IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සමහර වීරයන් රට සවාරිවලින් පසු මීයන් වෙනවා

(නිමල කොඩිතුවක්කු)

මෙරට පශූ සම්පත් ගොවිපොළවල් 31කට වැඩි ප්‍රමාණයක් තුට්ටු දෙකට විකිණීමට යන බවත් ඒ සම්බන්ධයෙන් මහ ලොකුවට කතා කළත් පිටරට සංචාර ගොස් පැමිණ පසු සමහර සමාජවාදී වීරයන් මීයන් වී ටෙන්ඩර් ක්‍රමයට ගොවිපොළවල් විකිණිමට කැමැති බවට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

දේශපාලන කටුස්සන් වාසි පිටට පාට වෙනස් කරන බැවින් ඔවුන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.

ලොකුවට කයිවාරු, පුරසාරම් දොඩන නායකයෝ කවදාවත් වැඩ කර නැති බවත්  ඔවුන්ට  මෙරට ණය බරතාවට විසදුමක් දිය නොහැකි වැඩ නැති කට විතරක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 104 වැනි අදියට යටතේ පොළොන්නරුව ඇලහැර සෑගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.



අදහස් (9)

සමහර වීරයන් රට සවාරිවලින් පසු මීයන් වෙනවා

Asanga Monday, 19 February 2024 02:08 PM

මෙච්චර කල් කවුරුත් කළේ ඕක තමයි. දැන් අපිට ඕනෙ වෙනසක් ... නිකන් දොඩවන්නේ නැතිව...

:       38       15

Prabha Monday, 19 February 2024 02:20 PM

හිතේ දුකට කියන කතා...

:       46       19

සෙනෙවිරත්න Monday, 19 February 2024 03:02 PM

ළමයි ඉස්සරහා බොරු කියලා කරන වැඩේත් බාල කරගන්නවා. තමන්ගේ මඩ බලකාය හදන බොරු සමාජගත කරන්න එපා... තමුන්නැහැ ඔය කියන සමහර අය ඉන්දියාවට ගියඑක ගැන කලබල වෙලා වගේ... ඒ චාරිකාව ගැන අනුර දිසානායක කරපු සාකච්ඡාව ඇහුවා නම් ඇත්ත වැටහේවි. අනෙක මීයො වුනේ නැහැ පස්සෙත් උද්ඝෝෂණ තිබුණා. අමුල් එක බලන්න ගියේ ඒ අයට ප්‍රතිපත්ති උගන්වන්න නෙවෙයි.

:       53       19

සෙනෙවිරත්න Monday, 19 February 2024 03:03 PM

හරියට අර සුජීව සේනසිංහ මහත්තයා එක්ක යනකොට බැඳුම්කර මගඩිය ගැන ගොලුවෙනවා වගේ නේද සජිත් මහත්තයෝ...?

:       30       19

සෙනෙවිරත්න Monday, 19 February 2024 03:04 PM

තමන්ගේ මඩ බලකාය හදන මඩ නායකයා ළමුන් ඉදිරිපිට ඇදලාබාලා නිකං සවුත්තු වෙනවා...!

:       40       17

සෙනෙවිරත්න Monday, 19 February 2024 03:06 PM

තමුන්නාන්සේගේ භික්ෂු බලකාය පහුගිය දවස්වල සංස්කෘත අරමුදලට ගේම දීපු එක වාර්තා කළා. අර ලිට්රෝ එකේ උපදේශක ලිට්රෝ එකෙන් පඩි ගත්තා.

:       16       17

Leelananda Monday, 19 February 2024 03:42 PM

සමහරක් මීයන් ඉස්කෝලවලට ගිහින් වීරයෝ වෙන්න හදනවා..

:       32       23

Tudor Monday, 19 February 2024 03:54 PM

කවුද මේ මෝඩ පුතා? ටයර් සෑය වලින් තාත්තා තරුණයින් මරා දමන කොට මෙයා කොහේද හිටියේ?

:       33       27

Bamunuarachchi Tuesday, 20 February 2024 09:30 AM

ඌරු මීයන්ද කොස් ඇට මීයන්ද කීවොත් වඩාත් පැහැදිලි. අපි දකින්නේ කොස් ඇට මීයෝ වෙනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site