සයිටම් ආයතනයේ ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
"සයිටම්” ආයතනය පිළිබද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අද (15) පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
‘මෙම ප්‍රශ්ණය විසදීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිඛෙනවා. මෙරට විශ්ව විද්‍යාල සමතුන්ගෙන් 17% ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. 83% කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුළු විවෘත කළ යුතුයි. ඒ සදහා කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුළුල් කිරීමට ද කටයුතු කරනවා.” යැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවුද සයිටම් ගැටලුව විසඳන්නට. ඒ වාර්තා ජනාධිපති තුමාට ඒ ඒ අය බාර දේවි.දත් දොස්තර දන්නේ දත් ගැන පමණයි...ලොකු දොස්තර වරු මුළු ශරීරය ගැනම දන්නා අයයි.අපේ රටේ වෙන්නෙම ඔය දේයි...බල්ලාගේ වැඩේ බුරුවා කරනවා.රටත් එතනමයි...අපිත් එතනමයි...මේ රට හරියට හදන්න " විප්ලවයක් " අවශ්‍යයයි...(අ)
මෙගොල්ලොන්ගේ සංඛ්‍යා ලේඛනත් වාසියටම හදාගෙන තියෙන්නේ, කළා වාණිජ කරන කරන අයත් සයිටම් යවන්නද හිතන් ඉන්නේ, 83% කියන්නේ මුළු එකතුව, විද්‍යා විෂයන් කරලා කැම්පස් යන්න බැරි කි දෙනෙක් ඉන්නවද කියල ගණන් හදන්න, 30% කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කැම්පස් යනවා , ඉතිරියෙන් විද්‍යා ශේෂ්ත්රයේ සමගාමී පාඨමාලවන්ට යොමු වෙනවා, උද- හෙදියන් විද්‍යා තාක්ෂණ වේදීන් පෝෂණ වේදීන් ආදිය, ඉතාමත්ම සුළුපිරිසක් තමයි ඉතුරු වෙන්නේ විභාගය සමත් වෙලා මුකුත්ම කරගන්න බැරුව, (අ)
සඳුනි, රටේ බදු අදායම සියලු දෙනාටම තෘතිය අධ්‍යාපනය සැලසීමට ප්‍රමාණවත් නැත්නම්, ඉතුරු 83% අවශ්‍ය අද්යාපනය ඔබ සැලසීමට යෝජනා කරන්නේ කෙසේද? රාජිත සේනාරත්න වෘතීයෙන් දන්ත වෛද්‍යවරයෙක් වුනත්, අද ඔහු රටේ සෞඛ්‍ය ඇමතිවරයා. එම නිසා ඔහුට මේ කාරණය සම්බන්ධයෙන් අත ගැසීමට වගකීමක් තියෙනවා. (අ)
දී කිරට බලල්ලුත් සාක්කි ! (ම)
මෙය හැම මගුලකටම හොට දානවා.මේ පරාජිත කියන ඒවා සත පහකට විශ්වාස කරන්න බැහැ.(ම)
ඔයගොල්ල නේද පරණ ආණ්ඩුවේ සිටියේ. ඇයි මේවා හරියට කරලා නැත්තේ. (ම)
නුසුදුස්සන් වගකිව යුතු ඉහළ තානාන්තරවලට පත්කරහම සිඳුවන අනිටු විපාක හා අවුල් ජාලාවන්. (ම)
අධ්‍යාපනය සෞඛ්‍යය අමාත්‍යංශයේ විෂය පථයට අදාළ නැති බව තේරෙන්නේ නැති අයත් ඉන්නවා. (ම)