සයිටම් අර්බුදය පිළිබඳ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය පීඨාධිපතින් අතර විශේෂ සාකච්ඡාවක් බදාදා (15) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතය.
සාකච්ඡාව සඳහා කොළඹ, පේරාදෙණිය, රාගම, මඩකලපුව, ජයවර්ධනපුර, යාපනය සහ කරාපිටිය වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ට ආරාධනා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, සයිටම් සියලුදෙනා රැකගන්න බලන්න. (නි)
දොස්තර මහත්තයෝ, නිවාරණය බෙහෙතට වැඩිය හොඳයි නේද? ලෙඩේ ඔඩු දිවුවට පස්සෙද බෙහෙත් හොයන්නේ? මේක අද ඊයේ පටන්ගත් එකක් නොවෙයිනේ. (නි)
මේ ප්‍රශ්නයනම් හිසරදයක් දැන්නම්. (ර)
රජයේ වෛද්‍ය සංගමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය සහමුලින්ම අතාර්කික නැත්ද ? විරුද්ධ නම් කරුණාකර ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය ව්ද්යාලයන්ගෙන් බාහිර උපාධි ලබා ගන්නා සියලු දෙනාට මෙරට වෛද්‍ය සේවයේ යෙදීමට විරුද්ධ වන්න. එවිට මේ අරගලය වෙනත් මුහුණුවරක් ගන්නවා ඇත. (ර)
අනිත් හැම උපාධියක්ම දැන් ලංකාවේ පුද්ගලික ආයතනවලින් දෙනවා. ඒවායේ ගුණාත්මකභාවය ගැනත් බලන්න ඕන නේද? වෛද්‍ය උපාධිය විතරද ගුණාත්මක වෙන්න ඕන. සියලුම උපාධි කඩ දැඩි පාලනයකට යටත් කල යුතුයි. ලංකාවේ වෛද්‍ය වෘර්තිය වෙනම පැලන්තියක් කරගෙන තියෙන නිසා අනිත් උපාධි බල්ලට ගියත් පීටාධිපතිතුමාලටයි අන්තරේ කොල්ලෝ ටිකටයි කමක් නැහැ වගෙයි.(ර)
සිසිර, අනෙක් උපාධි වලත් ගුණාත්මකභාවය රැකගන්න ඕනෑ. හැබැයි අනෙක් උපාධි වල ගුණාත්මකභාවය නියාමනය වෙන්නේ නැත කියලා වෛද්‍ය උපාධියටත් ඒ ඉරණම අත්වෙන්න දිය යුතුයි කියනදේට එකඟ නැහැ. (නි)