පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූ සහගත තත්වයට විසදුම් ලබාදීමේදී ඒ සඳහා පත්කරන විශේෂ විද්වත් කමිටුවක නිර්දේශ පදනම් කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී පැවති විශේෂ සාකච්ඡවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡවේදී මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කරගනිමින් මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ වෛද්‍ය සංගම් නියෝජිතයන් දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වූ අතර අදාළ ගැටළුවලට විසදුම් ලබාදීමේදී සැලකිල්ලට ගතයුතුව ඇතැයි ඔවුන් අදහස් කරන යෝජනා මාලාවන් දෙකක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත බාරදී ඇත.
එහිදී දෙපාර්ශවය වෙතින්ම ඉදිරිපත් වූ අදහස් පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ඒ පිළිබඳව තම ස්තුතිය පළකළ අතර ඊට විසදුම් ලබාදීමේදී සියලූම පාර්ශවයන් වෙතින් මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ගේ ද යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගැනීමට අපෙක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව සියලූ පාර්ශවයන් වෙතින් ලබාදෙන යෝජනා හා නිර්දේශ ජනාධිපති විසින් පත්කරන විශේෂ විද්වත් කමිටුවකට යොමුකිරීමට නියමිත අතර එම විද්වත් කමිටුව මගින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.
මෙම සාකච්ඡවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍ය පී.එස්.එම්.ඒ.බී පාදෙණිය, එහි ලේකම් වෛද්‍ය එච්.එන්.ඞී සොයිසා, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට පවරා ගන්න. එසේනැත්නම් රජයේ නව විශ්ව වෛද්‍ය විද්‍යාලය ලෙස පවත්වාගෙන යන්න. තව විශ්ව විද්‍යාලය 10 ත් රට තුළ ඉදිවිය යුතුයි මේ යන විදියට. දැනුම කේන්දර කරගෙන රට ඉදිරියට ගෙනියන්න. (නි)
මේවා කාලයත් සමඟ රජයේ මුදල් නාස්ති කෙරෙන වැඩ.සියලුම පුද්ගලික රෝහල් පාසල් රජයට පවරාගෙන පුද්ගලික වෛද්‍ය සායන සම්පුර්ණයෙන්ම නවතා දැම්මා නම් ප්‍රශ්නේ ඉවරයි. (නි)
තම ගෝත්‍රය ආරක්ෂා කිරීමට ළිං මැඩියන් ලෙස හිතන උගත් නොමිනිසුන් පිරුණු වෛද්‍ය සභාව ලෙස අනෙකුත් වෘත්තිකයින්ගේ සභාවන් කටයුතු නොකෙරේවා! (නි)
විද්වත් මණ්ඩලයක් කිව්වේ බස් ගැමුණුලාගේ වගේ එකක්ද දන්නෙ නැහැ අප්පා (නි)
එතකොට අධිකරණ නියෝගය? බලනකොට 'නීතියේ ආධිපත්‍යය' කියන එක කවුරුත් එක්ක මැතිවරණ කාලෙට පට්ට ගහන වචනයක් විතරයි. ඒකට අපේ කට්ටිය නොකඩවා පතුරු ගහන "අධිරාජ්‍යවාදී ඇමෙරිකාව". ඔච්චර බලගතු ට්‍රම්ප්ට වුණත් නිකම් ෆෙඩරල් උසාවියකින් දුන් නියෝගයට හිස නමන්න සිද්ධවුණා (නි)
ජනතාව ඡන්දෙ දීලා මන්ත්‍රීවරු (බොහොම දෙනෙක් නූගතුන් බව ඇත්ත) පත් කරලා තියනවා. ස්වාධීන යැයි කියනා අධිකරණ පද්ධතියකුත් තියනවා. රටේ ඇතිවෙන සියලුම ප්‍රශ්න වලට කොමිෂන් පත් කරනවා. පාර්ලිමේන්තුවයි අධිකරණයයි දෙකම වහලා දාලා සියලුම දේ සඳහා කොමිසම් පත්කළා නම් ලාබයි (නි)
හොඳම දේ රජයට පවරාගෙන කළමනාකරණය කිරීමයි. තව තවත් විශ්ව විද්‍යාල ගොඩ නඟා උගත් බුද්ධිමත් දරුවන් පිරිසක් රට තුල ස්ථාපිත කිරීම රජයේ වගකීමයි. මේ රටේ විශාල දරු පිරිසකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වෙන්නේ අඩු විශ්ව විද්‍යාල ප්‍රමාණයක් රට තුල තිබීමයි. (නි)
කමිටු දදා කල්මැරීම නායකයකු නොකළ යුතුය. (නි)
තම ගෝත්‍රය ආරක්ෂා කිරීමට ළිං මැඩියන් ලෙස හිතන උගත් නොමිනිසුන් පිරුණු වෛද්‍ය සභාව ලෙස අනෙකුත් වෘත්තිකයින්ගේ සභාවන් කටයුතු නොකෙරේවා! එසේම සයිටම් ආයතනය පිරිපුන් කිරීමට කොතලාවල පීඨයට අනුබද්ධ කිරීම යහපත් වේ. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවිය යුතුයි. නිසි ක්‍රමවේදයකට දියුණු රටවල පවත්නා ආකාරයෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියට අනුකූලව. ඒවා උසස් තාක්ෂණයක් මත රැදුණු පෞද්ගලික විශ්ව විද්‍යාල වියයුතුය. අරමුණ වියයුක්තේ විශේෂයෙන්ම මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් මිදී හොඳ මානව සම්පතක් නිර්මාණය කිරීමය. (නි)
මේකේ අදහස් පළකරලා තියෙන බහුතරයක් ලියලා තියෙන්නේ විෂය ගැන කිසිම දෙයක් දැනගෙන නොවේ. සායනික පුහුණුවක් නැති මේ දොස්තරලාගෙන් අපි බෙහෙත් ගන්නද? (නි)
ඕක වහන්න ඕනෑ නැහැ. කොහොමත් ඕක හදලා තියෙන්නේ අපේ ජනතාවගේ සල්ලි වලින්නේ. ඔය හොර උපාධි වෙනුවට නියමිත සුදුසුකම් සපුරපු ළමයින්ට නොමිලේ ඉගෙනගන්න දෙන්න ඕනෑ (නි)
අප රටේ වැඩි පිරිසකට සරසවි වරම් අහිමිවීමට එකම හේතුව වන්නේ කඩයිම් ලකුණු ඉහළ තලයකට ඔසවා තැබීමයි. එයට ලොකුම බාධකය වෙන්නේ රට තුළ රජයේ විශ්ව විද්‍යාල අඩුවෙන් පිහිටීමයි. පවතින රජයේ වගකීම වෙන්නේ සෑම දිස්ත්‍රික්කයටම අලුතෙන් උසස් විශ්ව විද්‍යාල පිහිටවා සෑම දරුවෙකුටම තමන්ගේ අරමුණ කරා යාමට මඟ පෙන්වීමයි. ලෝකේ අනෙකුත් රටවල් මේ ගැන සැළකිලිමත් වුවද පසුගිය සියලුම රජයන් මේගැන නොසැළකිලිමත් වීම කණගාටුවට කරුණක්. (නි)
ඉතාම අගෙයි. මැති ඇමතිවරුන්ගේ විශාල කැබිනෙට්ටුවක් අපේ රටට අවශ්‍යද? ජනාධිපති පමණක් හිටියා නම් මදිද? (නි)
එක විභාගයකදී ලකුණු ටිකක් අඩුවුණා කියලා ජීවිත කාලයම පිටුපසින් ඉන්න කියලද රජයෙ විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ (නි)
මේ හදන්නේ සයිටම් එකට මේ වෙනකොට එල්ලවෙන විරෝධතාවල උණුසුම සමනය කරන්න පමණයි. සයිටම් කියනවා කඩේ අැරියේ ලාභ ලබන්න නොවේලු. එතකොට ගිය වසරේ පමණක් ලාභය මිලියන 1500ට වැඩීලු. අැයි එහෙම ලාභ ලබන්නෙ. මුල ඉඳලම පටන් ගත්තෙ හොර ගුහාවක් විදියට. කෝ ළමයි රුසියා යැව්වද? ඕක වහලමයි දාන්න ඕනෑ (නි)
රජයෙන් රට තුළ විශ්ව විද්‍යාල ඉදිකරන්නේ නැත්නම් පෞද්ගලික විශ්ව විද්‍යාල හරි ඉදිවෙන්න ඕනෑ. මොකද වර්තමානයේ ගොඩක් දරුවන්ට හරිම අසාධාරනයක් වෙන්නේ පාස් මාර්ක් එක වැඩි හින්දා. සිසුන්ට සාපෙක්ෂව නව විශ්ව විද්‍යාල රට තුළ ඉදිවිය යුතුයි. (නි)
ඉතාම හොඳ වැඩක්. මෙමෙ ප්‍රශ්නයට දේශපාලන මුහුණුවරක් දෙන්න ගොඩක් අය උත්සහ ගන්නා බව පෙනේ. රටේ පුද්ගලික අධ්‍යාපනයට ඉඩ ලබාදෙමින් ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිකිරීමේ වගකීම පුද්ගලික අංශයටද ලැබෙන සේ ප්රමිතීන් අතිකරන්න (නි)
කමිටුව පත්කරලා තව මාස 6ක් විතර අදිමු. (නි)
බොරුවට කල්යවන්නෙ නැතුව ඉක්මනින් මේ ප්‍රශ්නෙට විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම තීරණය ගැනීමේදී සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය පිළිබඳවද සළකා බලනු ඇතැයි විශ්වාස කරනවා. ඒ මොකද මෙපමණ කාලයක් මේ ගැටලුවට රාජ්‍ය මට්ටමින් ගත් තීරණ එකක්වත් සෞඛ්‍ය ක්ෂේත්රයට කොහොමද බලපාන්නේ කියා ගත් තීරණ නොවෙයි. ජනතාව ආරක්ෂා වීම ප්‍රමුඛත්වය විය යුතුයි (නි)
ඔබතුමාගේ අදහස ඉතා අගය කරමි. ඒ වගේම මේ පිළිබඳව හැකි ඉක්මනින් අවසන් තීරණයකට යා යුතුයි. මෙයත් සමහර ඒවා මෙන් ඇදීගියොත් ප්‍රතිඵලය භයානක වේවි. (නි)
ඔය දාලා තියෙන්නේ තවත් කල්මැරීමක්.... (නි)
ගැටුම් හෝ නීති මඟින්ම විසඳන්න හදන දේවලට වඩා උගතුන්ගේ අවංක අදහස් වලින් බොහෝ අමාරු දේවල් අපට විසඳාගන්න පුළුවන් වේවි. බොහෝදුරට එකම විසඳුම මෙය වියහැකියි. (නි)
කරුණාකර මේ විද්වත් කමිටුවට, සෑම වසරකම රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල්වීමේ සුදුසුකම් ලබා තිබියදීත් ඇතුළත්වීමට නොහැකි වූ, 80% ක් වන ශිෂ්‍ය ප්‍රජාවගේ නියෝජිතයෙකුගේ අදහසුත් සැළකිල්ලට ගන්න. (නි)
බොහොම හොඳයි. හැබැයි, ඔය කොමිසමට පත්කරන වෛද්‍ය වෘත්තිකයා වෛද්‍ය සභාවෙන්වත්, සංගමයෙන්වත් වෙන්න හොඳ නැහැ. මොකද මේ දෙකේම අය තීරණයකට එලඹිලා ඉවරයි. අනික වෛද්‍ය සභාවට සාමාජිකයන් තිදෙනෙකු පත් කරන්නේ වෛද්‍ය සංගමයෙන්. (නි)
ජනධිපතිතුමනි, ඕකට තව කොමිටි මොකටද. පුද්ගලික අධ්‍යාපනයට ඉඩ ලබාදෙමින් ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිකිරීමේ වගකීම පුද්ගලික අංශයටද ලැබෙන සේ ප්රමිතීන් අතිකරන්න. උදාහරණ ඕනෑ නම් ඕස්ට්‍රලියාවේ බොන්ඩ් විශ්ව විද්‍යාලය බලන්න. සම්පුර්ණ පුද්ගලික අංක එකේ වෛද්‍ය ඇතුළු පුර්ණ විශ්ව විද්‍යාලයක්. බැරිනම් පාලකයන්ගේ දුර්වලකමක් මිස ළමයින්ගේ දුර්වලකමක් නොවේ. (නි)
කොතලාවලටත් හොඳ කමිටුවක් දාන්න (නි)
සයිටමය සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන්න. (නි)
මේක රජයට පවරා ගන්නනම් එපා, ඒක වැරදි පූර්වාදර්ශයක් , අඩු පාඩු හදාගෙන, ලෝකයේ ඉහල ශ්‍රේණියේ ඉන්න වෛද්‍ය විද්‍යාලවලටත් මෙහාට එන්න කියන්න. පුද්ගලික පාසැල් , පුද්ගලික රෝහල් , පුද්ගලික වෙදකම හොඳනම්, ඇයි වෛද්‍ය විද්‍යාල විතරක් හොඳ නැත්තෙ ? (අ)
ජනාධිපතිතුමනි, කොතලාවල එකේ නීති පීඨයේ අවුල මීට දරුණුය. නුසුදුස්සෝ නිසා නීති ක්ෂේත්රයම විනාශය. ඉක්මනින් පියවරක් ගන්න. (නි)
සුසිල් මහත්මයා, මෙම ආයතනය නිරීක්ෂණයට ගිය යූජීසී හි වෛද්‍ය වෘතිකයන් කීයක් සිටියාද ඔබ දන්නවද? 1 යි. එහෙම තමයි මේ වෛද්‍යවරු බිහිකරන්න හදන ආයතනය බලන්න ගිය කමිටුවල තත්වය. මේවායින් ආ නිර්දේශ උඩ තමා මේ ආයතනයට උපාධි ප්‍රධාන හැකියාව ලැබුනේ. මට සතුටුයි ඔබතුමා අඩුතරමින් මේ කමිටුවට වෛද්‍යවරුන් සිටිය යුතුයි කියා සිතන එකට. (නි)
සිල්වා, ඔය වෛද්‍ය සභාව කියන ළිං මැඩියො "බක බක" ගාන්නේ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන්. නැතුව කියන කියන පදයට නැටුවා නම් හොඳ හොඳ සෙල්ලම් ඉස්පිරිතාලෙන් බලාගන්න තිබුණා. (නි)
මේක රජයට පවරාගෙන නොමිලේ අධ්‍යාපනය දෙන්න. ඊටපස්සේ පාන් ගෙඩියක් ගන්න රුපියල් දාහක් දෙන්න. මොන තරම් මෝඩ බෙලහීන ජාතියක්ද අපි. ඔබට නොමිලේ යමක් දෙන්න දායක වන්නේ මේ රටේම මිනිසුන්ය. එයිනුත් ඉතා ඉහල ප්‍රතිශතයක් දරන්නේ රටේ පොහොසත් මිනිසුන්ය. ඒ මිනිසුන්ගෙන්ම කකා ඒ මිනිසුන්ටම ගරහන ජාතියක් සදා දුප්පතුන් ලෙස ජීවත්වීම සාධාරණය. දැන්වත් ඔය "ඔක්කොම නිකන් ඕනෑ" මානසිකත්වයෙන් මිදෙන්න (නි)
උසස් පෙළ සමත් වී අනාතබවට පත්වන අසරණ දරුවන් වෙනුවෙන් තව තවත් පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළයුතුය. (නි)