නිට්ටඹුව  ඕචර්ඞ්වත්ත ශක්ති කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන ජයශාන්ත ඉන්වෙස්මන්ට් අභියෝග කුසලාන, සය සාමාජික සැහැල්ලූ පන්දු, කි‍්‍රකට් තරගාවලිය හෙට සහ අනිද්දා (27 සහ 28) දිනයන්හිදී  ඕචර්ඞ්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 30,000 ක ත්‍යාගයක්ද අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට මුදලින් 20,000 ක ත්‍යාගයක්ද පිරිනැමේ. අවසන් තරගයේ වීරයාට, දක්‍ෂතම පිතිකරුවාට සහ දක්‍ෂතම පන්දු යවන්නාට විශේෂ ත්‍යාග පිරිනැමේ.

විවෘත තරගාවලියක් වන මෙම තරගාවලිය පිළිබඳ වැඩිවිස්තර 0777 545622 හෝ 0772 370020 යන දුරකතන අංක වලට ඇමතීමෙන් ලබාගත හැකිය.