
(අංජුල මහික වීරරත්න)
සමාජ මාධ්‍ය වල තොරතුරු බෙදා හැරීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මාධ්‍ය වලින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වල වීම සමාජයකට ඉතාමත්ම භයානක බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේකොළඹ ආනනද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පැවති "සංදේශය" මාධ්‍ය සම්මාන ප්රදානෝත්සවය අමතමිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ "සංදේශය" සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීනයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මාන පිරිනැමීමත්, පාසල් අංශයේ දක්ෂයින් වෙනුවෙන් මාධ්‍ය සම්මාන පිරිනැමීමත් සිදු කෙරිණ.
"අද අපි ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය මාධ්‍ය කියන එක ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන යුගයක ඒ වෙනස්වීමත් සමඟ අපිට අවස්ථා බොහොමයක් උදාවෙනවා වගේම අභියෝග ගණනාවකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
තොරතුරු තාක්ෂණයෙන් සහ මාධ්‍ය විසින් වෙනස් කරන ලද සමාජයක , වෙනස් කරන ලද ලෝකයක ජීවත්වීමට තමයි අපේ දරු පරපුර අපි සූදානම් කළ යුත්තේ යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd