා කල්ලිය හා වර්තමාන වෙද මාෆියා කල්ලිය ගැනත් රටම දන්නවා. (නි)
අලුත් නාට්‍යයේ පිටපත ආණ්ඩුවෙන් වගේ. මේ වගේ පිටපත් දාලා ජනතා මතය ආපසු හරවන්න බැහැ. මේ තියපු වෙඩි වල සැඟවුන ඉලක්කය සයිටම් හොර උපාධි කඩේට විරෝධී ඉදිරිපෙළ නායකයෙක් බව නම් පේනවා. (නි)
කතා දෙකක් නැහැ. හෙට අනිද්දා වෙද්දී තව තව දේවල් වෙන්න බැරි නැහැ. (නි)
කොහෙන් හිනාවෙන්නදෝ මේවට..? ඔබ මෙතෙක් නොදුටු ජවනිකා දැන් පෙන්වනවා! (නි)
රටවැසියන් මේවට අහුවෙන්නේ නැත (නි)
කොහොමත් කුණු ගොඩටනේ, කුණු එකතුවෙන්නේ. අපි බලමු (නි)
පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ (නි)
මදැයි ඔයින් ගියා! (නි)
හොර වැඩක් කරලා නම් වහනවා බොරු වැඩිකල් (නි)
අපි නොදන්න මොණරතැන්නනේ මේක (නි)
කමක් නැහැ. තුවාලයක්වත් වෙලා නැහැනේ (නි)
වෙඩි තිබ්බත් වදින්නෙ නැතිවෙන්නනේ තියලා තියෙන්නේ (නි)
රඟපෑම හොඳයි. නමුත් ඕවා පරණ ක්‍රම. (නි)
පුදුම දේවල් තමයි මේ රටේ වෙන්නේ (නි)
මේක ජනතාව නොමඟ යවන්න කරපු දෙයක් කියලා හොඳටම පැහැදිලියි. මොකද මේක වෙන කවුරුහරි කරපු දෙයක් වුණා නම් වාහනේ දොරවල් වලට විතරක් වෙඩි තියලා නිකන් ඉන්නේ නැහැනේ. මේවා හැමෝම එකතුවෙලා කරපු ප්ලෑනක්. (නි)
දැන් දැන් අලුත් සෙල්ලම් කරළියට! (නි)
නිමල්, ඔයා බුද්ධි අංශයෙද? (නි)
කොහොමද එහෙම කියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ ඇත්ත හොයාගන්නකන් (නි)
නිමල් ලියනගේ යටි අරුත දත් බුද්ධිමත් අදහසක් ගෙනහැර දක්වා ඇත (නි)
කොණ්ඩෙ බැඳපු චීන්නු තවමත් ඉන්නවා කියලා ආණ්ඩුව හිතාගෙන ඇති (නි)
නිමල්, ඕක පටන්ගත්ත කාලෙ ඔයාලා හිටියෙ කොහේද? කවුරුවත් විරුද්ධවුණේ නැහැ නේද? (නි)
කරුණාකර ෆුල්ෆේස් හෙල්මට් පැළඳම නීතිවිරෝධී කරන්න. පසුගිය කාලේ පොලිසිය මෙය නීතිවිරෝධී කරන්න ගියත් ඒ උත්සායහ අසාර්ථක වුණා. ෆුල්ෆේස් හෙල්මට් පැළඳමට ඉඩදීම අපරාධකාරයන්ට උල්පන්දම්දීමක්. (නි)
පුදුමයි සීරීමක්වත් වෙලා නැති එක (නි)
මේක ඉතින් සිරි ලංකාවනේ... (නි)
මිනිසුන්ට ප්‍රශ්න විසඳීමට තියෙන හොඳම ක්රමයද මේ (නි)
මේක කාගේ වැඩක්ද? (නි)
නිමල් කොහොමද ඔය තොරතුර හොයාගත්තේ? දිවැස් තියෙනවා නම් ඒක වඩාත් උතුම් සේවයක් ලබාදිය හැකි අන්දමට උපයෝගී කර ගන්න. ලොකු දෙයක්. (නි)
තමන්ගේ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම සඳහා "ලේ හැලීම" ෆැසිස්ට්වාදීන්ගේ බලගතුම උපක්‍රමයක්. පෙරළියක් ඇතිකරන අවුරුද්දේ තවම මාසයයිනේ අවසන් වුණේ. තව තව විශ්මිත දේවල් ඉස්සරහට වෙයි වගේ. රට හදලා හමාරයි..... (නි)
මේක රඟපෑමක්. මිනිස්සු මේවට රැවටුන කාලෙ ඉවරයි (නි)
මේවා ඉතින් අපේ රටේ අයට මැජික්! (නි)
මේ වැඩ කවුරු කළත් හරිම අසික්කිතයි. (නි)
මනුස්සකම් විතරක් නෙමෙයි, මනුස්සයොත් වඳවෙලා යන රටේ, මොකටද දොස්තරලා? පශු වෛද්‍යවරු බිහිකරන්න තමයි පියවර ගතයුත්තේ. රටේ ඉන්න මෝඩ මිනිස්සු නොදන්නවා වුණාට, බල්ලොත් දන්නවා අසනීපයක් වුණොත් පශු වෛද්‍යවරයෙක් අයකරන මුදල (නි)
අනේ මේ නිමල්, නිකන් බහුබූත කතා කරන්න එපා. නිකන් හැමදෙයකටම අරයා මෙයාව අල්ලලා මැරකම් වලට සුදුහුණු ගාන්න එපා (නි)
අපි නොදන්නා මොණරතැන්න කිවුවලු! (නි)
මේවා මොන වගේ වැඩද කියන්න මිනිස්සු දන්නවා. මෑත කාලයේ සුදු වෑන් වලින් මිනිස්සු ඉස්සුවේ කවුද? 88,89 දී මිනිස්සු නොමඟ යැව්වේ කවුද. (නි)
ඕකට අපේ ගමේ කොල්ලෝ ගමේ භාෂාවෙන් හොඳ කතාවක් කියනවා (නි)
නිමල්, මම එකඟයි ඔබත් එක්ක. සමහරුන්ට මේවා අලුත් වැඩ නොවේ. "දාගැබ ගිලපු එකට අග්ගලාව කජ්ජක්ද" කියන්නේ මේවට තමා. (නි)
මේක ආණ්ඩුවෙන් කළා නම් මේ පුද්ගලයාව ඉතුරු කරන්නේ නැහැ. මම නම් හිතන්නේ අනිවාර්යයෙන්ම මේක පිටුපස සිටින්නේ සයිටම් ආයතනයට විරුද්ධ කල්ලියයි. ඔවුන්ට අවශ්‍යකර තිබෙන්නේ, මෙහි සේවය කරන ආචාර්යවරුන් බියවද්දා මෙහි කළමනාකාරිත්වයට හා සිසුන්ව බියවැද්දීමයි. ඉතිහාසය තුළ කළ තරමක් තකතීරුකම් කළ මේ විප්ලව නාදය මෙවර කඩේ වෙනුවට පන්සල්ම ගොස් මල් පූජා කරන්න සැරසෙන්නේ රටේ අහිංසක රෝගීන්ට පෞද්ගලික රෝහලේදී හොඳට සළකන ධනපති වෛද්‍ය මාෆියාවකට කියලා තේරුම් යද්දී, පෙරහැර ගිහින් ඉවරවෙලා තියෙයි. (නි)
දුප්පත් පවුල් වල කොල්ලෝ කෙල්ලෝ තවත් දහස් ගණනක් දිවිපුදාවී මෙම වැඩ තවදුරටත් වුණොත් (නි)
තමන්ම කරගත්තද දන්නෙ නැහැ (නි)
නිමල් හරියට හරි. 88/89 දිත් ඔහොම තමා පටන්ගත්තේ. දැන් හදිසි නීති දාලා රටම ලේ විලක් කරන්නද යන්නේ (නි)
දැන් ඔය රටේ තියන ජාත්‍යන්තර පාසල්, අනෙකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල, මහා පරිමාණයෙන් සිදුකෙරෙන ටියුෂන් කළුකඩ, රෝගීන්ව හිඟමනට බස්සවන පෞද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් කළුකඩ ගැන කවුරුත් කතා නොකර සිටින්නේ මේවා තුළින් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය රැකෙන නිසාද? එසේ නැත්නම් මේ උඩුබුරන අයගේ මුඛය මෙන්ම අධෝ මුඛයත් පූට්ටු වෙලා තියන නිසාද? සයිටම් එක සිසුන්ගෙන් සුරා කනවා වගේම පෞද්ගලික රෝහල් වල ඉන්න දොස්තරලා රෝගීන්ගෙන් හුරාගෙන කනවා. අපිට නම් ඉතින් ඔය දෙකේම ඉන්නේ එක වගේම අය තමයි. (නි)
නිමල්ගේ කතාව ඇත්ත. අහවල් පක්ෂය තහනම් කරන්නද දන්නේ නැහැ උත්සාහ කරන්නේ. (නි)
රජයට නම්බුවක්ව පවතින සාමකාමී පරිසරය විනාශ කරගන්න රජයම කටයුතු කරයිද? ප්‍රචණ්ඩකාරී අතීතයක් ඇති සහ බලයට පැමිණීමේ පිපාසයෙන් පෙළෙන කණ්ඩායම් ගැන නේද වැඩියෙන් සැක ඇතිවන්නේ? එසේම මෙය සංවිධානාත්මක ප්රචණ්ඩ ක්‍රියාවක් වීම ඉතාම බැරෑරුම් තත්වයක්. (නි)
නිමල් ලියනගමගේ, ඔබ නඩුවත් අහලා තීන්දුවත් දීලා ඉවරයි නේද? ඔබ ඉන්නේ පෙළපාලියේ ඉස්සරහින්ද, පස්සෙන්ද? (නි)
ඔව් නිමල්, 88, 89 කාලයෙත් ඔය සෙල්ලම් දැම්මා තමා. හැබැයි එ් කාලෙ මිනිස්සු ගොනාට අැන්දා. හැබැයි දැන් මිනිස්සු එ් ගොන්නු විකුණලා. සයිටම් එකට විරුද්ධ අය නම් මේ මෝඩ වැඩ කරන්නෙ නැහැ. මොකද එතකොට එයාලා මේක පෙන්නලා අනුකම්පාව ගන්නවා. විරුද්ධවාදීන් කළා නම් ඔයිට වඩා දෙයක් කරන්න එපායැ. (නි)
ලංකාවේ දේශපාලකයෝ වගේ අය කොයි ලෝකෙවත් නැතුව ඇති. දැන් මේක වෙද සංගමයට බැරකරන්න සමහරු උත්සාහ කරයි. අපිට ඕවා හොඳට පුරුදුයි (නි)
අපේ අයියලට මේවා සුළු වැඩ (නි)
ඒ ගමන තවත් ජවනිකා පටන්ගන්න වගෙයි හදන්නේ (නි)
මේවා පළපුරුදු ඇති සහෝදරවරුන්ගේ වැඩ. රටේ ජනතාව අන්දන්න දැන් නම් කාට කාටත් අමාරුවෙයි. (නි)
බොරු නඩුවක් දාලා ළමයි හිරේ යවන්න කරපු වැඩක් වෙන්න බැරිද? (නි)
එ්ත් බැරිවෙලාවත් වෙඩි වැදුනා නම් ගෙනියන්න ප්ලෑන් කළේ මොන ඉස්පිරිතාලෙටද දන්නේ නැහැ. (නි)
අදහස් දමන අය මොනවා කිවුවත්, මේවා නරක වැඩ. රට විනාශ කරන ආණ්ඩුවිරෝධින්ගේ වැඩ. වහාම පරීක්ෂණ කර නීතිය යටතට ගන්න (නි)
තිරය පිටුපස නාට්‍යයක් වගේ. (නි)
කාවද මේ රවට්ටන්න හදන්නේ. (නි)
මේවා කාගේ වැඩද කියලා දැන් මිනිසුන්ට හොඳට තේරෙනවා (නි)
ඒ ගමන අලුත් නාට්‍ය පිටපතක්ද? (නි)
අනේ හැබෑට මෙහෙමත් නාටක? (නි)
කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)
කවුරු කළත් අමන වැඩක්. ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳාගත යුත්තේ වැදගත් විදියටයි. (නි)
වැඩේ කවුරු කොහොම මොන අදහසින් කළත් මේ ආයුධ එක්ක කරන සෙල්ලම නම් කිසි විදියකින් හොඳ දෙයක් නෙමෙයි. මේ පාතාලය නම් නවත්තන්න බැහැ කියන එක අමුලික බොරුවක්. ඇයි මේ වෙඩි තියන්නේ කවුද කියලා ආණ්ඩුව දන්නෙම නැද්ද. කොයි රටෙත් මේවා වෙනවා කියන එක නිදහසට කාරණයක් නෙමෙයි (නි)
මෙතන අදහස් දාන අය නඩු අහලා දඬුවමි දීලාත් ඉවරයි. කරුණාකර බල්ලාගේ වැඩේ බූරුවා කළා වගේ වෙන්න ඒපා. (නි)
ළඟටම ඇවිල්ලා වෙඩිතියලත් පොඩ්ඩක්වත් දොස්තර මහත්තයට හානියක් වෙලා නැහැනේ. බලන්නකෝ ඒකෙත් හැටි. ඔය කාර් එකත් එක්ක තරහකාරයෙක් ෂුවර් එකටම. (නි)
වාහනයෙන් සයිටමයේ සිට එළියට එනවිටම ෆුල්ෆේස් පැළඳි දෙදෙනෙකු වෙඩි පහරවල් හතරක් එල්ල කරලා. පැමිණිලිකරු පවසන පරිදි වෙඩි පහරවල් හතරක් තිබිලා. ඒ කියන්නේ ඉදිරිපසින් දෙකයි වම් පැත්තෙන් එකයි දකුණෙන් එකයි. ඔක්කොම හතරයි. ඔවුන් ආවේ යතුරුපැදියකින්ලුනේ. පැමිණිලිකරු සඳහන් කරන විදියට යතුරුපැදියෙන් ආ දෙදෙනාගෙන් එක් අයෙක් පිනුම් ගසමින් කාරය වටේටම වෙඩි තබා ඇත. ඒ වනවිටත් කාරය ධාවනය වී තිබීම නිසා වෙඩි තැබූ අය සුපර් මෑන්ගේ පුතාලා වියයුතුයි (නි)
මෝටර් රථය එක්ක තරහක් තියෙන කෙනෙක් වෙන්න ඇති (නි)
සීරීමක්වත් නොවෙන්න බේරුනත් ලකුණු දෙන්න බැහැ. මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව තරම් ඔය වගේ රඟපෑම් වලට දක්ෂ නැහැ. සයිටම් වලට විරුද්ධ ඩොක්ටස්ලනේ. ඒගොල්ලෝ එයාලගේ තියෙනේ බර අවි වලින් අද හෙටම පහරදේවි. ඔය වගේ මෝඩ වැඩක් නම් නොකරන බව රටේ ඕනෑම මෝඩයෙක් දන්නවා. (නි)
අරවින්ද, ඒ විතරක් නොවෙයි මුහුණු, ඇස් වසාගෙන යන අයත් අත්අඩංගුවට ගන්න ඕනෑ. (නි)
කිසිවෙකුත් කාගෙවත් ගොදුරක් නොවිය යුතුය. නමුත් පසුගිය දින කීපයේම සිදුවූ මෙවැනි වෙඩි තැබීම්වල ඉලක්කය වැරදී ගියේ නැත. නමුත් මෙය වැරදී ඇත. ඒ අනුව බලනවිට මෙය සැබෑවටම ඝාතනය කිරීමේ අරමුණින් නොව වෙනත් අරමුණක් වෙනුවෙන් කළ වෙඩි තැබීමක් බවට සැක කළ හැකිය. (නි)
පොඩි සීරීමක්වත් නැතිලුද? (නි)
මේක ඉතින් සිරි ලංකාවනේ! (නි)
මේක නම් මට පිළිගන්න අමාරුයි (නි)
ඔන්න ආයෙත් වැඩ පටන් අරගෙන පරණ විදිහටම (නි)
මෙම ක්‍රියාව කළ අයටත් එයට අනුබල දුන් අයටත් දඬුවම් ලබාදිය යුතුය. (නි)
අද කාලේ හැටියට නම් ඉලක්කයක් වරදිනවා කියන එක පුදුමයි (නි)
අනේද කියන්නෙ. සයිටම්විරෝධීන් නම් මේ වගෙ අඳබාල වැඩ කරන්නෙ නැහැ. සයිටම්විරෝධීන් ළඟ තියන අවි ඔය තුවක්කු වලට වඩා බරපතලයි. එ් අවි ළඟ ඔය උණ්ඩ අල්පෙනිති සමානයි. මේකේ අරමුණ සමහරවිට සයිටම්විරෝධී නායකයින් දඩයම් කිරීම වෙන්න පුලුවන්. (නි)
මෙහි අදහස් දාලා තියෙන සමහරක් අය ගැන හිතුවම පුදුම හිතෙනවා. තමන්ටම ආවේණික වූ සිහින ලෝකවල ඉඳලා තමයි අදහස් පළකරලා තියෙන්නේ. මේගොල්ලෝ කවුරුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බඳවා ගත්තා නම් හොඳට තියේවි. නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තියන්නේ කිසිම කොන්දක් නැති, තමා ගැන කිසිම ආත්ම විශ්වාශයක් නැති පිරිමි කියලා කියන්නත් ලැජ්ජා නැති අය. එවැනි ක්‍රියාවන් අපි ශිෂ්ට සමාජයක් හැටියට නිර්දය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුයි. (නි)
දොස්තර මහත්තුරු නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරිය. සම සෞඛ්‍ය උපාධිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරුද්දකින් අඩුකළේ තමුන්ගේ උපාධි කාලසීමාවට සමානවේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරුවට කියවන මහත්වරුන්ගෙන් මට අහන්නට ඇත. සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගණනක් යනතුරු රජයේ රැකියා වලට ඒමට ඉඩක් නැත. (නි)
වැඩේ කවුරු කළත්, ඒක රටට අසුභ ප්‍රවණතාවයක්. දැන් දැන් අපරාධ වැඩිවෙන එකෙන් පෙන්නුම් කරන්නේ රටේ ආරක්ෂක අංශවල බෙලහීනතාවයද..? කලින් රට කරපු අය එළවලා පත්කරගත්ත අයත් කලින් වගේ නැතත්, කන්න පටන් අරන්. යහපාලනය කිව්වට අපරාධවල අඩුවකුත් නැහැ. (නි)