නිමන්ති රණසිංහ
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 2017 පෙබරවාරි මස 6 වැනිදා සේනාරත්න මහතා කේ ජී 3807 දරන සිය කාර් රථය පදවමින් රාජකාරියට ගමින් සිටියදී මාලබේ ප‍්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු වෙඩි තබා පලා ගිය බව කලින් කියා තිබිණි.
සැකකාර නාගාරික මන්තී‍්‍රවරයා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙය සේනාරත්න මහතා විසින්ම කර ගත්තක් බවට සැක සහිත බැවින් විමර්ශන රහස් පොලිසියට භාර දුන් බව පොලිසිය කීවේය. සයිටම් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතාට චෝදනා එල්ල වීමත් සමඟ ඔහු තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කිරීමට සයිටම් ආයතනය කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙයියනේ, කලින් කිව්වේ එහෙම නේන්නම්. අපිත් හිතුවේ තමන්ටම වෙඩි තියා ගත්තා කියලනේ... කරකවලා අතහැරිය වගේ නොවැ දැන්...
අනේ පව්... අපිට කව්ද කිව්වේ එයාම වෙඩිතියා ගත්තා කියලා.
ඒ පාර කට්ටිය මොකද්ද රගපාන්න හදන නාට්ටිය වෙසක් නාඩගමක්ද පොසොන් නාඩගමක්ද
එයා තාමත් 'සයිටම්' එකේ වැඩ කරනවා. මේක රඟපෑමක්. එයාටත් දඬුවම් කරන්න ඕනේ...
මාධ්‍යවලින් කියන හැමදෙයක්ම ඒ හැටියටම විශ්වාස කරන්න එපා...
කොහොම වුනත් ඔය සැකය තිබුනේ සැහෙන කල් හිටන්නේද ? ඇයි මෙච්චර පරක්කු උනේ.
ඔන්න යහපාලනය දැන් නම් වැඩ