IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා හෙට සිට

කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5128 දෙනකු තරග වදින 28 වැනි සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල හෙට (9) බෙලිඅත්ත ඞී.ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගංනයේ දී ආරම්භ වේ. කී‍්‍රඩා උලෙළ ලබන සෙනසුරාදා (13) දක්වා එහි දී පැවැත්වේ. වයස 15න් පහළ, 17න් පහළ, 19න් පහළ හා 21න් පහළ බාලක හා බාලිකා  මලල කී‍්‍රඩා ඉසව් 437ක් එම දිනවල දී පැවැත්වීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශය වසරේ මෙහෙයවන ප‍්‍රධානතම පාසල් කී‍්‍රඩා උළෙල සඳහා මෙවරත් රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් වැය කෙරෙන බවත් ඒ සඳහා පෞද්ගලික අනුග‍්‍රාහකයන් සොයා ගැනීමට අධ්‍යාපනන අමාත්‍යාංශය දැරූ උත්සාහය  අසාර්ථක වුවත් ”තරුණ්‍යයට හෙටක්” සංවිධානය මෙවර කී‍්‍රඩා උළෙලට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව ඉසුරුපායේ දී පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ”තාරුණ්‍යයට හෙටක්” සංවිධානය ඒ සඳහා සහයෝගය දක්වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරාධනාවෙන් බවත් ”ලංකාදීප”ය කළ විමසුමක දී ඇමැතිවරයා පැවසීය. 1984 සිට ආරම්භ වූ ජාතික පාසල් කී‍්‍රඩා උළෙල වසර 2007 සිට සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල යනුවෙන් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය  තීරණය කළේය. කී‍්‍රඩා උළෙල සඳහා බෙලිඅත්තට ළඟාවන කී‍්‍රඩක  කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් සඳහා නගරය හා අවට පාසල් නවයක් වෙන් කර ඇතැයි මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (කී‍්‍රඩා හා ශරීරික කි‍්‍රයාකරකම්) රෝහණ කරුණාරත්න මහතා පැවසීය. සමාරම්භක උත්සවය හෙට පෙරවරු 8.30ට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ හා තරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ. සමාප්ති උත්සවය ලබන සෙනසුරාදා (13) පස්වරු 3 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙවර කී‍්‍රඩා උළෙලට සහභාගි වන  සිසු සිසුවියන් වෙනුවෙන් අදාළ දිනවල හම්බන්තොට ප‍්‍රදේශයේ විනෝද චාරිකා සංවිධානය කර තිබේ. වයස 17න් පහළ හා 19න් පහළ වොලිබෝල් හා දැල්පන්දු බාලක හා බාලිකා ඉසව් ගෘහස්ථ කී‍්‍රඩාංගණවල මේ වසරේ සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙවර කී‍්‍රඩා උළෙලට සබරගමුවෙන් වැඩිම කී‍්‍රඩකයෝ පිරිසක්ද (330), ඌව පළාතෙන් වැඩිම කී‍්‍රඩිකාවෝ පිරිසක් (289) සහභාගි වෙති. වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් මෙවරත් කී‍්‍රඩා උළෙලට සහභාගි වන්නේ බස්නාහිරෙනි. එය ගණනින් 612කි. දෙවනුව ඌව පළාතෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 601ක් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙති. කී‍්‍රඩා ඉසව් 25 ක් මෙවර කී‍්‍රඩා උළෙලට ඇතුළත්වූ අතර බස්නාහිර පළාත්  පාසල් 302 කින් මෙවර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඒ සඳහා ඉදිරිපත් කර තිබේ. දකුණු පළාතෙන් දෙවනුව වැඩිම පාසල් ගණනක් තරගාවලියට සහභාගි වන අතර එය ගණනින් 293කි. උතුරු පළාතෙන් මෙවර කී‍්‍රඩා උළෙලට පාසල් 143ක  සහභාගිත්වයක් සනාථ කළේය.



අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා හෙට සිට

යොහාන් Monday, 08 October 2012 04:58 PM

ඊයේ තරගයෙන් පස්සේ කොයි ක්‍රීඩාවත් එපා වුණා. (නි)

:       0       0

තරිදු Monday, 08 October 2012 01:48 PM

කාගෙන් රුහුණ බේරගන්නද දන්නේ නැහැ නේද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණි Monday, 08 October 2012 06:44 PM

ඔලිම්පික් පදක්කමක් කර යාහැකි එක දරුවෙක් ඔතනින් බිහිවුණොත් ඇති. (නි)

:       0       0

හිල්මි Monday, 08 October 2012 07:34 PM

සුභ පැතුම් මගේ සහෝදර සහෝදරවරුනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site