මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල සිසුන්ට කිසිදු ආකාරයක අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මෙම ගැටලුවේදී ජනාධිපතිවරයා ලෙස තමා අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කරමින් සෑම සිසුවෙකුටම සාධාරණය ඉෂ්ට කරන බව සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි දිනවලදී අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර සෑම කෙනෙකුටම පිළිගත හැකිවූත් යුක්ති සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එබැවින් පංති වර්ජනවල නිරත නොවී තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස තමා සියලු වෛද්‍ය පීඨවල සිසුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය ,හුට්විල්පුර, නව ගම්මානය අද (09) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැනි රටට තීරණාත්මක වැදගත් දෙයක් කියන්න ඕනෑ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවලා නේද? හැබැයි එහෙම කිවුව පලියට ප්‍රශ්න විසඳෙන්නේත් නැත (නි)
තියන එකම සාධාරණ විසඳුම සයිටම් ආණ්ඩුවට පවරාගන්න නැවත මෙවැනි දේ සිදුනොවන්න කටයුතු කළයුතුයි. සයිටම් මේ කළ වංචාව සක්විති වංචාවට නොදෙවෙනි දෙයක් (නි)
මෙම නිවාස වෙනුවට තට්ටු නිවාස ඉදිකළා නම් විශාල භුමි ප්‍රමාණයක් ඉතුරු කරගන්න තිබුනා නේද (නි)
ඇයි අධිකරණ තීන්දුවට අභියෝග කරන්නේ? (නි)
හා..හොඳයි. (බ)
උද්ගෝෂණ වලට විරුද්ධ වුන මෝඩ පාලලට දැන්වත් තේරෙනවද ජනාධිපති තුමා මැදිහත් වුනේ උද්ගෝෂණ නිසා කියල. අනික ජනාධිපති තුමාගේ වචනෙන්ම ගම්‍ය වෙනවා මේකේ පිළිගන්න බැරි අසාධාරනයක් වෙලා තියෙනවා කියල. (බ)
පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දිය යුතුයි (බ)
හැම එකටම ජනපති මැදිහත් වෙන්න ඕනෙනම් ඇමති මණ්ඩලයක් මොකටද? (බ)
අන්න අවුරුදු 40 කට පස්සේ සතොසවල් ඉස්සරහ හාල් පෝලිම් ..කය්වාරුව නවත්තලා මිනිස්සුන්ට කන්න හාල් ටික දෙන්න..(බ)
ඉතින් තිලිණ මොකටද හාල් පෝලිම් වල දුක් විඳින්නේ තිලිණ ලාගේ කෑම ඔය ඕනා තරම් තියෙන්නේ. අනික මේ දවස් වල හොඳට වහිනවනේ. (බ)
අපරාදේ ලස්සන සරුසාර තේ වත්ත මොනා කරන්නද මිනිස්සුන්ට ඉන්න හිටින්න ඕන නේ. (බ)
ජන දුක හදුනන අපේ ජනපති... (බ)
ජනපති කියන්නේ ඇමති මණ්ඩලේට හොඳට නාගන්න දීලා බලන් ඉඳලා අන්තිමට ඇවිල්ලා වැඩකාරයා වෙනවාට. හිටපු ජනාධිපති කියන්නේ ජනාධිපති වෙලා හිටපු කාලේ හොඳට නාගත්තුවා වහගන්න ඇවිල්ලා තව තවත් නාගන්නවාට. මේක ජනාධිපතිවරුන්ට පොදු චක්‍රයක්. (බ)
රටක් ගැන මොලොව දෙයක් නොදන්නා තොත්ත බබාලා (බ)
මෙයා සලකන්න සිංහල නොවන අයට විතරයි (බ)
මේක වෛද්‍ය ශිෂ්‍යයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේ. (බ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා වෛද්‍ය කවුන්සිලයේ අන්තවාදී ස්ථාවරය අඩියක් පස්සට ගෙන එන විධියට සම්මුතියකට එන්න බැරිනම් ජනාධිපතිගේ මැදිහත්වීම් යහපාලන රජයේ ප්‍රතිරූපය හානිකිරීමට පමණක් වේවි. මං සුදනා වීමට උත්සාහ කිරීමේ ප්‍රතිපත්තිය අන්තිමේදී ඔහුටම හානි කර වේවි. (බ)
පසුගියදාක 25000 දඩේට විරෝධය පා කළ පෞද්ගලික බස් වර්ජනයකුත් සාධාරණ විසදුමක් දෙනවයි කියමින් නතර කළා අගේට. (බ)
කියන දේ කරන,කරන දේ කියන ලෝකයේ සිටින එකම ජනාධිපතිතුමා ඉන්නේ අපිට පමණයි. ඒ නිසා මට ජනාධිපතිතුමා කියන ඕනෑම දෙයක් විශ්වාසයි. (නි)
උසාවි තීන්දුවට ගරු කරන්න. මාෆියාවට බිය නොවන්න. රටේ දරුවන්ට ඉගෙනගන්න ඉඩකඩ සීමා නොකරන්න (නි)
ඡන්දය ටික ටික පහුවන බව පේනවා. ඡන්දයක් කල්යනවා කියන එක කණගාටුවට කරුණක්. ප්රජාතන්ත්රවාදයට හානියක්. (නි)
අනේ මේ ගෙවල් ටික පිළිවෙලට හැදුවා නම් ඔය බිම්කඩින් තව ප්‍රයෝජන අරන් තව ගෙවල් හදන්න තිබුණා. කිසිම පිළිවෙලක් නැහැ. යකාගේ කටේ දත් වගේ (නි)
පසුගිය කාලයේ සිදුවු දේවල් ගැන හිතනකොට සමන් ඉදිරිපත් කරන මතයෙන් බැහැරවෙන්න බැහැ. (නි)
අපි බලමු සාධාරණ තීන්දුවක් ලැබෙයිද කියලා (නි)
සයිටම්වාදින්ට හිතට අමාරු වුණත් තිත්ත ඇත්ත ඒක තමයි. මේ රටට නොගැළපෙන මේ රටේ මිනිසුන්ට අවශය නැති මේ මරාලය මේ රටින් තුරන් කරන්න කාලය ඇවිල්ලා ! (නි)
අපි මුලින්ම තීන්දුව බලලා ඉමුකෝ (නි)
මට නම් හිතෙන්නේ මේ පුද්ගලික විද්‍යාලය සල්ලි තියෙන අයට පමණක් තියෙන එකක් කියලා. මොකද සාමාන්‍ය පවුල් වල කෙනෙක්ට ලක්ෂ 70 ක් 80 ක් දීලා දොස්තර කෙනෙක් වුණොත්, වියදම් කරපු ලක්ෂ 70 හොයන්න කොච්චර කාලයක් යනවද? මේ කතා කරන හුඟක් අය දැනගන්න ඕනෑ මේ පුද්ගලික විශ්ව විද්‍යාලයට කැමති වුණාට මේකට තමන්ගේ ළමයෙක් දාගන්න නම් නොහැකි බව.. (නි)
කව්ද මේ සුනිල්? අඩුම තරමින් වෛද්‍ය කවුන්සිලය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. එතකොට එහෙනම් වෛද්‍ය කවුන්සිලය පෙන්නාදුන් අඩුපාඩු හදාගන්න සුදානම් නැති සයිටම්කාරයෝ ඔයාට හොඳ වුණේ කොහොමද? (නි)
රට තුල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිවියයුතුයි. ඒ ලෝකේ පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් මත. මේ රටේ දක්ෂ විශාල දරු පිරිසකට විශ්ව විද්‍යාල වරම් අහිමි වෙනවා අඩු විශ්ව විද්‍යාල ප්‍රමාණයක් රට තුල තිබීම නිසා. යම් පිරිසක් විදේශගතවී විශ්ව විද්‍යාල වරම් ලබනවා. අනිකුත් දරුවන්ට වෙන්නේ රැකියාවක් කර ජීවිතය ගොඩ නැගීමයි. රජය මැදිහත් වී සෑම දිස්ත්‍රික්කයටම විශ්ව විද්‍යාලයක් ලබා දෙන්නේ නම් ඉතා කාලෝචිතයි. (නි)
අපි බලමු තීන්දුව මොකක් වෙයිද කියලා (නි)
අධිකරණයට විරුද්ධ වෙන්න යන වෛද්‍යවරුන් ගැන අපි බලාගන්නම්. කෝකටත් ලෙඩ නොවී ඉන්න බලන්න. දොස්තරලට වැඩ නැති කරන්න මුලින්ම. දියුණු රටවල එහෙම තමා. (නි)
මෙම ආයතනය සක්විති පන්නයේ ව්‍යාපාරයක් බව මධ්‍යස්ථ පුරවැසියෙක් ලෙස මාහට හැඟීගොස් අවසන්ය. මෙහි ඇත්තේ තනිකර පුද්ගලික මුල්‍යමය සහ පවුල්වාදී වැඩසටහනක්ය. මෙහි සිටින ගුරුවරු එහි සිටින්නේ ඔවුන්ගේ දරුවන් එහි අධ්‍යාපනයට යොදවය යන්න පසු ගිය දිනවල මාධ්‍ය සාකච්ඡා වලින් පැහැදිලිවිය. ඔවුන් වෛද්‍ය සිසුන් ලෙස නියමිත දක්ෂතා කඩඉම් විභාග වලදී ලැබුවද ඔවුන් ලෙහෙසියෙන් පාස්වෙනු ඇත. (නි)
ලක්විදු, පාලකයන්ගේ අමනෝඥ තීරණ නිසා තමයි ජනතා අයිතීන් නැති වෙන්නෙ. දැන්ද තේරුනේ? පත්තරෙන් දකින්න ඇති (නි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොතලාවල ආරක්ෂක පීටයට අනුබද්ධ කරන්න. ඔක්කොම කණපිට යන්න. (නි)
බොහෝ රටවල මිනිසුන් තම ශරීරකෘත්‍යය සිදුකිරීමට අවශ්‍යවිටදී කල්වේලා ඇතිව නිසි ස්ථානයට ගොස් තම කාර්යය කරගෙන පිරිසිදුව එලියට එනවා. එ්ත්, සමහර රටවල මිනිසුන්, ශරීරකෘත්‍යය ස්වාභාවිකවම සිදුවෙන්න හැරලා, පසුව පිරිසිදුවීම සඳහා ජලය සොයමින් එහෙමෙහෙ දුවනවා. සුවඳ ගැන හොඳට දන්නා අපට දැන් ඕවායේ එච්චර ගානක් නැහැ. (නි)
උඩම තියෙන පින්තූරේ දැක්කම කළකිරෙනවා. හොඳට තියෙන ගස්කොලන් ටික හූරලම දාලා තමයි ගෙවල් හදල තියෙන්නේ. වැස්සාම හෝදගෙන ගිහින් නාය යනවා. පරිසරයත් සුරැකෙන ගමන්ම මේ ව්‍යාපෘතියත් හැදුනා නම් තමයි අගේ (නි)
අනේ මහත්තයෝ, කලින් කෙනා රාගමට දීපු එකවත්, ඔබ ලොතරැයියට දීපු එකවත් දෙන්න එපා. ඉස්සරවෙලාම උසාවියට ඒ අයගෙ තීන්දුව දෙන්න ඉඩ දෙන්න. (නි)
හොරු රකින්නේ කවුද කියලා දැන් නම් හොඳටම පැහැදිලියි (නි)
බලාගෙන යනකොට දෙගොල්ලන් අතර වෙනසක් නැහැ. බාල ජනප්‍රියත්වය වෙනුවෙන් අධිකරණය දෙන ස්වාධීන තීරණ වලට බලපෑම් කරනවා. හොරු අල්ලන්න බැරිවෙන හේතුව දැන් අපිට පැහැදිලිවම පේනවා, (නි)
අනේ මහත්තයෝ, හැමදේටම අත නොදා ඉන්න (නි)
සයිටම් ආයතනයේ කොටස් 10% විතර රජයට ගන්න. එවිට රජයට අනුබද්ධ ආයතනයක්. කතාව ඉවරයි (නි)
මහබැංකු මගඩියෙදි වගේ අපක්ෂපාති තීරණයක්ද? (නි)
මේ රටේ ඒවාට හැමෝම විරුද්ධ වුණත් පිටරට වල ඒවාට මුදල් ගෙවා යනවාට කවුරුත් කැමතියි (නි)
විපක්ෂයේ පොදු අපේක්ෂකයා කාලේ මෙතුමා මෙයට විරුද්ධයි. ඔබතුමා ඒ කාලේ විරුද්ධවුණ හැම දෙයක්ම දැන් නැවත පටන් අරන්. ඒ කියන්නේ ඔබතුමාට වඩා බලවත් කට්ටියක් ඉන්නවාද...? (නි)
දැන් කිවුවා වගේම විසඳුම් ලැබේවි. (නි)
එක්කෝ මේ ආයතනය වෛද්‍ය සභාව අනුමත කරන විදියට ප්‍රමිතිය සකස් කරන්න. නැත්නම් වහලා දමන්න ළමයි අමාරුවේ නොදා. බොහොම සරලයි. (නි)
ඔබතුමාගේ ප්‍රකාශය අගය කරමි. ක්‍රියාවත් එලෙසම නම් ඉතා අගය කරමි. (නි)
අනිත් ළමයින්ට මොකක්ද තියන අසාධාරනේ? සල්ලි තියන කට්ටිය සල්ලි දීලා ඉගෙනගන්නවා. නැති කට්ටිය රජයේ ඒවාට යනවා.
යන්තම් ඇති. පත්තරේ බලලා වගේ (නි)
මෙම ප්රශ්නය හරිහැටි විසඳයි කියා හිතනවා. (නි)
සයිටම් රජයට පවරාගන්න නම් දොස්තරලට කියන්න චැනල් නවත්වන්න කියලා. (නි)
අධිකරණ තීන්දුවට වැඩිය සාධාරණ තීන්දු දෙන්නේ අධිකරණයේ ස්වාධීනභාවයට ඇඟිලි ගහලද? (නි)
දාන්න කොමිසමක්!! (නි)