ඉසුරු සොයා කුවේට් ගොස් නිසි වැටුප් නොලැබීම, හාම්පුතුන්ගේ අතවර, ශාරිරික වද හිංසා ආදියට ලක් වූ ගෘහ සේවකාවෝ 78 දෙනෙක් ද පිරිමි විසි දෙදෙනෙක් ද, අද අලුයම හිස් අතින් ආහ. කෙස් කළඹ බලෙන් කපා දැමුණු අය ද, ඇඟට උණු තෙල් දමා පිළිස්සුම් තුවාල ලද අය ද, කාමාතුරයන්ගෙන් බේරීම සඳහා පැන ගිය අය ද ඒ අතර වූහ. කුවේට් රජයේ මුදලින් ආ මේ අයට යළි අරාබියේ රැකියාවට යාමට නොහැකිය. තවත් ගෘහ සේවිකාවෝ 471 දෙදෙනක් ද , සේවකයෝ 40 දෙනෙක් ද ගමරට බලා ඒමේ සුදානමින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බාරයේ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තානාපති කාර්යාලවල අය තමයි මේවට වග කියන්න ඕන. මම ඉන්නේ ඩුබායිවල. මෙහෙත් තානාපතිකාර්යාලවල අය වැඩක් නැහැ.
මේක හරිම අපරාධයක් ගරු ජනාධිපතිතුමනි. අපේ කාන්තාවන් පිටරටවල ගෘහ සේවයට යවන එක නවත්වන්න. ඔබතුමාට පින්...
හැමදාම ඇහෙන්නෙ එකම දේ. තානාපතිවරු ඉන්නෙ මොකටද?
හරිම කණගාටුයි. අපේ අයට මෙහෙම වෙන එක දැක්කහම
ප්‍රෞඩ ජාතියක් ගැන කතා කරන අපි අපේ කාන්තාවන් පිටරටට සල්ලි වලට යවන එක හරිද?
මේ අයට සහනයක් හැටියට රස්සාවල් මෙහෙන් ලබා දිය යුතුයි.
ඇයි මේ වගේ රටවලට අපේ කාන්තාවන් යවන්නේ?
විදේශ විනිය නැතිවෙන හින්ද රජය නිශ්ෂබ්දයි
මේ අපේ ප්‍රධාන විදේශ විනිමය උපයන්නන්. ලොකු අය කියන්නේ එහෙමයි. පව්
මම අවුරුදු හතරක් දෝහ වල ඉන්නේ. කාන්තාවන් මැපෙරදිග එවන්න එපා. කොච්චර හොද අය ආවත් අසරණ වෙනවාමයි. අපි අපේ ඇස්වලින් මේව දැකල තියනවා. ආපේ ජනාධිපතිතුමා මේ ගැන සොයා බැලිය යුතුයි.
මේ අපේ අහිංසක මිනිස්සු හම්බ කරන මුදල් වලින් වාහන රේස් යනවා
කරුණාකාරලා ගෘහසේවිකාවන් විදිහට රට එන්න එපා.
මම ඉන්නෙත් ක්වේට්වල. මේවට සියල්ලෝම වගකිවයුතුයි.
මේවා දැන දැනත් දැක දැකත් ඒ පස්සේ යන එක නේ අපි කරන්නේ. ඒ මදිවාට ඒ වගේ අමිනිස් ජාතීන්ට අපේ රටේ ඉහල තැන් ලබා දෙනවා.
මේ ගැන රජය නිසි පිළිවෙතක් පිළිපදින්න ඕන ඉතා ඉක්මනින්.
මම වැඩකරන්නේ ක්වේට්වල. මම අපේ රටේ අම්මල තාත්තල සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙහෙම දුක් විදින්න කාවවත් මේවගේ රටකට එවන්න එපා.
පව් අසරණ මිනිස්සු. මේවට නිසි පිළියමක් ගත්තෙ නැත්නම් තව තවත් මේවා සිද්ද වෙනවා. නැති බැරි කමට රට යන අය.
මමත් ඉන්නේ මැදපෙරදිග. අපේ රට් අහිංසක කාන්තාවෝ මේ රටවලට එවන පිරිමින්ගෙ වැරද.
විදේශ සේවා නියුක්ති එකෙන් ගන්න සල්ලි කෝ? ඒවා අහිංසකයන්ට දෙන්නෙ නැද්ද?
ලංකාවේ කාන්තාවන් විදේශගතවන්නේ එක ප්‍රශ්ණයක් නිසා. ඒ මුදල්. මුදල් හොයාගෙන විදේශගතවන ඒ කාන්තාවන් ආපසු එන්නේ තවත් ප්‍රශ්ණ ගනනාවක් තම පවුල්වලට පමණක් නොව රටටද එකතු කරමින්.
මේකට වග කියන්න ඕන එම්බසි එක.
මගෙ අදහසත් අර නාමල් මහතා කියපු දේම තමයි
අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙම රටවලදී අත්වන දරුණු වද හිංසා ගැන කණගාටුයි. මේවට අපේ තානාපති කාර්යාල සහ විදේශ සේවා කාර්යාංශය වගකිවයුතුයි.
ඇති ඔයින් බේරිලා ආවා
මම දැන් අවුරුදු නවයක් විදෙස්ගතව වැඩ කරනවා. මගේ අද්දැකීම් අනුව කාන්ත පක්ෂය බොහොමයක් අතවර වලට ලක්වෙනවා සමහර අයට කාටවත් කියන්න බැහැ. තවත් සමහරු අතවර වලින් පසුව ගණිකාවන් බවට හැරෙනවා. තවත් සමහරු වැඩ කරන්න බැරිකමට ගෙදරින් පැන ඇවිත් සරණ පතනවා කගේ හරි, එය කරන්නෙත් තවත් අමාරුවේ දාන එක. මගේ අදහස කාන්තාවන් මෙම මෙහෙකාර සේවයට එනඑක වහාම නතර කරන්න ඕනි. අපේ පිරිමින්ට කොන්ද පන නැහැ ගැනිට කන්නබොන්න දෙන්නත්.
ලංකාවෙන් සවුදි වගේ රටවලට සේවිකාවන් යවන එක නැවැත්තුවම හරි. තව රටවල් තියෙන්නේ ගිහින් වැඩ කරන්න. අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන එක නවතී එතකොට
සහෝදරවරුනේ අපේ සහෝදරියන් ගෘහ සේවයේ රස්සාවට යවන්න එපා. මේ හැමටම කරන ආයාචනයක්
අපේ රන් දිවයින ඔබට පිහිටවනු ඇත. අමනුස්සයන්ගේ අමන දේශයන්ට යන අයගෙ නෙත් ඇරේවා
බලධාරීන්ට පෙනෙන්නේ නැද්ද? අහිංසක කාන්තාවන් විදින දුක
මේ අපේ රටේ අහිංසක මනුස්සයෝ. මෙයාලට රජය උදවු කරන්න ඕනෙ. මින් පසු කිසිම ලාංකිකයකු වහල් සේවයට යවන්න එපා කරුණාකරලා
රජය මේ අයට කිසියම් සහනයක් ලබාදිය යුතුයි
මේවා විය යුතු දේවල් නෙමෙයි. නමුත් කාට කියන්නද? ගෘහ සේවයට රට යවන එක ආණ්ඩුව නවත්තන්නෙත් නෑ, කාන්තාවන් නොගිහින් ඉන්නෙත් නෑ
මේ ගැන ජනාධිපතිතුමා අවධානය යොමු කළ යුතුයි
හැමදාම අපේ අපි අහිංසක සහෝදරියන් ගැන කතා කරනවා විතරයි. තවමත් නිසි පිළියමක් දෙන්නට බැරි වීම කණගාටු තත්ත්වයක්
පව් අසරණ අය
අනේ මන්දා ඇයි මේවට රජයෙන් මොකුත් කරන්නෙ නැත්තේ?
පව් දුප්පත් මිනිස්සු
පව්, මේ වගේ අහිංසක මිනිස්සු. මේ අයට මෙහෙම අපරාදයක් කළ ඒජන්සිවල අයට කුමක් කළ යුතුද?????
මමත් ජීවත් වෙන්නේ මැදපෙරදිග මේ රටවලටනම් ලංකාවේ කාන්තාවන් එන එක නවත්වන්නම ඕනෙ
අපේ ගෘහ සේවිකාවන්ට මැදපෙරදිග දස වද දෙනවා. ඇන ගහනවා කපනවා මරනවා කොටනවා. මෙදපෙරදිග හාම්පුතාලට බැනල වැඩක් නැහැ. ගෘහ සේවිකාවන් මැදපෙරදිග යවන එක නතර කරලා ඔවුන්ට හොඳ රැකියාවක් ලංකාවේ ඉඳන් කරන්න වැඩපිළිවෙලක් හදන්න පාලකයන්ගේ ඇස ඇරෙන්නේ කවදද ?
මම ඉන්නෙත් කුවේට් වල. අයි හැමදාම අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ විදියට වෙන්නේ? අයි අපේ බලධාරීන්ට බැරි කුවේට්වල තියෙන පිලිපීන් තානාපති කාර්යාලය වගේ වැඩ කරන්න. වගකිවයුතු නිලධාරීන් ඉන්නේ නිදා ගෙනද? හැමදාම මේ වගේ දේවල් ප්‍රවෘත්ති වල දාලා හරියයිද? මේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද?
අතිගරු ජනාධිපතිතුමනි, අපේ රටට ඉසුරු ගෙනෙන අපේ දිරිය කාන්තාවන් රැකගමු.
මේවා කොපමණ දැක්කත් අපේ අය යන්නෙ ඔය රට වලටම නේද?
මේවා කොපමණ දැක්කත් අපේ රටේ අය යන්නේ ඔය රටවලටමනෙ.